Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    උදය ගම්මන්පිල මහතා සිදුකලා යයි පැවසෙන සාවද්‍ය ප්‍රකාශයක්!

    2020-08-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    උදය ගම්මන්පිල මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ යටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයෙකි. Mahesh K Gunawardana නැමැත්තෙකු විසින් “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ ජුලි මස 13 වැනිදා හුවමාරු කරගෙ

    උදය ගම්මන්පිල මහතා මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුකන පෙරමුණ යටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයෙකි. Mahesh K Gunawardana නැමැත්තෙකු විසින් “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ ජුලි මස 13 වැනිදා හුවමාරු කරගෙන තිබු වීඩියෝ සටහනක් මේ වන විට පරිශීලකයින් 1600 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

    LinkArchived Link

    තවත් කිහිපදෙනෙකු අතරද හුවමාරු වී තිබු එම වීඩියෝ සටහන හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු වන උදය ගම්මන්පිල මහතා විසින් මෙබඳු ප්‍රකාශයක් සිදුකිරීම විශ්වාස කල නොහැකි බැවින් මේ පිලිබඳ කෙටි විමර්ශනයක් සිදු කළෙමු.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම වීඩියෝව සහිත වීඩියෝ පිලිබඳ විමර්ශන කිරීමේදී අපට දැකගනන්ට ලැබුනේ මෙය මීට මාස ගණනාවකට පෙර උදය ගම්මන්පිල මහතා සහභාගී වූ නාඩිය වැඩසටහන අතරතුරදී පවසා ඇති බවයි. ජනවාරි මස පළවූ එම වැඩසටහනේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කොටස ඇතුලත් වීඩියෝ දර්ශන පහතින්.

    එහිදී කරුණු දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ අර්ජුන රණතුංග මහතාට ලෝක ගුරතාවය ලංකාවට ගෙන ඒමට දක්ෂ කණ්ඩායමක් සිටියා සේම ජනාධිපතිතුමාගේ දැක්ම යථාර්තයක් කර ගැනීමට දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවත් එම පිරිස ඉදිරියේ දී එන මැතිවරණයේදී තෝරා ගන්නා ලෙසත්ය. එහිදී තවදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ හොරුන්ට ඡන්දය ලබාදී හොරකම් කරනවා හෝ මැරයින්ට ඡන්දය දී මැරකම් කරනවා යයි මැසිවිලි නැගීමෙන් වැලකිමට සුදුසු පුද්ගලයින් පාර්ලිමේන්තුව සඳහා තෝරා ගන්න බවක් විනා කිසි විටෙකත් පොදු ජන පෙරමුණට ඡන්දය දීමෙන් වැලකින ලෙස පවසා සිටියේ නැත. 

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “ගම්මන්පිලත් පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියයි” යන තේමාව යටතේ පලවී ඇති වීඩියෝ සටහන උපහාසාත්මක කෝණයකින් පලකළ සාවද්‍ය සටහනක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-08-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.