Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

    2020-09-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පු

    ලංකාවේ විටින් විට නිවුන් දරු උපත් වාර්තා වන අතර නිවුන් දරුවන් තිදෙනෙකු හෝ ඊට වඩා උපදින ඇතැම් අවස්ථාවල ඒවා මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අයුරුද අපට දැකගන්නට ලැබෙනවා. “හැගුම් දනව්ව” නම් ෆේස්බුක් පි‍ටුවක් මෙවැනි සිව් නිවුන් දරු උපතක් පසුගියදා වාර්තා කර තිබුනා. “පුලුවන් හැමෝම ඉක්මන් සුව පතා යන්න” ලෙස දක්වමින් මෙම පුවත වාර්තා කර තිබුනු අතර එම මව දරුවන් ප්‍රසූත කරන මොහොතේ විශාල වශයෙන් ලේ ගොස් තිබු බැවින් නිව්මෝනියා තත්වයට පත්ව සිටි බවත් ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන ලෙසත් එම ෆේස්බුක් පණිවුඩයෙන් ඉල්ලා ඇති බවක් අපට දක්නට ලැබුනා.

    Original LinkArchived Link

    මේ සමග මවගේ සහ දරුවන්ගේ ඡායාරුපයක් ද ඇතුලත් කර තිබු අතර දින කිහිපයක් ඇතුලත 5000කට අධික පිරිසක් මෙම පුවත හුවමාරු කරගෙන තිබුණා. බොහොමයක් දෙනා මේ මවට ඉක්මන් සුව ප්‍රාර්තනා කර තිබු අතර ඇතැම් පිරිස් මෙය සාවද්‍ය පුවතක් බවටද ප්‍රතිචාර ලබාදී තිබුනා. කෙසේ වෙතත් මෙම පුවතට අදාල රෝහල හෝ පුද්ගල අනන්‍යතාවයක් දක්වා නොතිබූ බැවින් මේ පිලිබඳව වැඩිදුරටත් කරුනු සොයා බැලීමට අප තීරනය කලා.

    Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

    පලමුව අප මෙම ඡායාරූපය ගෙන ගූගල් හි මේ හා සමාන ඡායාරුප සොයා බැලීමක් (Google Reverse Image Search) සිදු කරනු ලැබුවා. ඒ අනුව මේ පින්තූරයට සමාන ඡායාරුප යොදාගෙන තිබු සටහන් කිහිපයක්ම දැකගත හැකි උනා. 

    බ්‍රසීලයේ Goiânia  නමින් හැඳින්වෙන ප්‍රදේශකින් මෙම සිව් දරු උපත 2015 වසරේදී වාර්තා වී තිබු අතර එම සිද්ධිය එරට මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා. එම පුවත් කිහිපයක සිංහල සහ ඉංග්‍රීසි Google පරිවර්තන පහතින්. මුල් සටහන් පලවී තිබුනේ පෘතුගීසි භාෂාවෙන්.

    LinkLink

    බොහෝ කාලයක් දරුවන් නොමැතිව සිට ඒ වෙනුවෙන් විශේෂිත ප්‍රතිකාර ක්‍රමද අත්හදා බලා තිබු, ගුරුවරියක සහ  රියදුරෙකු වූ මෙම මව් – පිය යුවල, මෙසේ සිව් දරු උපතක් ලබන්නට වාසනාවන්ත වී තිබුනා. 

    සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ මෙම සිව් දරු උපත පිලිබඳ සටහනේ සඳහන් වුයේ එහි සිටිනුයේ පිරිමි දරුවන් සිව් දෙනෙකු වුවද මෙහි ඇත්ත වශයෙන්ම සිටින්නේ ගැහැණු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවන් දෙදෙනෙකු බවත් වාර්තා වී තිබුණා

    කෙසේ නමුත් මෙම නිවුන් දරුවන් බිහි කිරීම නිසි කාලයට වඩා ඉක්මනින්, එනම් මාස 7කින් සිදුවූ බැවින්, දින 21 ක කාලයක් හදිසි ප්‍රතිකාර ඒකකයේ එම දරුවන් තැබීමට තීරණය කර තිබුණා. එහෙත් ඉන් අනතරුව දරුවන් සියලු සියලු දෙනා මෙන්ම මවද හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටි බව තවදුරටත් වාර්තා වී තිබුනා. 

    දරු ප්‍රසුතිය අවස්ථාවේ අධික ලේ වහනය වීමක් නිසා නිව්මෝනියා වැනි තත්වයක් ඇතිවූ බවක්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනේ සඳහන් වී තිබුනද ඒවැනි කිසිඳු සිද්ධියක් පිලිබඳ බ්‍රසීල මාධ්‍යවල වාර්තා වන්නේ නැත. එවැනි තත්වයක් සිදුවීමේ සම්භාවිතාව සොයා බැලීමට අප මේ හා සම්බන්ධ කරාපිටිය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙකුගෙන් විමසා සිටියා. ඔහු ප්‍රකාශ කලේද අධික ලෙස ලේ වහනය වීමෙන් නිව්මෝනියා තත්වයක් ඇති නොවන බවත් එම කරුනේ සත්‍යතාවයක් ද නොමැති බවත්ය. Causes of Pneumonia නමුත් ඇතැම් නිව්මෝනියා තත්වයන් යටතේ ලේ වහනය වීම් සිදුවිය හැකි අතර මරණද සිදුවිය හැකිය ඒ අනුව ෆේස්බුක් සටහනේ වැරදි තොරතුරු රැසක් දක්වා ඇති බවට අපට තහවුරු කල හැකියි

    එසේම මෙම සිව් දරු උපතින් මාස 6 කට පමණ පසු පලවී තිබු පහත වාර්තාවේ ද ඔවුන් හොඳ සෞඛ්‍ය තත්වයේ සිටින බව මෙසේ වාර්තා වී තිබුණි. දරුවන්ගේ වියදම් සඳහා නන් අයුරුන් දායක වූ සැමට ඔවුන් ස්තුතිය පළකර තිබෙනුද දැකගනන්ට ලැබුණි.

    LinkArchived

    Conclusion (නිගමනය)

    මේ අනුව සලකා බලන කල සිව් නිවුන් දරු උපතක් මෑතකදී සිදුවූ බව ඒත්තු ගන්වමින් එම දරුවන් බිහි කල මවට ප්‍රසූත වෙලාවේ ලේ වහනය වීම හේතුවෙන් නිව්මෝනියා තත්වයක් ඇතිව ඇති බවත් සටහන් කරමින් පල කර ඇති ෆේස්බුක් සටහන සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බව අපට සනාථ කල හැකියි. 2015 වසරේ බ්‍රසීලයේ සිදුවී ඇති මෙම ගැහැණු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සිව් දරු උපතින් පසු මව ඇතුළු දරුවන් සියලු දෙන යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවිය.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:2015 වසරේ සිදුවූ මෙම සිව් දරු නිවුන් උපතින් මවට කිසිඳු රෝගී තත්වයක් ඇතිවුයේ නැහැ!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-09-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.