Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

    2020-02-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. මෙවන් වාතාවර

    මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී.

    මෙවන් වාතාවරණයක් තුල “මෙහෙමත්.ආදරයක් කටද දෙන්න පුලුවන්” – තමා එල්ලා මැරීමට නියමිතවී ඇති අවස්ථාවේ ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට දරන සංවේදී උත්සාහයක්. වැරදිකරුවෙක්  උනත් ඒ තමයි තාත්තා” යනුවෙන් සදහන් සංවේදී ඡායාරූප සහිතව සටහන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් තිබේ.

    Facebook LinkArchived Link

    ඉහත තේමාව යටතේම Adaraniya Thaththa නමැති ෆේස්බුක් පිටුවක හුවමාරු වූ තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් සම්බන්ධයෙන් අපි Google Reverse Image සෙවුමක් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ  මෙහි සිටින පුද්ගලයා Majid Kavousifar නම් ඉරාන ජාතිකයකු බවයි.

    එම පුද්ගලයා සම්බන්ධයෙන් අප තවදුරටත් සොයා බැලීමක් සිදු  කළෙමු. එහිදී පැහැදිලි වුයේ Majid Kavousifar සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු වන Hossein Kavoosifar  යන දෙදෙනා, විනිසුරුවරයෙකු ඝාතනය කිරීම හේතු කොටගෙන 2007 වසරේ අගෝස්තු මස 2 වන දින ටෙහෙරානයේදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දමන ලද බවයි. 

    Reuters ReportDaily Mail

    අප මෙම පුද්ගලයා ඡායාරූපයේ පරිදි  අත වනමින් සිටින්නේ ඔහුගේ දියනියට දැයි සොයාබැලීමට Google News හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක  Majid Kavousifar ගේ දියනියක් සම්බන්ධයෙන් පුවතක් පළකර නොමැති බවයි.

    කුඩා දැරිය සහිත ඡායාරූපය Google Reverse Image සෙවුමකින් සොයාගැනීමට සමත්වීමු. එය ලබාගත් රොයිටර් ඡායාරූපය ශිල්පියාගේ සටහනට අනුව එහි සිටින්නේ ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම නැරඹීමට පැමිණ සිටින ගැහැණු ළමයෙකු බව Adobe සමාගම මඟින් පලකර තිබුනේ මෙලෙසිනි.

    Link

    අප මෙමෙ පුද්ගලයා ඡායාරූපයේ පරිදි  අත වනමින් සිටින්නේ කවරෙකු වෙතද යන්න සොයාබැලීමක් සිදුකලෙමු. එහිදී පැහැදිලිවුයේ ඔහු එසේ අත්වනන්නේ තම  බෑණා සහ ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම නැරඹීට පැමිණ සිටි ජනතාව වෙත බවයි. ඒ බව සදහන් BBC සහ ARABNEWS වාර්තා පහතින්.

    BBC Link
    Arab News

    එහි මුල් ඡයාරුපයේද එම තොරතුරු මෙසේ දක්වා තිබුණි.

    AFP සත්‍ය කරුණු ගවේෂක කණ්ඩායමක් මඟින් මේ පිලිබඳ විමර්ශනයක් මීට පෙර සිදුකර තිබුණි.

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “එල්ලා මැරීමට නියමිතවී ඇති පියකු, ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට දරන සංවෙදී උත්සහයක්” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් පාඨකයා නොමඟ යවන සුළු පුවත් බවයි.

    ඡායාරූපයේ සිටින්නේ මරණීය දණ්ඩනය සඳහා නියමිත වූ පුද්ගලයන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම නැරඹීමට පැමිණ සිටි ගැහැණු ළමයකු බවත්, Majid Kavousifar නම් මෙම පුද්ගලයා අත්වනන්නේ මරණීය දණ්ඩනය සඳහා නියමිත තම ඥාති සහෝදරයා සහ එල්ලා මරා දැමීම නැරඹීමට පැමිණ සිටි ජනතාව වෙත බව තහවුරු විය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.