Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයා සමඟ පැමිණි අවස්ථාවක් ද? (VIDEO)

    2020-08-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා. මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව

    බහරේන් රජු සිය රොබෝ ආරක්ෂකයෙකු සමඟ ඩුබායි වෙත පැමිණි බව හඟවමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වන බව අපට දැකගත හැකි උනා.

    මෙම පෝස්‍ටුව තුලින් දක්වා තිබුනේ “බහරේන් රජු ඩුබායි වෙත පැමිණෙන්නේ ඔහුගේ රොබෝ බොඩිගාඩ් සමග.. 360° කැමරා සහ ආරක්ෂිත අවි වලින් සන්නද්ධව තාක්ෂණය වෙන කවරදාටත් වඩා වේගයෙන් ගමන් කරයි. දැන් දේශපාලකයින්ටද මෙය ඇණවුම් කළ හැකිය” ලෙසයි.

    Original LinkArchived Link
    Original LinkArchived Link

    එසේම මෙම වීඩියෝ පටය ට්විටර් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය ජාල වලද බොහෝ වශයෙන් හුවමාරු වෙනු දැකගන්නට ලැබුණු අතර ලොව වටා හුවමාරු වී තිබෙනුද දක්ගනන්ට ලැබුනා

    තාක්ෂණික වශයෙන් ඉතා දියුණු මෙවලම් බිහිවීම සුලභ දෙයක් වුවද මෙසේ රොබෝවක් පුද්ගලික ආරක්ෂකයෙකු ලෙස යොදා ගැනිම කෙතරම් ප්‍රායෝගිකද යන්න ගැටලුවක් බැවින් මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳව තොරතුරු හොයා බැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම කරුනේ සත්‍යතාවය පරීක්ශා කිරීමේදී මෙම වීඩියෝ පටයේ කාපට් එකෙහි ලියා ඇති “ETIMAD” වචනය දෙස අප වැඩියෙන් අවදානය යොමු කලා. Google ඔස්සේ මෙම වචනය පරික්ෂා කළ විට යූටූබ් හි මෙම දර්ශන පෙළම ඇතුළත් වෙනත් වීඩියෝ පටයක් අපට සොයා ගැනීමට හැකි උනා.

    එම වීඩියෝව 2019 වසරේ පෙබරවාරි  මස පල කරන ලද්දක්.

    එම යූටූබ් වීඩියෝ පටයට අනුව මෙය ඇත්ත වශයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවති ආරක්ශක ප්‍රදර්ශනයක් බවට අපට තහවුරු කර ගැනීමට හැකියාව ලැබුනා. IDEX නමින් හැඳින්වෙන ආරක්ශක ප්‍රදර්ශනයක් සඳහා මේ රොබෝ වරයා යොදාගෙන තිබූ බවයි අපට මෙහිදී තහවුරු වුනේ.

    වැඩිදුරටත් තොරතුරු සෙවීමේදී  2019 වසරේ පෙබරවාරි 19 වන දින පළකරන ලද කලීජ් ටයිම්ස් පුවත්පතේ ප්‍රවෘත්ති වාර්තාවකට අපගේ අවදානය යොමු උනා. එයට අනුව “ටයිටන්” නම් රෝබෝවක් මෙහි දැක්වෙනවා. ටයිටන් යනු  විනෝදාස්වාද සපයන රොබෝ සංකල්පයක් වන අතර ලොව පුරා සමාගම් විසින් උත්සව, ආයතනික සාද , සාප්පු සංකීර්ණ යනාදියේ විනෝදාස්වාදය සඳහා විශේෂිත යමක් එකතු කිරීමට මෙම රොබෝව භාවිතා කර තිබෙනවා.

    Link

    අන්තර්ජාතික සිනමා වලදී මෙන්ම ගීත රූප රචනා සඳහාද ටයිටන් රොබෝ යොදාගෙන තිබෙන අතර ලොව පලමු විනොදාස්වාද රොබෝවරයා ලෙසිනුයි ටයිටන් හැඳින්වෙන්නේ.

    මෙම ටයිටන් රොබෝවරයා අඩි අටක් උස වන අතර කිලෝග්‍රම් 60ක බරකින් යුක්තයි. IDEX ප්‍රදර්ශන්ය වෙනුවෙන් අබුඩාබි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී 2019 පෙබරවාරි 21 වනදා සිට දවස් 5 ක් ටයිටන් රොබෝ වරයා එන අමුත්තන්ට ආචාර කරමින් පිළි ගෙන තිබෙනවා. අබුඩාබි හි 2018 වසරේ මාර්තු වලදී ද ටයිටන් රොබෝ පෙනී සිට ඇති අතර මෙසේ විවිධ උත්සව අවස්ථා සඳහා ටයිටන් රොබෝ යොදා ගනු ලබනවා.

    වැඩිදුර තොරතුරු සඳහා ටයිටන් පිලිබඳව තොරතුරු ඇතුලත් විකිපීඩියා පි‍ටුව මෙතනින්

    මෙම වීඩියෝවේ සැබවින්ම සිටින්නේ බහරේන් රජු ද?

    තව ද මෙම වීඩියෝ පටයේ සැබැවින්ම බහරේන් හි රජු පෙනී සිටිනවාද යන්න පිලිබඳවද අප කරුණු සොයා බැලුවා. බහරේන්හි රජු වන හමාඩ් බින් ඊසා අල් කලීෆා ගේ ඡායාරුපයක් සමග වීඩියෝ පටයේ සිටින පුද්ගලයාගේ රූපය සංසංදනය කිරීමට අප කටයුතු කල අතර කිසිම විටෙක එම ඡායාරුප දෙක සමාන නොවන බවයි අපට වැටහුනේ. එම සංසන්දය පහතින්.

    මෙවැනිම සටහන් ඉන්දියාවේද හුවමාරු වූ අතර අප මව් ආයතනය විසින් ඒ පිලිබඳ ඉංග්‍රීසි බසින් මීට දින කිහිපයකට පෙර සිදුකල විමර්ෂණය මෙලෙසින්.

    Conclusion (නිගමනය)

    ඉහත කරුනු වලට අනුව අපට තහවුරු වන්නේ මෙම වීඩියෝවේ පෙනී සිටින්නේ බහරේන් රටේ රජුගේ ආරක්ශක රොබෝවරයෙකු නොවන බවයි.මෙහි දැක්වෙන රොබෝ වරයා බ්‍රිතාන්‍ය සමාගමක් විනොදාස්වාදය සැපයීම වෙනුවෙන් නිර්මානය කරන ලද රොබෝ වරයෙක් බවට අපට තහවුරු කල හැකියි. එසේම මෙම වීඩියෝවේ සිටින්නේ බහරේන්හි රජතුමා ද නොවේ. ඉහත සිදිධිය 2019 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවති ආරක්ශක ප්‍රදර්ශනයක් අතරතුරදී ලබාගත් වීඩියෝවකි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.