Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුයේ මෙලෙසද?

    2020-01-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරාන

    ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

    ඉරාන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේ සෑම ප්‍රධාන  ප්‍රවෘත්ති මාධ්‍යයක්ම වාර්තා කර තිබුණේය. මෙම ප්‍රහාරයත් සමගම සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත් වන්නට විය. වීඩියෝ පට රැගත් සටහන් කිහිපයක් පිළිබඳව අප කල කරුණු විමර්ශනයකදී තහවුරු වූයේ ඒවා Youtube චැනලයෙන් උපුටාගත්, ලොව වෙනත් ස්ථාන වල සිදුවූ ගැටුම්වලදී දර්ශන ගතකර තිබූ වීඩියෝ පටයන් බවය. පසුගිය දිනක Sinhala Android නමැති ෆේස්බුක් පිටුවක, “Iran vs US war started” යන තේමාව යටතේ වෙනත් වීඩියෝ පටියක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබුණේය. එහි සිංහල අර්ථකථනය වූයේ “ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුණා” යන්නය.

    LinkArchived Link

    මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර විශාල වශයෙන් හුවමාරු වී තිබු අතර එයට ප්‍රතිවිරුද්ධව ප්‍රතිචාර රැසක්ද ලැබී තිබූ නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

    Fact Check (සත්‍යය කරුණු විමර්ශනය)

    මෙම වීඩියෝව පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා මුලින්ම වීඩියෝව රූප රාමුවලට වෙන් කරවා ගැනීමෙන් පසුව එය Reverse Image සෙවුමක් මගින් පරීක්ෂා කළෙමු. එහිදී ලැබෙන ප්‍රතිඵල පහතින් දැක්වේ

    Reverse Image Search Link

    මෙම වීඩියෝව මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ අර්ථ කථනයන් ඇයි තව යොදාගෙන ඇති බව අපට පැහැදිලි විය.  මෙය ලිබියාවේ අපේ හමුදා ප්‍රහාරයක දී ඇතිවූ පිපිරීමක් බව සමහර වාර්තාවල දක්නට ලැබුණි.

    නමුත් මේ පිළිබඳව ද තවදුරටත් තහවුරු කරගැනීම සඳහා මෙම වීඩියෝව මුලින්ම පළ වී ඇති දින වකවානු පරීක්ෂාකිරීමේදී 2015 වසරේ අගෝස්තු මාසයේ දී මුල්වරට වීඩියෝව චීනයේ ටැන්ජින් (Tanjin) නගරයේ ඇතිවූ පිපිරීමක් හේතුවෙන් වාර්තා කර තිබෙනු අපට දැකගැනීමට හැකි වූවා.

    BBC පුවත් සේවය එම පුවත වාර්තා කර තිබුනේ මෙලෙසිනි. 

    චීන නගරයක් වන ටියැන්ජින් හි අන්තරායක භාණ්ඩ පිලිබඳ (warehouse handling hazardous goods) සමාගමක් සතු ගබඩාවක් ගිනිගෙන පුපුරා යාමෙන් සිදු වූ දැවැන්ත පිපිරීම් දෙකක දර්ශන, ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ඩෑන් වැන් ඩුරෙන් රූගත කල අයුරු යනුවෙන් එහි සඳහන්ව තිබුණි.

    තවදුරටත් කරුණු සොයා බැලීමේදී 2015 වසරේදී මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද බොහෝ ලෙස හුවමාරු වී තිබෙන අපට දැකගැනීමට ලැබුනේ මෙලෙසිනි

    Facebook | NBC News 

    පහත දැක්වෙන පරිදි ප්‍රකාශිත වීඩියෝවේ පිපිරීම සම්බන්ධව දර්ශනයක රූපරාමුවක් සහ බීබීසී ආයතනය මගින් පල කරන ලද පුවතට අදාල වීඩියෝවේ රූපරාමුවක් සංසන්දනය කිරීමෙන් මෙය එම වීඩියෝවේම කොටසක් බව පැහැදිලි විය

    නමුත් සිංහල ඇන්ඩ්‍රොයිඩ් ෆෙස්බුක් පිටුව මගින් පල කරන ලද වීඩියෝව මුල්භාගය ඉහත බීබීසී වාර්තාව සමඟ සැසඳෙන්නේ නැති බැවින් එම කොටසේ දර්ශනයක් ද අප වෙනමම reverse image සෙවුමකට භාජනය කළෙමු.

    එහිදී ලැබුණු ප්‍රතිඵල අනුව අපට දැකගැනීමට හැකිවූයේ 2018 වසරෙ ඊශ්‍රායලයේ සිදුවූ ප්‍රහාරයක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවයි. “ඇෂ්කෙලොන් මහල් නිවාස ගොඩනැගිල්ලට රොකට්ටුවක් වැදීමෙන් එක් අයෙකු මිය ගොස් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුවිය” යනුවෙන් The Times of Israel විසින් මෙම වීඩියෝව ඇතුලත් වාර්තාවක් ඉදිරිපත් කර තිබුනේ මෙලෙසිනි.

    The Times of Israel Article

    අවසාන නිගමනය

    අප සිදු කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ Sinhala Android නමැති ෆේස්බුක් පිටුවේ, Iran vs US war started යන තේමාව යටතේ ඇති වීඩියෝ  පටය 2018 වසරේ නොවැම්බර් මාසයේ ඊශ්‍රායලයේ සිදුවූ රොකට් ප්‍රහාරයකට සම්බන්ධ වීඩියෝවක් සහ 2015 වසරේ චීනයේ ටැන්ජින් හි දී සිදුවූ පිපිරීමක් හා සම්බන්ධ වීඩියෝ දෙකක් එකතු කිරීමෙන් සිදු කරන ලද නිර්මාණයක් බවයි.මේ අනුව “ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුණා” යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති වීඩියෝව සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.