Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජවිපෙ සාමාජිකයින් අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක් !

    2024-05-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්. සමාජ මාධ්‍ය සටහන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉරාන ජනාධිපතිගේ අභාවය සහ කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අළලා පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂා පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim 1 :

    “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා විද්‍යාරත්න බදුල්ලේදී කියයි” යනුවෙන් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    Fact Check :

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ඉරාන ජනාධිපති සෙයිද් ඊබ්‍රාහීම් රායිස්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අප්‍රේල් 24 වන දා විවෘත කෙරුණා. ඊට මසක් ගත වන්නටත් ප්‍රථම, පසුගිය මැයි ඉරිදා 19 දා සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන්, ඉරාන ජනාධිපතිවරයා මිය යෑම හේතුකොට ගෙන, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉහත සඳහන් ලෙස ඉරාන ජනාධිපති සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණා ද, යන්න අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා විමර්ශනය කළා. නමුත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා සඳහන් නොවුණි.

    එමෙන් ම ඉහත සටහනේ පෙන්වා දෙන පරිදි ඔහු විසින් පසුගිය මැයි 19 වන දා සහභාගි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ පළමු දේශපාලන කාන්තා කාර්යාලය විවෘත කළ අවස්ථාවේදී “ඌව ජනතාවගේ ශාපයට ඉරාන ජනාධිපති වන්දි ගෙව්වා” යනුවෙන් ප්‍රකාශ කළා ද යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ එම අවස්ථාවේ සමන්ත විද්‍යාරත්න සිදු කළ සම්පූර්ණ කතාව පරීක්ෂා කිරීමේදී එලෙසින් ප්‍රකාශයක් කළ බව ට දැක ගන්නට නොලැබේ. එම වීඩියෝව මෙතනින්.

    එමෙන් ම විද්‍යාරත්න මහතා මෑතකදී සහභාගි වූ මාධ්‍ය සාකච්ඡා මෙන් ම, වැඩ සටහන් ඔස්සේ ද, පරීක්ෂා කළ ත් ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කළ බව ට සඳහන් නොවේ. එමෙන්ම මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ද, සමන්ත විද්‍යාරත්න විසින් මියගිය ඉරාන ජනාධිපති සම්බන්ධ එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, එය පක්ෂයට මඩ ගැසීම සඳහා සිදු කළ ව්‍යාජ සටහනක් බවයි.

    Claim 2 :

    “මේ රටේ දරුවො බට පතුරු වලින් කැරකෙන කූඩු හදත්දී අනෙක් රටවල දරුවො AI වලින් රොබෝලා හදනවා. – හරිනි අමරසූරිය” පැවසූ බවට දක්වමින් ‘X’ ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    X | Archived    FB | Archived

    Fact Check  :

    ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් කළ බවට දක්වා තිබුණේ, ‘ආණ්ඩුවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට බිලිවෙන ඔබේ දරුවාගේ අනාගතය’ මැයෙන් පසුගිය මැයි 21 වන දා මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු මහජන සම්මන්ත්‍රණයක දී ය.

    එම අවස්ථාවේදී ඇය විසින් ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එම අවස්ථාවේ ඇයගේ කතාව වෙත අපගේ අවධානය යොමු කළා. නමුත් එලෙසින් “බට පතුරු වලින් කැරකෙන කූඩු හදත්දී  අනෙක් රටවල දරුවො AI වලින් රොබෝලා හදනවා” යනුවෙන් ප්‍රකාශයක් සිදු නොකරනු ලබයි. එම අවස්ථාවේ වීඩියෝව මෙතනින්.

    එමෙන් ම මෑතකදී ඇය විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳව ද, අප පරීක්ෂා කළ අතර එවැනි ප්‍රකාශයක් ඇය සිදු කළ බවට නිරීක්ෂණය නොවුණි.

    එමෙන් ම ජවිපෙ මාධ්‍ය අංශය ද, සඳහන් කළේ, ඉහත දැක්වෙන සමාජ මාධ්‍ය සටහන ද, අසත්‍ය බවයි. එසේම A5 News සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙවැනි සටහනක් පළකර තිබුනේ නැහැ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.