Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලොව වැඩියෙන්ම අඳුරු වර්ණ සම පිලිබඳ පිලිබඳ ගිනස් වාර්තාවක් නැත!

    2020-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව මවිත කරවන ලෝක වාර්තා සහ ගිනස් පොතට එකතුවූ සුවිශේෂී කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පළවන වන තොරතුරු බොහෝ දෙනා හුවමාරු කරගන්නේ දැනුම් පොතට අලුත් යමක් එකතු කර ගැනීමේ අරමුණින්. කෙසේවෙතත් මෙසේ හුවමාරු වන සටහන් අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද අපට විටින්

    ලොව මවිත කරවන ලෝක වාර්තා සහ ගිනස් පොතට එකතුවූ සුවිශේෂී කාරණා පිළිබඳව සමාජ මාධ්‍ය හරහා පළවන වන තොරතුරු බොහෝ දෙනා හුවමාරු කරගන්නේ දැනුම් පොතට අලුත් යමක් එකතු කර ගැනීමේ අරමුණින්. කෙසේවෙතත් මෙසේ හුවමාරු වන සටහන් අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද අපට විටින් විට හමුවෙයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    ලොව අඳුරුතම සමට හිමිකම් පෑම හේතුවෙන් හිනස් පොතට එක්වූ නිරුපිකාවක් පිලිබඳ කරුණු දක්වමින් පළවූ සටහනක සඳහන් වුයේ “ගිනස් පොතට එකතු වූ ලොව වැඩියෙන්ම අදුරු සමේ වර්ණය ඇති සුඩාන නිරූපිකාව 😍” යයනුවෙන්. එම සටහනට බොහෝ දෙනා ප්‍රතිචාර දක්වමින් මෙම වාර්තාව යටතේ ගිනස් පොතට එකතු වීම පිලිබඳ අදහස් පළකර තිබුණි

    Archived Link | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඡායාරූපයේ දැක්වෙන කාන්තාවගේ සේයාරුව Google Reverse Image සෙවුමකට ලක් කල විට ඉහත ප්‍රකාශය පිලිබඳ සිදුකරන ලද සත්‍ය කරුණු විමර්ශන ඇතුළු සටහන් රැසක් හමුවූ අතර ඡායාරූපයේ දැක්වෙන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති ඇමරිකානු නිරූපණ ශිල්පිනියක වන නියාකිම් ගැට්වෙක් (Nyakim Gatwech) බව පැහැදිලි විය.

    ස්වභාවික අඳුරු වර්ණයක් සහිත සමකට හිමිකම් කියන මෙම නිරූපණ ශිල්පිනිය, සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ  “Queen Of The Dark” (අඳුරේ රැජින) යන නමින්.  ලක්ෂ 9කට වඩා රසික රසිකාවියන් සහිත ඇගේ Instagram ගිණුමේ 2019 ජනවාරි මස පළකරන ලද ඡායාරුපයක් මෙසේ “ගිනස් පොතට එකතු වූ ලොව වැඩියෙන්ම අදුරු සමේ වර්ණය ඇති සුඩාන නිරූපිකාව” යන තේමාව යටතේ හුවමාරු කර ගෙන තිබුණි. අදටද ඇගේ ප්‍රෝෆයිලයේ ප්‍රධාන ඡායාරුපය ලෙස යොදාගෙන තිබෙන්නේ එම සේයාරුවයි.

    View this post on Instagram

    A post shared by Nyakim Gatwech (@queennyakimofficial)

    නියාකිම් ගැට්වෙක් පිලිබඳ අන්තර්ජාලයේ පලවී ඇති විස්තරයේ ගිනස් ලෝක වාර්තාවකට හිමිකමක් පිලිබඳ සඳහන් නොවූ බැවින් මෙවැනි ගිනස් වාර්තා කණ්ඩයක් තිබේ දැයි විමර්ශනය කල විට අපට එවැන්නක් දැක ගන්නට නොලැබුණි.

    එසේම මීට මාස කිහිපයකට පෙර මෙවැනි සටහන් රැසක් හුවමාරු වූ බැවින් ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් නිකුත් කර ට්විටර් පනිවුඩයක පැහැදිලි කර තිබුනේ සිය ආයතනය විසින් සමේ පැහැය (skin tone) නිර්ණය කරන්නේ නොමැති බවයි. එම සටහන මෙතනින්

    එම ට්විටර් පණිවුඩයට ලබාදුන් එක් ප්‍රතිචාරයක නියාකිම් ගැට්වෙක් (Nyakim Gatwech) නිරූපණ ශිල්පිනිය සමඟ සිදුකල සංවාදයක් ද දක්වා තිබු අතර එහි ද පවසා තිබුනේ ද මෙවැනි වාර්තාවක් සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා පිලිබඳ ආයතනය තමාව හෝ තම කණ්ඩායමේ කිසිවෙකුත් සම්බන්ධ කර නොමැති බවයි. එම ප්‍රතිචාරය මෙතනින්

    ඇය සුඩානයේ සිට ඇමරිකාවට පැමිණි පසු කුඩා කල බොහෝ වශයෙන් සමේ තද අඳුරු පැහැය පිලිබඳ උපහාසයට ලක්වුවද එම තත්වයෙන් මිදී නිරූපණ ශිල්පිනියක් වශෙයන් විශාල ප්‍රසිද්ධියක් ලබාගැනීමට නියාකිම් මේ වන විට සමත් වී තිබෙනවා. ඇය පිලිබඳ කෙටි වීඩියෝවක් පහතින්

    ගිනස් වාර්තා පිලිබඳ මීට පෙර පළවූ වසර 40කත වරක් පිපෙන පුෂ්පයක් පිලිබඳ අප සිදුකල අනාවරණයක් මෙතනින්.

    Read in English: This Model In The Photograph Has NOT Entered The Guinness Book Of World Records For Having The Darkest Skin Tone!

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ගිනස් ලෝක වාර්තා සංවිධානය විසින් මේ වන තෙක් සමේ පැහැය (skin tone) පිලිබඳ වාර්තාවක් ඇතුලත් කර නොමැති බැවින් නියාකිම් ගැට්වෙක් (Nyakim Gatwech) නිරූපණ ශිල්පිනිය අලලා පළවූ “ගිනස් පොතට එකතු වූ ලොව වැඩියෙන්ම අදුරු සමේ වර්ණය ඇති සුඩාන නිරූපිකාව 😍” යන තේමාව යටතේ හුවමාරු වූ සටහන් සාවද්‍ය  බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.