Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : අදින් පසු ලංකාවේ ටික් ටොක් තහනම් ද?

    2020-07-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීට දින දෙකකට පෙර ඉන්දියානු රජය විසින් එරට ස්වෛරීභාවය,  ආරක්ෂක තත්වය සහ මහජන සාමය යන හේතුන්ට හානියක් වීමේ අවදානම සලකමින්  TikTok, WeChat, Cam Scanner ඇතුළු චීන ජංගම යෙදුම් (Mobile Apps) 59ක් ඉන්දියාව තුල තහනම් කිරීමට ගත් තීරණය ලොව පුරා විශාල වශයෙන් කතාබහට

    මීට දින දෙකකට පෙර ඉන්දියානු රජය විසින් එරට ස්වෛරීභාවය,  ආරක්ෂක තත්වය සහ මහජන සාමය යන හේතුන්ට හානියක් වීමේ අවදානම සලකමින්  TikTok, WeChat, Cam Scanner ඇතුළු චීන ජංගම යෙදුම් (Mobile Apps) 59ක් ඉන්දියාව තුල තහනම් කිරීමට ගත් තීරණය ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වූ පුවතක් විය. ලංකාවේද විශේෂයෙන්ම තරුණ පිරිස් අතර ප්‍රචලිත ජංගම යෙදුමක් වන TikTok ජංගම යෙදුමේ ඉන්දියානු තනහම පිලිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය සටහන් හරහා හුවමාරු වී තිබුණි.

    මේ අතර “අදින් පසු ලංකාවේ ටික් ටොක් තහනම්” යන තේමාව යටතේ Sujani Salshani යන අයෙක් පලකරන ලද සටහනක් ඉතා කෙටි කාලයක් තුළ පරිශීලකයින් හාරදහසකටත් වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුණි. “හෙළ දු පුතුන් මන්ද මනසිකයන් කරන රික් ටොක් නම් දුරකතන යෙදුම අද සිට ලංකාවේ තහනම් කරන ලෙස ජනාධිපතිතුමන් දැඩි ලෙස බලධාරීන්ට උපදෙස් දෙයි” යනුවෙන් එහි තවදුරත් සටහන් කර තිබුණි.

    LinkArchived LinkLinkArchived

    මෙම සටහනට ප්‍රතිචාර දැක්වූවා බොහෝ දෙනෙක් මෙය සාවද්‍ය පුවතක් බව හඳුනා ගෙන උපහාසාත්මකව ප්‍රතිචාර දක්වා තිබුණද, ඇතැම් අය මේ පිළිබඳව විමසා සිටි බැවින් සහ විශාල පිරිසක් අතර කෙටි කලක්හු තුළ හුවමාරු වීමට පටන්ගෙන තිබු බැවින් මේ පිළිබඳ කෙටි විමර්ශනයක් කිරීමට අදහස් කළෙමු. ඉන්දියාවේ ටික් ටොක් තහනමත් සමඟ මෙවැනි උපහාසාත්මක සටහනක් රැසක්ද හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව විමර්ශනය කිරීමට අප දැනට බාගත කරන ලද TikTok ජංගම දුරකථන යෙදුම සහිත දුරකථනයක් මෙන්ම අලුතෙන් බාගත කිරීමක්ද (Google Playstore හරහා) පරීක්ෂා කළ අතර එම අවස්ථාවන් දෙකම කිසිදු ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වන බව දැකගන්නට ලැබුණා.

    එසේම ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිල නිවේදන පරික්ෂා කිරීමේදී මෙබඳු කිසිදු ප්‍රකාශයක් නොතිබුණු අතර ජනාධිපතිතුමා විසින් මෙබඳු ප්‍රකාශයක් කර ඇත්දැයි විමසීමේ දී මාධ්‍ය ඒකකය විසින් තහවුරු කර සිටියේ මේ වන තෙක් එබඳු තීරණයක් පිලිබඳ දැනුම්දීමක් කර නැති බවයි.

    එසේම මේ පිළිබඳව අපගේ ඉන්දියානු කාර්ය මණ්ඩලයෙන් විමසා සිටිය දී දැනගන්නට ලැබුණේ මෙම තහනමත් සමඟම TikTok ජංගම යෙදුම Playstore වෙතින් ද මේ වන විට ඉවත් කර ඇති බවයි. එසේම මීට පෙර එම යෙදුම බාගත කරගෙන භාවිතා කළ අයටද මෙම ආකාරයෙන් දැනුම්දීමක් බොහෝ අවස්ථාවල දී දක්නට ලැබුණු අතර දැන් එය ද දිස් වන්නේ නැතිව කළුපාට තිරයක් පමණක් පෙන්වන බව දැනගන්නට ලැබුණා.

    ඉන්දියාවේ රැකියා විරහිත තරුණ පිරිස් හට සහ තම අනුගාමිකයින් සමග සම්බන්ධ වූ විශේෂයෙන්ම නැගී එන කලාකරුවන්ට මෙමගින් ගැටලුකාරී තත්වයක් උදාවි ඇති බව ද වාර්තා වෙනවා. ඉන්දියාවේ TikTok සමාගම විසින් මෙම තහනම පිළිබඳ ව පළ කරන ලද නිල නිවේදනය පහතින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉන්දියාවේ TikTok ජංගම යෙදුම දැනට තහනම් කර ඇති අතර දැනට ලංකාවේ තහනම් නොවන අතර එවැන්නක් සිදුකරන ලෙස ජනාධිපතිතුමන් මේ වන තෙක් බලධාරීන්ට උපදෙස් ලබාදී ද නොමැත

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-07-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.