Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: චෛත්‍යක අනුරුවක් කපා උත්සවයක් සැමරූ අවස්ථාවක් ද?

    2020-09-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලාංකිකයන් තුළ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමට විවිධ පාර්ශවයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති පතුරවමින්, තැත් කළ අවස්ථා පසුගිය දිනවල දක්නට ලැබුණි. මින් පෙර බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙම අවස්ථාවද නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය වුණා “චෛත්‍

    ලාංකිකයන් තුළ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමට විවිධ පාර්ශවයන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති පතුරවමින්, තැත් කළ අවස්ථා පසුගිය දිනවල දක්නට ලැබුණි. මින් පෙර බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙම අවස්ථාවද නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බව අපට අනාවරණය වුණා

    “චෛත්‍යක් කේක් එකට.. මේ උත්සව සැමරීම කතෝලික ඔබ පිළිගන්නවාද” සහ “චෛත්‍ය කපා එදත් අදත් උත්සව සැමරීම” යනාදී තේමාවන්ගෙන් කතෝලක පියතුමකු චෛත්‍යක ආකාරයෙන් සාදා තිබු කේක් එකක් කපන සේයාරුවක් “සිංහල කෙල්ල” සහ “රංගදමිත් සිංහලජාතිකවාධී” ඇතුළු ෆේස්බුක් පිටු කිහිපයකම දක්නට ලැබුණේය. 

    LinkArchived Link
    LinkArchived Link
    LinkArchived Link

    ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර බොහොමයක් මෙසේ අසත්‍ය ප්‍රචාරය කරමින් ආගමික සංහිදියාව නොබිඳෙන ලෙස ඉල්ලා සිටි බැවින්, මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත සඳහන් ෆේස්බුක් පිටුවල අන්තර්ගත ඡායාරූපය පිළිබඳව කරුණු සොයා ගැනීමට එම ඡායාරූපය පිලිබඳ විමර්ෂණයේදී  Kammala youth society නැමැති ෆේස්බුක් පිටුවක සටහන් කර තිබු “යමක් පළ කිරිමේදී එය ගැන දැනුමක් ඇතිව පල කරනවා නම් කැමැත්තෙමු. අප සියලු දෙනා ආගම් අතර සහජිවනයේන් කටයුතු කරනවා නම් මේ රට තවත් ලස්සන වේයි. මෙය දේව මැනියන්ගේ උපන්දිනය වෙනුවෙන් දාපු කේක් එකක් .මෙය චෛත්‍යයක් නොවන බව දන්වා සිටිනවා. අපි හැම ආගමකටම ගරු කරන බවත් කිසිදු ආගමකටම අපහස වන ආකාරයේන් වැඩ නොකරන බවද කියන්න කැමැත්තෙමු. බොරු ප්‍රචාර කිරිමෙන් වලකින්න කියාද ඉල්ලා සිටිනවා. ජේසු පිහිටයි.” සටහන වෙත අවධානය යොමු විය. 

    https://www.facebook.com/permalink.php?story_fbid=3151850054942303&id=1492530144207644&__xts__%5B0%5D=68.ARCfcqs-UpeHmC1UZ_4fntQ_SpgSJY_9wl9ln1bWJ4FgTcn8Zt2xS5wet0C35GwzDE5qkQhBeIWJ1mBHJRZr5ndFUCzagC6GOy-Jejcmj_gbPrfdAddHDI8jtGBEAiLAUYBA0vSODPZh209wQ_iTotV4lTrpnT4zNDN_3I9b0YUVNM_K-TDw5ljwTPnRNN6ZMCrxSQrPTY-iynTzKDiCTKlDGwy_qE3bBO5E1qnaYei7qotnBudyTYIPzOK3wljn43sZcqKl1CjfqeB9fB7-lORpahyOPJXRSw7wKQj6dqJOjmtSoZ7GXLaAPlDFdfS1DTNEzscnGfljabQEG461F2MgkbZf&__tn__=-R
    LinkArchived Link

    අප එම සමිතියේ සභාපති වූ විසල් ප්‍රනාන්දු නැමැත්තෙක් සමග සම්බන්ධවී මේ පිලිබඳ වැඩිදුර තොරතුරු විමසුවෙමු. පසුගිය සැප්තැම්බර් 8 වැනිදා මරිය මතාවගේ උපන්දිනය සැමරීමට, බෝලවලාන මීසමේ කම්මල ශාන්ත ඔදලියා දේවස්ථානයේ පැවති දේව මෙහෙයට, බැතිමතුන් විසින් නොයෙකුත් කැවිලි රැගෙන පැමිණි බවත්, විවිධ හැඩයේ කේක් කිහිපයක්ම ලැබුණු අතර මරිය මාතාව සිටි මෙම කේක් එක මීසම අධිපති පියතුමා කැපු බවත් පැවසීය. මෙය සාමාන්‍ය ගෝලාකාර හැඩතලයකින් නිර්මාණය කර තිබුණු අතර කිසිවිටෙකත් චෛත්‍යක අනුරුවක් නොවූ බවත් කිසිම ආගමකට ගැරහීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසීය.ඔහු අපට ලබා දුන් ඡායාරූප කිහිපයක් පහත ඇත.

    එම ෆේස්බුක් පිටුවේ පලවී ඇති ඡායාරුප පරීක්ෂා කිරීමේදී ද මෙම අවස්ථාවට අදාළ ඡායාරුප පියතුමා විසින් කේක් එකක් කපන ඡායාරුපය ඇතුළු සේයාරූ රැසක්ම පලවී තිබෙන අයුරු දැකගන්නට හැකිවුයේ පහත අයුරින් 

    වැඩිදුරටත් කරුණු සනාථ කර ගැනීමට අප බෝලවලාන මීසමේ පාලක පියතුමා සමඟ සම්බන්ධ වූයෙමු. එතුමන් ද අපට පවසා සිටියේ මරිය මාතාවන්ගේ උපන්දිනය සමරමින් කම්මල ශාන්ත ඔදලියා දේවස්ථානයේ පැවති දේවමෙහෙයට සහභාගි වූ බැතිමතුන්ට සංග්‍රහ කිරීමට කේක් කීපයක් ලැබුණු බවත්, ගෝලාකාර හැඩතලයකින් යුක්ත වූ ඉන් එක් කේක් ගෙඩියක් එහි තිබූ බවත් එය එය චෛත්‍යයක ආකෘතියකට නිර්මාණය වී නොතිබුණු බවත්ය. මරියතුමියගේ වර්ණයන් වන නිල් සහ සුදු පැහැයෙන් එය නිමවා තිබූ බවත් එහි මරියතුමියට සුභ උපන්දිනයක් යනුවෙන් සටහන් කර තිබු බවත් එතුමා අපට පැවසීය.

    මේ පිලිබඳ පළවී තිබු තවත් සටහනක් පහතින්

    https://www.facebook.com/passionofchris/posts/4526842767357645?__xts__%5B0%5D=68.ARCLoCcA4owJD_hLu3FMOXqQXvsCnRN4zK6-Nbt5q7_v3XhSNLqP8rn0o4ENcOYsOEyuKvMDF2m-Jhi7FHOjWk07lPLsUM0XiDCo9fDecR7KOO-J8N_T-6016AREJjJwKuKspoywQpBurmypqs7QPRVfkS5niMA0KMiy8SLpQCBhOwJAUIxtNBePqnYQ8BfmgOg25vwpfVZ0iLO3_Inhv_xaNS81xNbFk_GBBN2ny_PosaBFVmVCpTG-X9bi79TWHdQr92K3F4psGDBTAQJh7pW4nZbHufZaOhwd44uwQ9S2KI31eMkZ0WiJzezHBYxA4SUnzft6K0snyVTAJG3SqvW1946H&__tn__=-R

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මරිය මව්තුමියගේ උපන්දිනය සමරමින් ගෝලාකාර හැඩතලයකින්, නිල් සහ සුදු වර්ණ සහිත කේක් එකක් කතෝලික පියතුමකු විසින් කපන සේයාරුවක ට වැරදි අර්ථකතනයක් ලබා දී ඇති බවයි

    එබැවින් බුදු දහමට නිගා දෙන අයුරින් කතෝලික පියතුමකු විසින් චෛත්‍යයක ආකාරයෙන් නිමවූ වූ කේක් ගෙඩියක් කපා උත්සවයක් සමරන බවට ෆේස්බුක් ජාලයේ පළවූ වූ සියළුම සටහන් නොමඟ යවන සුළු අසත්‍යය සටහන් බවට නිගමනය කරමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.