Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමා තිබේද

    2019-12-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ වන විට දිවයිනේ බොහෝ නගරයන්හි, අලංකාරය පිණිස, ඉඩකඩ ඇති ස්ථානයන්හි බිතු සිතුවම් ඇඳමින් පවතින බවක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරයේ පිහිටි, වැඩි ප්‍රතිශතයක් දමිල සංයුතියකින් යුක්ත වූ හැටන් නගරයේද ස්ථාන කිහිපයකම බිතුසිතුවම් ඇඳ තිබුණි. මව්බිම පුවත්පතේ සහ ෆේස්බුක්

    මේ වන විට දිවයිනේ බොහෝ නගරයන්හි, අලංකාරය පිණිස, ඉඩකඩ ඇති ස්ථානයන්හි බිතු සිතුවම් ඇඳමින් පවතින බවක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරයේ පිහිටි, වැඩි ප්‍රතිශතයක් දමිල සංයුතියකින් යුක්ත වූ හැටන් නගරයේද ස්ථාන කිහිපයකම බිතුසිතුවම් ඇඳ තිබුණි.

    මව්බිම පුවත්පතේ සහ ෆේස්බුක් පිටුවේ “මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමයි.” තේමාව යටතේ ඡායාරූප කිහිපයක් සමඟින් සටහනක් ඉදිරිපත් කොට තිබුණේය.

    “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක කරන නගර අලංකරණ වැඩසටහනට සමගාමීව හැටන් නගරයේ චිත්‍ර ඇඳ තිබුණි. නමුත් එයට ඉහළින් පිහිටි මුරපොලේ සිංහලෙන් ලියා තිබූ වැකිය කිසියම් පිරිසක් සුදු ආලේප කර වසා තබා ඇති බව දක්නට ලැබෙනවා. එහි ලියා තිබුනේ මේ පොළෝ තලය අනර්ඝ වස්තුවක් වෙයි. අප එය රැක ගනිමු. යනුවෙන් සඳහන් කර තිබුණු ඵලකයේ මෙසේ සුදු ගා වසා තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය වල දක්වා ඇත්තේ හැටන් නගරයේ සිංහලෙන් පමණක් කිසි දෙයක් බෑ ඒක ජාතිවාදී වැඩක්. යනුවෙන් පවසා මෙම සියලු සිංහල වදන් මකා දමා ඇති බවයි.” යන කථාංශයද එම වාර්තාවට ඇතුළත් කර තිබුණි. 

    News LinkArchived News Link

    හැටන් නගරයේ සිංහලෙන් පමණක් කිසිම දෙයක් බැ ,ඒක ජාතිවාදී වැඩක්, සියලු සිංහල වදන් මකා දමයි ..” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.

    Facebook LinkArchived Link

    සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහනක් පහතින්.

    Facebook LinkArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ  ධාරාවේ මාධ්‍ය කිසිවක් (මව්බිම හැර ) මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

    Google Search Link

    මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය පරික්ෂා කර ගැනීම පිණිස අපි හැටන් පොලිස් ස්ථානයෙන් විමසීමක් කළෙමු. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතා පැවසුවේ දැනට එවැනි සිදුවීමක් වාර්තාවී නොමැති බැවින් පරීක්ෂණයක් සිදුකර කරුණු පැවසිය හැකි බවය. මව්බිම ෆේස්බුක් පිටුවේ වූ ඡායාරූපයන් ඔහු වෙත යොමුකර කළෙමු. 

    ඔහුගේ වාර්තාව අනුව මෙම මෙම සිතුවම ඇත්තේ හැටන් නගරයේ මාලියප්පු හන්දියේය. මලියප්පු  හන්දියේ ඇති තාප්පයේ සිතුවම් මකා දමා නොමැත. මෙම තාප්පයේ ඇඳි සිතුවම් වල “ආයුබෝවන් හැටන්” යනුවෙන් සිංහල භාෂාවෙන්ද “City of Peace” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ද ඇත. සිතුවම් ඇඳි පිරිස විසින්ම “මේ පොළෝ තලය අනර්ඝ වස්තුවක් වෙයි. අප එය රැක ගනිමු” යන වදන් ඉවත් කර එහි සිංහ කොඩිය රැගෙන යන හෙළිකොප්ටරයක සහ සෙබළුන් පිරිසකගේ සිතුවමක් ඇඳ, ඉංග්‍රිසි බසින් 1Nation, 1 People, 1 Country යනුවෙන් සිතුවම් කර ඇත. එය සනාථ කරනු වස් ඔහු ඒ ස්ථානයේ ඡායාරූපයන් ද අප වෙත යොමු කළේය.


    මව්බිම ෆේස්බුක් පිටුවෙහි වූ ඡායාරූපය
    හැටන් පොලිස් ස්ථානාධිපතිතුමා අපවෙත එවූ ඡායාරූප

    අවසාන නිගමනය

    අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ “මේක ජාතිවාදී වැඩක් කියමින් හැටන් නගරයේ චිත්‍ර මකා දමයි.” යන තේමාව යටතේ ඉදරිපත් කර ඇති සටහන සහ අනෙකුත් සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-12-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.