Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    My Cola කර්මාන්ත ශාලාවට සීල් තැබුවාද ?

    2020-02-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සෑම නිෂ්පාදන ආයතනයක්ම, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලිය, පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටී. මෙම ක්‍රියාදාමයන් නිසිලෙස සිදු වේදැයි අධීක්

    සෑම නිෂ්පාදන ආයතනයක්ම, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලිය, පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට හානිකර නොවන අන්දමින් පවත්වාගෙන යාමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටී. මෙම ක්‍රියාදාමයන් නිසිලෙස සිදු වේදැයි අධීක්ෂණය කිරීමට නියාමන අධිකාරියක් සහ පාලනය කිරීමට නීති පද්ධතියක් ද සෑම රටකම ස්ථාපිත වී තිබේ. එමනිසා  පාරිභෝගිකයින් ද පෙරට වඩා සිය අයිතිවාසිකම් පිළිබඳව මනාව දැනුවත් වී ඇති බව මෑත කාලයේදී නිරීක්ෂණය වී ඇත.

    මෙවන් පසුබිමක “My Cola කර්මාන්ත ශාලාවට සීල් තබයි..!” තේමාවෙන් සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. පහත සඳහන් කථාංශයද එහි අන්තර්ගත කර තිබුණි.

    “කඩවත ගෝනහේන පාරේ පිහිටුවා තිබෙන සිසිල්බීම කර්මාන්ත ශාලාවකට ඊයේ (17) සවස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබෙයි. පෙට් පැකේජින් සමාගමට අයත් මයි කෝලා සිසිල් බීම නිෂ්පාදන සමාගමෙ කඩවත කර්මාන්ත ශාලාවට මෙලෙස සීල් තබා ඇතැයි වාර්තාවේ. මයි කෝලා නමැති සිසිල් බීම වර්ග කිහිපයක් ,මයි සෝඩා සහ ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙහි නිෂ්පාදනය කරමින් තිබී ඇත. මෙම කර්මාන්ත ශාලාව ඊයේ පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී එහි තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවූ බව වාර්තා කර තිබේ. අද(18) දිනයේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද අධිකාරිය විසින් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.”

    Facebook LinkWeb LinkArchive LinkWeb LinkArchived Link

    Newshub.lk නමැති වෙබ් අඩවියක්ද සිය ෆෙස්බුක් පිටුවේ “පැණි බීම නිෂ්පාදනයට කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය සමග My Cola සීල් තබයි” සිරස්තලයෙන් මේ හා සමානම ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණේය. තවත් ෆේස්බුක් පිටු කිහිපයක ද මේ හා සමාන ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. 

    FB Link 1FB Link 2Web LinkArchived Link

    Thetruth.lk වෙබ් අඩවිය මඟින්ද මෙම පුවත පළකර තිබු අතර එය ෆේස්බුක් පිටු 17ක් මඟින් හුවමාරු කරගෙන තිබු අයුරුද අපද දැකගන්නට හැකිවිය.

    Web Link Archived Link

    තවත් වෙබ් අඩවි රැසක මෙන්ම ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතරේද මෙම සටහන් ඉතා සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබුණු බැවින් මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

    මෙම ප්‍රවෘත්ති සටහන් පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම පිණිස මුලින්ම My Cola සන්නාමය යටතේ පැණි බීම වර්ග කිහිපයක් නිෂ්පාදන කරන Pet Packaging Pvt Ltd ආයතනයේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිළධාරි ෂාම් ප්‍රනාන්දු මහතා පෙබරවාරි මස 18 වැනිදා දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් අප සමඟ අදහස් හුවමාරු කර ගත්තේ මෙලෙසිනි.

    “ආයතනයේ පැණි බීම නිෂ්පාදනාගාරය කඩවත ගෝනහේන පාරේ ඇත.  අප ආයතන භූමියේ පැණිබීම නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යන් වන රස කාරක තැබීම සඳහා ගබඩා සංකීර්ණ දෙකක් ඇත. ඉන් එකක පැණිබීම නිශ්පාදනය සඳහා අවශ්‍ය කල් ඉකුත් නොවු රසකාරක ඇති අතර අනෙක් ගබඩාවේ නිෂ්පාදනයට නුසුදුසු කල් ඉක්මවු රසකාරක, පරිසරයට හානි නොවන ක්‍රමවේදයක් තුලින් විනාශ කරන තෙක් ගබඩා කර තිබේ. පාරිභෝගික අධිකාරියේ නිළධාරින් අප ආයතනයට 17 වනදා පැමිණි අවස්ථාවේදී, නිෂ්පාදනයට නුසුදුසු කල් ඉකුත්වු රස කාරක ඇති ගබඩාවේ තිබිය යුතු , හදුනා ගතහැකි සියළු ලේබල ඉවත් කළ කල් ඉක්මවු රසකාරක කෑන් පහක් ඉන් බැහැරව තිබී ඔවුන්ට නිරීක්ෂණය විය.  නිෂ්පාදනය, අළෙවිය සහ ප්‍රවර්ධන කටයුතු සුපුරුදු ලෙස කරගෙන යන ‍ලෙස උපදෙස් දීමෙන් පසු, තොග සංසන්දනය සඳහා ගබඩා සංකීර්ණය ඔවුන්ගේ අධීක්ෂනයට ලක්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම්දීමට පාරිභෝගික අධිකාරයෙහි  ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා සිටියා”

    තවදුරටත් කරුණු විමර්ශනය කිරීම සඳහා අප පාරිභෝගික අධිකාරිය ඇමතුවෙමු. එහි අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසුවේ නිෂ්පාදනයට සුදුසු රසකාරක  ගබඩා කර තිබු ගබඩාවේ හඳුනාගත නොහැකිවනසේ ලේබල ඉවත් කර තිබු රසකාරක අඩංගු කෑන් කිහිපයක් තිබීම නිසා ඒ පිළිබඳව විමර්ශනය කරන ලද අතර My Cola කර්මාන්තශාලාව මුද්‍රා තබා නොමැති අතර නිෂ්පාදන කටයුතු පෙර පරිදි සිදුවන බවයි.

    තවද අපට දැන ගැනීමට ලැබුණේ එසේ නිෂ්පාදන ක්‍රියාවලියට මුද්‍රා තැබීමට නම් එම කටයුතු සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය කල් ඉකුත් වී තිබිය යුතු බවය.  නමුත් My Cola නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනෙන අමුද්‍රව්‍ය කිසිවක් එලෙස කල් ඉකුත් වී නොතිබූ බැවින් නිෂ්පාදන කටයුතු වලට මුද්‍රා තැබීමට හේතුවක් නොමැති බවද දන්වා සිටියා. එසේ වුවද කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය බහාලුම් කිහිපයක්, ඒ සඳහා භාවිතා කලයුතු ගබඩාවෙන් පිටත තිබීම පාරිභෝගික අධිකාරියේ විධාන අංක 52 යටතේ වරදක් බැවින් ඒ සඳහා ඔවුන්ට දඩ මුදලක් ගෙවීමට සිදුවන බව ද පවසා සිටියා.

    පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරි පනතේ අංක 52 දරණ විධානය මෙසේය

    Consumer Affairs Authority – Direction 52 පාරිභෝගික අධිකාරියේ අංක 52 දරණ විධානය – අති විශේෂ ගැසට් නිවේදනය

    මේ අනුව පෙබරවාරි 21 වන දින My Cola ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමඟ නැවත වරක් දුරකථනයෙන් සම්බන්ධ වූ අපට කරුණු දැන ගන්නට ලැබුණේ පෙර සැලසුම් කරන ලද සේවක කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් මෙය සිදුව ඇති බව අනුමාන කළද ආයතනයක් වශයෙන් සිදුවී ඇති වරද සඳහා අදාල දඩ මුදල ගෙවීමට එකඟ වූ බවත් නිෂ්පාදන කටයුතු කිසිදු බාධාවක් තොරව දිගටම සිදුවන බවත්ය. අදාළ සිදිධිය සඳහා අභ්‍යන්තර විමර්ෂණ සිදුවන බවද පවසා සිටියා.

    තම ආයතනයේ කීර්තිනාමය හානියට පත් කරමින් පැතිරෙන අසත්‍ය ප්‍රකාශ පිළිබඳව My Cola ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුර කරුණු විස්තර කර තිබුණේ මෙලෙසිනි. මෙම නිවේදනය සිළුමිණ පුවත්පතේ වාර්තා වී තිබුණි.

    Silumina Page No 03 – February 23rd 2020 Issue
    MY-COLA-MEDIA-RELEASE

    අවසාන නිගමනය

    My Cola කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු, අළෙවිය සහ ප්‍රවර්ධනයන් පෙර පරිදිම සාමාන්‍යය අන්දමින් සිදුවේ. නිෂ්පාදනයට නුසුදුසු රසකාරක කොටසක්, ඉවතලන අමුද්‍රව්‍ය සඳහා වෙන්වූ ගබඩාවෙන් පිටත තිබීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය විසින් දඩයක් පනවන ලද අතර,  සිදුවීමට මුල්වූ හේතු පිළිබඳව ආයතනයේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුවෙමින් පවතී.    

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:My Cola කර්මාන්ත ශාලාවට සීල් තැබුවාද ?

    Fact Check By: Sahan Perera 

    Result: Partly False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-02-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.