Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යාපනයේ සිදුවීමක් නොවේ, ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවීමකි!

    2020-08-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කු

    කුඩා දරුවන් විවිධ ආගමික පුද පුජා සඳහා යොදා ගැනීම ඇතැම් සංස්කෘති තුළ වර්තමානයේ පවා කලාතුරකින් අසන්නට ලැබෙනවා. Dimo Ranasinghe නමැති ෆේස්බුක් ගිණුමකින් “යාපනේ ආගමික උත්සවයක්…” යන තේමාව යටතේ හුවමාරු කරගෙන තිබු සටහනක දක්වා තිබුනේ ආගමික පුජාවකට යොදාගෙන තිබු කුඩා දරුවන් දෙදෙනෙකු වේදනාවෙන් අඬාවැටෙමින් සිටි ඡායාරුප සටහනකි.

    LinkArchived Link

    මෙවැනි පුද පුජා වලට හිංසාකාරී අයුරින් කුඩා දරුවන් යොදා ගැනීම හෙළාදකිමින් බොහෝ දෙනා ප්‍රතිචාර සටහන් පළකර තිබු අතර මෙම සිද්ධිය ලංකාවේ සිදුවීමක්ද යන්න ප්‍රශ්න කර තිබු අතර ඉන්දියාවේ සිදුවීමක් බවට ප්‍රතිචාර සටහන් කිහිපයක්ම පළකර තිබෙනු ද දැකගන්නට හැකිවිය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිලිබඳ තොරතුරු සොයා බැලීමට අප අදාළ ඡායාරුපය Reverse Image සෙවුමකට යොමු කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙය ලංකාවේ සිදුවූ සිද්ධියක් නොවන බවත් ඉන්දියාවේ චෙන්නායි නුවර පුලියන්තොප්පු ප්‍රදේශයේ 2018 වසරේදී සිදුවූ සිදුවීමක් බවයි.

    Google Translated Version 

    එම විස්තරය වෙනත් ඉන්දියාවේ වෙබ් අඩවි රැසක්ම මෙසේ පලවී තිබෙනු ද දැක ගණනට ලැබුණි

    https://www.facebook.com/patrikaidotcom/posts/1870316786596778?__cft__[0]=AZU6D1VxRzOoL86RX2Il1PImUnhHZ0laGRIKqC6fAHW5oGK91_ABl4HX0M4OM3Vej8kg1xOEnVttRDl7do0201pO2V4i8mUCRNowyzvS_bDgum_W4wUjfr7ibOlixWb2-P3peWk9OCS6zJ7GZ3QPl8DHiPipIh6OnXa2fV-05yIUoA&__tn__=%2CO%2CP-R

    කෙසේ වෙතත් කුඩා ළමුන් යොදාගනිමින් මෙවැනි පුජා කිරීමේ සිද්ධීන් අදටත් ඉන්දියාවෙන් වාර්තා වෙනු දක්ගනන්ට ලැබෙන අතර ලංකාවේද ඇතැම් පුද පුජා වලට කුඩා ළමුන් යොදා ගන්නා බව දැකගනන්ට ලැබෙනවා

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපට පෙනී යන්නේ කුඩා ළමුන් යොදාගනිමින් මෙවැනි හිංසන ක්‍රියා කලාපයන් හෙළා දැකීමේ සිද්ධි හෙළා දැක්වීමේ අරමුණින් පලකළ සටහනක් බව මෙය පෙනී යන අතර මේ සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර 2018 වසරේ සිදුවූ සිදුවීමක් යොදාගෙන ඇති බව පැහැදිලිය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.