Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Kist සෝස් වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික බවට උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන

    දේශපාලකයින් අලලා විවිධ පැරණි ඡායාරුප සටහන් කිහිපයක් ම පිළිබඳව අප පසුගිය සතිවල ද සත්‍ය කරුණු විමර්ෂණ කිහිපයක්ම සිදු කළා. ඒ අයුරුන්ම හුවමාරු වී තිබු සටහනක “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන වදන් පෙළත් සමඟ දක්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එම වෙළඳ දැන්වීමේ සිටි කුඩා දරුවා බවයි. ඉතා කෙටි කාලයක් තුළ 5000 කට අධික සංඛ්‍යාවක් අතර එවැනි එක් සටහනක් පහත පරිදි හුවමාරු වී තිබුණි.

    LinkArchived Link

    බොහෝ දෙනෙක්‌ මෙවැනි සටහන් වලට උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබු අතර කිහිප දෙනෙකුම මෙය සත්‍ය නොවන බව පෙන්වා දී තිබුනේ පාඨලී චම්පික මහතාගේ වයසත් සමඟ මෙය සත්‍ය වශයෙන්ම සිදුවිය හැකිව තිබු දෙයක් නොවන බව පෙන්වමිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ෂණයට අප මුලින්ම මෙම කුඩා දරුවා ඇතුළු තවත් දරුවන් පිරිසක් දායක වූ 90ව දශකයේ විශාල වශයෙන් ප්‍රචලිත වූ Kist Tomato Sauce වෙළඳ දැන්වීම පරීක්ෂා කළෙමු. එය Kist Sri Lanka ෆේස්බුක් පිටුවේ පලකර තිබුනේ “මේ රූපරාමු එක්ක ඔබේ ජීවිතය ගැන කියන රසමුසු මතකයන් නැවතත් මතකයට නැගෙන්නේද?” යන තේමාව සහිතවය. එම වීඩියෝව පහතින්.

    https://www.facebook.com/KistSriLanka/videos/1032372986780477/

    එම Kist සෝස් වෙළඳ දැන්වීමේ දෙවැනි කොටස මෙතනින් 

    මෙම වෙළඳ දැන්වීම් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමේදී එහි රංගනයෙන් දායක වූ Nadie Kahatapitiya Algama මහත්මිය අපට සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර පහත දැක්වෙන්නේ එවැනි Kist ජෑම් වෙළඳ දැන්වීමක් රූගත කිරීමක් කිරීම් අතරතුර එම කාලයේදී ලබාගත් ඇයගේ ඡායාරූපයකි.

    LinkArchived Link

    ඇයගෙන් ඡායාරූපයේ සිටින පුද්ගලයා පිලිබඳ විමර්ෂණය කිරීමේදී අපට දන්වා සිටියේ එහි සිටින්නේ තර්ෂණ මල්වත්ත නැමැත්තෙකු බවයි. ඒ අනුව අප ඔහු පිලිබඳ සිදුකල විමර්ශනයකදී අපට ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර පහත දැක්වෙන්නේ ඔහුගේ මාස කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයකි. තර්ෂණ දැනට ලංකාවේ පුද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාරී තනතුරක් දරයි.

    LinkArchived Link

    තර්ෂණ මල්වත්ත මහතාව අපට දුරකතනයෙන් ද සම්බන්ධ කර ගැනීමට හැකි වූ අතර එහිදී ඔහු අපට පවසා සිටියේ මීට වසර කිහිපයකට පෙර ද මෙවැනිම සටහන් පෙළක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ බවත් එම අවධියේදී තම ෆේස්බුක් ගිණුමේ ඒ පිලිබඳ ව සටහනක් ද තැබූ බවයි.

    එසේම පාඨලී චම්පික රණවක මහතාගේ විස්තර අප පරීක්ෂා කිරීමේදී ද දැකගන්නට ලැබුනේ ඔහු වසර 1965 දී උපත ලබා ඇති බැවින් 1994 වසරේ මුල් වරට මෙම වෙළඳ දැන්වීම පල වන විට ඔහුගේ වයස 29ක් ව තිබිය යුතු බවයි.

    Patali Champika FB

    මෙවැනි පැරණි ඡායාරූප යොදාගනිමින් නොමඟ යවන සුළු සාවද්‍ය සටහන් පිලිබඳ අප සිදුකල කරුණු අනාවරණ දෙකක් පහතින්

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රණසිංග ප්‍රේමදාස මහතා එකට සිටින ඡායාරුපයක් ලෙසේ හුවමාරු වූ සටහනක්

    ඩී. එස්. සේනානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා වඩාගෙන සිටින බවට ඡායාරුපයක්

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ඔබ දැන සිටියාද? 1994 Kist සෝස් ඇඩ් එකේ හිටියේ මොහු බව” යන තේමාව යටතේ එම වෙළඳ දැන්වීමේ සිටින්නේ පාඨලී චම්පික රණවක මහතා බවට පලවන සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.