Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නෙතුලි නම් දැරියකට ජීවත්වීමට ආශිර්වාද කරන ලෙසට පළවූ ව්‍යාජ සටහනක්!

    2020-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස ම

    ඇතැම් සෞඛ්‍ය ගැටළු මුල් කර ගනිමින් විවිධ පුද්ගලයන් පත්ව ඇති අපහසුතාවයන් පිලිබඳව තොරතුරු මුහුනු පොතේ නිතර හුවමාරු වන බව අපට දැකිය හැකියි. ඇතැම් මෙම සටහන් සත්‍ය වශයෙන්ම ශල්‍යකර්ම වැනි කටයුතු සඳහා අරමුදල් එකතු කිරීමේ අරමුණින් වන අතර ඇතැම් පිරිස් ව්‍යාජ ලෙස මිනිසුන් රවටා මුදල් එකතු කිරීමේ අරමුනෙන්ද එවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරනු දක්නට ලැබේ. එමෙන්ම ඇතැම් අය සෞඛ්‍ය ගැටලු වලින් මිදීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද එම තොරතුරු මුහුනුපොතට එකතු කරනු ලබයි.එලෙස එකතු කරන තොරතුරක් පිලිබඳව අපගේ අවධානය යොමු උනා. 

    Maheshika Dilrukshi නමැති අයෙක් සෙනෙහෙ කොදෙව්ව නම් ෆේස්බුක් එකමුතුවක පල කල අදහසක දැක්වුනේ වෛද්‍ය මතය අනුව ජීවත්වීමේ සම්භාවිතාව 50%ක් බවට ප්‍රකාශ කර තිබු නුවරඑළියේ 24 හැවිරිදි නෙතුලි නම් තරුනියක් ජිවිතය ‍රැකගැනීම වෙනුවෙන් ආශිර්වාද ලබා දෙන ලෙස කල ඉල්ලීමක් යනුවෙන්. එම සටහන පහතින්.

    Original PostArchived Post

    සැබැවින්ම මෙම සටහනේ දැක්වෙන පරිදි එම සටහනේ ඡායාරූපයේ සිටිනා කාන්තාව පිලිබඳව සහ මෙම තොරතුරේ සත්‍යතාවය පිලිබඳව අප වැඩිදුරටත් සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    අපගේ කරුනු සොයා බැලීමට අනුව මූලිකව මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ සිදු වුවක් නොවන බව අප තහවුරු කර ගත්තා. Yasmin Sartori නම් වූ මෙම පින්තූරයේ පෙනී සිටින දැරිය බ්‍රසීලයේ ඉපදුනු අයෙකි. Osteosarcoma tumor නම් පිළිකා තත්වය හේතුවෙන් 2016 වසරේදී පීඩාවට පත්වන ඇය එම රෝගී තත්වය හේතුවෙන් හිසකෙස් ගැලවී යාම, නිතතරන්තර ඔක්කාර ගතිය, බර අසාමාන්‍ය ලෙස අඩු වීම වැනි රෝග ලක්ශන වලටද ගොදුරු වී ඇත.ඇයගේ මෙම රෝගී තත්වය හේතුවෙන් බෙහෙත් සහ ආහාර වෙනුවෙන් විශාල වියදමක් ගොස් ඇති අතර මෙම කටයුතු සඳහා උපකාර අපේක්ශාවේන් ඇය වෙනුවෙන් ෆේස්බුක් පි‍ටුවක් ද නිර්මානය කර තිබෙනවා. මේ ඇය වෙනුවෙන් එහිපලකරන ලද ඉහත හුවමාරු වූ ඡායාරුපය සහිත සටහනක් මෙලෙසින්. තවත් වීඩියෝවක් මෙලෙසින් 

    එමෙන්ම ඇය වෙනුවෙන් ඉන්ස්ටග්‍රැම් හි ” #todospelayasmin” හැශ් ටැග් බාවිතයෙන් ඇයගේ මෙම කටයුතු වෙනුවෙන් ප්‍රචාරනයක් ලබා දී තිබුනා. තවදුරටත් අයගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී අපට දක්ගනන්ට ලැබුනේ රසායනික චිකිත්සක ප්‍රතිකාර (chemotherapy) වලින් අනතුරුව 2019 වසර අග, තමා පිළිකාවෙන් ජයග්‍රහණය කල බවට සටහනක් මෙසේ පළකර තිබු බවයි. එසේම පසුගිය මාර්තු මාසයේ සිට ඇය තම පෙම්වතා සමඟ ඉතා සතුටින් සිටින බවට මෙවැනි සටහන් ද අපට දක්ගනට ලැබුනා.

    විශේෂයෙන්ම ඇයගේ පැවති රෝගී තත්වය හේතුවෙන් උගුර සහ මුඛය අතර කොටසේ විශාල ඉදිමුමක් ද එමගින් ඇතිවන විශාල වේදනාවක් ද ඇති ව තිබූ බව සඳහන් මෙම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබුනා. එම සවිස්තරාතමක් වාර්තාවේ තවදුරටත් සඳහන් කර තිබුනේ ඇයගේ වයස 2017 වසරේදී අවුරුදු 15ක් වූ බවයි.

    Conclusion (නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී “සෙනෙහෙ කොදෙව්ව” නම් ෆේස්බුක් සමූහයේ පලව තිබු නෙතුලි නම් නුවරඑළියේ දැරියක්  ජිවත්වීම වෙනුවෙන් ශක්තිය ඉල්ලා පල කර තිබු සටහන පාඨකයින් මුලා කරන ව්‍යාජ සටහනක් බව තහවුරු විය.මෙම ඡායාරූපයේ සිටින්නේ බ්‍රසීල ජාතික දැරියක් වන අතර 2016 වසරේදී පිළිකා රෝගියෙකු ලෙස හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබාගත් අවස්ථාවේ ලබාගත් ඡායාරූපයකි. මේ වන විට ඇය සම්පුර්ණ සුවය ලබා ඇත

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.