Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විජිත හේරත් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදාගත් අවස්ථාවක්?

    2020-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු ද

    පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ යවන සුළු සටහන් බවය.

    සමාජ මාධ්‍ය සටහන්

    සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන සටහන් කිහිපයකම සඳහන් කර තිබුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා ඉන්දියාවේ තිරුපති කෝවිලට පැමිණි අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් ලෙසයි.

    Facebook LinkArchived Link

    මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරුවෙමින් පැවති අතර අපහාසාත්මක කෝණයකින් යුතු ප්‍රතිචාර රැසක්ද හිමිව තිබුණේය

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහනට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි සොයා බැලීම පිණිස  විජිත හේරත් මන්ත්‍රීතුමාගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඡායාරූප දෙකක් සහිතව “2020 වසර උදාවීම නිමිත්තෙන් වත්තල හේකිත්ත විහාරස්ථානයේ සහ වත්තල මහ කෝවිලේ අද (01) උදෑසන පැවති ආගමික වතාවත්වලට සහභාගී වෙමින්” තේමාව යටතේ ඔහු විසින් සටහනක් ඉදිරිපත් කර තිබුණි.

    එනිසා ඡායාරූපයේ දැක්වෙන්නේ නව අවුරුදු උදාවත් සමගම විජිත හේරත් මන්ත්‍රීතුමා හේකිත්ත විහාරස්ථානයට මෙන්ම වත්තල කෝවිල වෙත ගිය අවස්ථාවක් බවයි. 

    මේ පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කරගැනීම පිණිස අපි විජිත හේරත් මන්ත්‍රීතුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. නව වසර උදා වීමත් සමගම හේකිත්ත  විහාරස්ථානයට යාමෙන් පසු වත්තල කෝවිල වෙත ගිය බව පැවසූ ඔහු, පසුගිය රජයක සංස්කෘතික ඇමැති ධූරයද හෙබ වූ ඔහුට ඕනෑම ආගමික සිද්ධස්ථානයකට යෑමට හැකි බව අවධාරණය කළේය.

    Facebook AlbumArchived Link

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ නව විජිත හේරත් මන්ත්‍රීවරයා, නව වසර උදා වීමත් සමගම හේකිත්ත  විහාරස්ථානයට යාමෙන් පසු වත්තල කෝවිල වෙත ගිය අවස්ථාවක දී ලබාගත් ඡායාරුපයක්, ඔහු ඉන්දියාවේ තිරුපති කෝවිලට ගොස් තිබු අවස්ථාවක් ලෙස හුවමාරු වන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.