Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check : මෙරට නිපදවූ විශාලම නෞකාව පසුගියදා ජපානයට පිරිනැමූවා ද ?

    2021-06-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා. නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බ

    කොවිඩ් රෝග ව්‍යාප්තිය හේතුවෙන් පෙර පරිදි නිෂ්පාදන කටයුතු සිදුකිරීම අපහසු වී ඇති අවධියක වුවුද සිදුවන නිර්මාණ පිලිබඳ අසන්නට ලැබෙනවා. මේ අතර ව්‍යාජ සටහන් ද දැකගන්නට ලැබෙනවා.

    නාවික කටයුතු සඳහා නැව් නිපදවීමද ඇතැම් පුද්ගලික සමාගම් මෙන්ම නාවික හමුදාවේ ඉංජිනේරු බලකාය වැනි ආයතන විසින් ද සිදු කරන බවට වාර්තා වෙනවා. 2020 වසරේ හුවමරු වූ ලංකාවේ විශාලතම නැවක් නිපදවීම පිලිබඳ සටහන් නැවත වරක් 2021 ජුනි මාසයේ ද දැක ගන්නට ලැබුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    ලංකාවේ නිශ්පාදනයක් ලෙසින් ජපානයට නැවක් නිශ්පාදනය කල බවට Sri Lankans for Sri Lanka නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක සටහනක් දක්වා තිබුනේ 2020 අගෝස්තු මස 18 වැනිදා ය.

    Original Link | Archived Link

    “අපේ රටේ නිවපදවූ විශාලතම නෞකාව..” යන තේමාව යටතේ පළවී නෞකාවක ඡයාරුපයක් ද සහිත එම සටහනේ නවදුරටත් පෙන්වා දී තිබුනේ “ලක්ඉතිහාසයේ පළමුවරට මෙරටතුළ මෙතෙක් නිපදවූ විශාලතම නෞකාව ජපානයට පැවරීමට මෙරට ඉංජිනේරුවරු පසුගියදා සමත් වී ඇත.” යනුවෙන්.

    මෙම සටහනට ලැබී තිබු ප්‍රතිචාර අතර බොහොමයක් පිරිස් පැරණි පුවත් මෑතක සිදුවූ ලෙස පලකිරීම හෙළා දැක තිබෙනු මෙසේ දැක ගණනට ලැබුණි.

    මේ අතර එම සටහන් නැවත වරක් 2021 ජුනි මස 06 වැනිදා හුවමාරු වී තිබු අතර කෙටි කාලයක දී බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ එවැනි සටහනක් පහතින්.

    “අපි දන්නෙත් නැ හදල බාර දීලත් ඉවරයි ..නමුත් ..වැඩේ නියමයි,” යන තේමාවෙන් පලවී තිබු එම සටහන් සඳහා ද යොදාගෙන තිබුනේ ද පෙර වසරේ යොදාගෙන තිබු නෞකාවේ ඡායරුපමයි.

    Facebook | Archived

    එබැවින් මෙම පුවතේ සත්‍යතවය පිලිබඳව විස්තර සොයා බැලීමට ෆැක්ට් ක්‍රසන්ඩෝ අපි තීරනය කලා

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    අප පලමුවෙන්ම මෙම නැව් බ‍ඳෙහි ඇති කෙටි අකුරු දෙස අවදානය යොමු කලා . එහි සටහන් වන කෙටි නාමය වන KDDI  යන්න ඇසුරෙන් KDDI vessel sri lanka ලෙස Google සෙවුම් යන්ත්‍රයෙහි අප සෙවුමක් සිදු කලා.එහිදී ලැබුනු ප්‍රතිඵල පහතින්.

    මෙම ගූගල් සෙවුමට අදාලව ඇති Colombo Dockyard (ඩොක්යාඩ් )ආයතයේ පුවත් වෙත අපගේ අවදානය යොමු වූ අතර මෙහිදී හෙලි වුනේ මෙම නෞකාව 2019 වසරේ ජූනි මස සාදා නිම කල එකක් බවයි.

    Link

    එම ආයතන පලකල වීඩියෝවක් මෙසේය

    ඒ අනුව මෙම නෞකාව මෑත කාලයේ නිශ්පාදනය නිමකළ එකක් නොවන බව පැහැදිලියි.

    කෙසේ වෙතත් එවකට ලංකාවේ නිශ්පාදනය කල නවුකා අතරින් විශාලතම නැව මෙය බවයි සැලකෙන්නේ.දිගින් මීටර් 113.1ක් ද පළලින් මීටර් 21.5 ක්ද , උස මීටර් 8.8ක් ද වන ලෙස නිපදවා ඇති මෙම නැව උපරිම බරක් දරාගෙනීමේදී කුහුදු මට්ටමෙන් මීටර් 7.1 ක් දක්වා ගිලෙන ලෙස මෙය සකසා තිබෙනවා.පැයට නාවික සැතපුම් 14.5 ක වේගයෙන් ගමන් කල හැකි මේ නවුකාවට 80ක් පමණ පිරිසක් සහිතව යාත්‍රා කල හැකියි.

    ජපානයේ KOKUSAI CABLE SHIP CO. LTD. ආයතනයේ ඉල්ලිමක් අනුව නිශ්පාදනය කරන ලද මෙම නෞකාව ලංකාවේ COLOMBO DOCKYARD ආයතනයේ නිර්මානය කර තිබෙනවා. 

    මෙම පුවත එම අවධියේ ප්‍රධාන මාධ්‍ය ගණනාවක් මෙලෙසින් වාර්තා කර තිබුනා.එම සටහන් පහතින්

    දෙරන මාධ්‍ය සටහන Link

    Sunday Observer මාධ්‍ය සටහන Link

    ඉහත පුවත් වලට අනුවද මෙම පුවත 2019 වසරේ පලවූ එකක් බව පැහැදිලිව දැකගත හැකියි.

    Also Read:

    FACT CHECK: දුම්රිය මැදිරි දේශීයව නිශ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොමඟ යවන සුළු සටහනක්!

    Conclusion (නිගමනය)

    ඉහත කරුනු සලකා බලන කල අප රට විසින් නිපදවූ විශාලතම නෞකාව පසුගියදා නිෂ්පාදනය කර ජපානය වෙත පිරිනමා ඇති බවට පලවන ෆේස්බුක් සටහන් නොමඟ යවන සුළු සටහන් වන අතර සැබැවින්ම මෙම නැව 2019 වසරේ නිපදවා ජපන් ආයතනයක් වෙත පිරිනමා ඇති බව පැහැදිලිය.

    *2021 ජුනි 06 වැනිදා පළවූ සටහන් පිලිබඳ විස්තර පසුව යාවත්කාලීන කරන ලදි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.