Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශය

    2019-11-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් විශේෂයෙන්ම WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය  හරහා විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. Youtube හරහා ලං

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් විශේෂයෙන්ම WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය  හරහා විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා.

    Youtube හරහා ලංකා ඊ නිව්ස් චැනලය ඔස්සේ “State dept anounsment ‌ගෝඨා ‌හොරෙක් නඩු දානවා -ඇමරිකාව” යනුවෙන් පළවූ වීඩියෝව බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණා.

    Lanka E News Youtube LinkArchived Link

    ෆේස්බුක් තුල එම වීඩියෝව හුවමාරුවන එක් සටහනක දක්වා තිබුණේ “මැදෑ තියෙනව තියෙනව කිව්ව දැන් ඒකත් නෑ! දැන් සැපද? බයියානෝලාගේ චන්දෙ අපරාදෙ! ගෝටාබය තවමත් ඇමරිකන් පුරවැසියෙක් . නියත ජනපති සජිත් ප්‍රේමදාස!”  යනුවෙනි

    Facebook Link Archived Link Archived Video

    මෙම වීඩියෝව බැලූ බැල්මටම, විශේෂයෙන්ම අවසාන භාගයේ කොටසේ හඬ පටය අධ්‍යයනය කිරීමේදී ව්‍යාජ ලෙස සකසා ඇති බව පෙනී ගිය අතර බොහෝ දෙනෙක් විසින් මෙය ව්‍යාජව සංස්කරණය කරන ලද්දක් බවද උපහාසාත්මකව පවසා තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මේ පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීම සඳහා මුලින්ම අදාල වීඩියෝව රූප රාමුවලට වෙන්කරවා ගන්න ලදී. එසේ ලැබුණු රූපරාමු Google Reverse Image Search සෙවුමක් මගින් අධ්‍යයනය කිරීමේදී ලැබුණු ප්‍රතිඵලය පහතින්

    Google Reverse Image Search

    එසේ ලැබුණු ප්‍රතිඵල සියල්ලක්ම වාගේ පෙන්නුම් කළේ Department Press Briefing – July 9, 2019 යනුවෙන් ජූලි මස 9 වැනි දින , ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වීඩියෝ පටයක දර්ශන වෙතටයි. එම වීඩියෝ දර්ශන පහතින්

    Youtube Link (State Dep Press Breif)

    එම වීඩියෝ දර්ශන හා හුවමාරු වෙමින් පවතින වීඩියෝවේ මුල් කොටසේ දර්ශන සන්සන්දනය කිරීමේ දී රූපරාමු සහ හඬ පට එක හා සමාන බව පෙනී ගිය ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවගේ ඇඳුමේ වර්ණය විශාල වශයෙන් හුවමාරු වන වීඩියෝවේ පරිදි රෝස පැහැයක් නොව කහ පැහැයක් බවත් පෙනී ගියා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව වන Morgan Ortagus මහත්මිය විසින් පසුගිය මාස කිහිපය තුළදී සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශය පරීක්ෂාවට ලක් කිරීමේදී ද ඉහත පරිදි වීඩියෝවක් හමුවූයේ නැත

    video search for Morgan Ortagus

    තවද මුල් වීඩියෝ පටය සමඟ ලැබී තිබුණ පෙළ පිටපත ( video transcript) පරීක්ෂා කිරීමේදී එහි කිසිදු ස්ථානයක “Gotabaya” යන වචනය අපට සොයා ගැනීමට හැකිවූයේ නැත. තවද එම පිටපතේ කිසිදු ස්ථානයක පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් “renunciation”  සඳහන් වන්නේ නැති බව ද අපට පැහැදිලි විය

    State.gov Department Press Briefing – July 9, 2019

    මේ අනුව අපට පෙනී ගියේ මුල් වීඩියෝ හඬ පටය සංස්කරණය කරමින්, මාධ්‍ය ප්‍රකාශක වගේ ඇඳුමේ වර්ණය කහ පැහැයෙන් රෝස පැහැයට සංස්කරණය කරමින් මෙම නව වීඩියෝ පටය සකසා ඇති බවයි. එනම් හුවමාරු වන වීඩියෝවේ 11 වන තත්පරයේ සිට සම්පූර්ණයෙන්ම හඬ පටය වෙනස් කොට සකසා ඇති බවද පෙනී යයි.

    තවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කිසියම් හෝ ප්‍රවෘත්ති දැනුම් දීමක දී “Gotabaya” යන වචනය භාවිතා වී ඇත්දැයි පරීක්ෂා කළ අතර එබඳු එක් ප්‍රවෘත්ති දැනුම් දීමක දී හෝ එම නම භාවිතා වී නොමැති බව පැහැදිලි විය

    සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිරී ගිය මෙම වීඩියෝව ව්‍යාජ ලෙස හඬ කවා ඇති වීඩියෝවක් බව ඇමරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා නැන්සි වැන්හොන් මහත්මියද පවසා තිබුණා.

    Hiru News About the Fake Video | අද දෙරණ Video Analysis

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බවයි

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.