Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    නුගේගොඩ ගුවන් පාලම යට සිතුවම මත පෝස්ටර් අලවා තිබුණේ ද?

    2019-12-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශය අලංකාරණය කිරීමට තරුණ තරුණියන්යන් පිරිසක් ගත් උත්සාහ වෝල් ආර්ට් රැල්ලක් ලෙස දිවයින පුරා පසුගිය සති කිහිපයේදී පැතිර යනු අපට දක්නට ලැබුණු අතර යාපනය නගරයේ පවා මෙවැනි සිතුවම් නිර්මාණය වෙමින් පැවතෙනු දක්නට ලැබුණි. මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමා ඇතුළු සෑම දෙන

    දේශය අලංකාරණය කිරීමට තරුණ තරුණියන්යන් පිරිසක් ගත් උත්සාහ වෝල් ආර්ට් රැල්ලක් ලෙස දිවයින පුරා පසුගිය සති කිහිපයේදී පැතිර යනු අපට දක්නට ලැබුණු අතර යාපනය නගරයේ පවා මෙවැනි සිතුවම් නිර්මාණය වෙමින් පැවතෙනු දක්නට ලැබුණි. මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමා ඇතුළු සෑම දෙනාගේම  පැසසුමට ලක් වුවත් එයට නිසි ප්‍රමිතියක් සහ කළමනාකරණය අවශ්‍ය බව බොහෝ පිරිස් පෙන්වා දී තිබේ. 

    මෙවන් පසුබිමක “බුකියේ හිතුවක්කාරි” නම් ෆේස්බුක් පිටුවක “මේ නුගේගොඩ සතියක් ගියේ නැහැ චිත්‍ර ඇඳලා. ඊට උඩින් දැන් පෝස්ටර් ගහලා” යන තේමාව යටතේ සේයාරුවක්  සහිතව සටහනක් ඉදිරිපත් කොට තිබුණි. 

    Facebook PostArchived Link

    තවත් එවැනිම සටහනක ගුවන් පාලමක් යට බිත්තියේ ඇඳි චිත්‍රයක් මත පෝස්ටර් අලවන දෙදෙනෙකු ඡායාරූපයේ පෙන්වා දී තිබුනේ “චිත්‍ර ඇදලා ලස්සන කරන බිත්ති වල පෝස්ටර් අලවන කාලකන්නිත් ඉන්නවා බන්” යනුවෙන් පහත පරිදිය.

    Facebook PostArchived LinkFacebook PostArchived Link

    නුගේගොඩ ගුවන් පාලම යට චිත්‍ර ඇඳීමට සැරසෙන තරුණයකුගේ සේයාරුවක් සහිත එම අර්ථයම දෙන තවත් සටහනක් පහතින්.

    Facebook PostArchived Link

    ෆේස්බුක් මාධ්‍ය ජාලය තුල මෙවැනි සටහන් කිහිපයක්ම නිරීක්ෂණය වීම නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මේ පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා ගුවන් පාලම් ආශ්‍රිතව සිදු කර ඇති චිත්‍ර නිර්මාණ පිලිබඳ සටහන් විමර්ශනය කිරීමේ දී දෙහිවල ගුවන් පාලම යට චිත්‍රයක් නිර්මාණය කර ඇති බව දැකගන්නට ලැබුණු අතර ඒ පිළිබඳව විවිධාකාර වාර්තා රැසක් ද ඉදිරිපත් වී තිබුණි. තවද අනතුරු සංඥා මකා ඒවා මත මෙම සිතුවම් නිර්මාණය කර ඇති බවටද සටහන් රැසක් හුවමාරු වී තිබුණේ මෙලෙසිනි.

    Facebook PostArchived Link

    දෙහිවල ගුවන් පාලම යට මාර්ග අනතුරු සංඥා මකා දමා එය මත චිත්‍ර (wall Art) සිතුවම් කර ඇතැයි පළව තිබු සටහන් වලට ප්‍රතිචාර වශයෙන් පළවූ සටහනක් පහතින්

    Facebook PostArchived Link

    ඉහත ධනුෂ්ක පෙරේරා නැමැති තැනැත්තාගේ ෆේස්බුක් ගිණුමේ ම ඉහතදී නුගේගොඩ ගුවන් පාලම අසල සිදුකරන ලදැයි පැවසෙන සිතුවම සහ පුද්ගලයින් දෙදෙනකු සහිත ඡායාරූපයම දැක ගැනීමට හැකි වූ අතර එමගින් දැක්වෙන්නේ නුගේගොඩ දෙහිවල ගුවන් පාලම යට සිදු කරන ලද සිතුවමක් බව ඒ සම්බන්ධයෙන් ඔහු පල කර තිබු අනෙකුත් සටහන් පරීක්ෂා කිරීමේදී ද පැහැදිලි විය.

    Facebook PostArchived Link

    ඉහත දැක්වෙන්නෙ ඇත්ත වශයෙන්ම දෙහිවල ගුවන් පාලම යට සිතුවමේ ඡායාරූපයක් (දකුණු පසින්) සහ නුගේගොඩ ගුවන් පාලම යට ඇති පෝස්ටර් අලවා ඇති සිතුවම යයි පළකර ඇති සටහන් වල අඩංගු ඡායාරූපයක් සන්සන්දනය කිරීමකි.

    අප විසින් නුගේගොඩ ගුවන්පාලම වෙත ගොස් පරීක්ෂාකිරීමේදී මෙවැනි කිසිදු සිතුවමක් තිබුනෙ නැති බව දැකගන්නට ලැබුණු අතර දෙහිවල ගුවන් පාලම යට තිබෙන සේයාරුවේද කිසිදු පෝස්ටරයක් අලවා තිබුණේ නැත

    තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේ දී අපට පෙනී ගියේ නුගේගොඩ ගුවන්පාලම යටද දෙහිවල ගුවන් පාලමේ චිත්‍රය කළ පිරිස මගින්ම සිතුවමක් කිරීමට උත්සාහයක් ගෙන ඇති අතර පසුව එය නවතා දමා තිබූ බවයි

    Facebook LinkArchived Link

    අවසාන නිගමනය

    අප කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ මෙම සිතුවම ඇත්තේ නුගේගොඩ ගුවන් පාලම යට නොව දෙහිවල ගුවන් පාලම යට බවය. එමෙන්ම මෙම සිතුවම මත කිසිදු පෝස්ටරයක් අලවා විකෘති කර නොමැති බව සනාථ විය. “මේ නුගේගොඩ සතියක් ගියේ නැහැ චිත්‍ර ඇඳලා. ඊට උඩින් දැන් පෝස්ටර් ගහලා” යනා තේමාව යටතේ පලව ඇති සටහන සහ ඒ හා සමාන සටහන් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය සටහන් බව නිගමනය කරමු.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.