Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

    2024-01-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “හැම නාන තොටුපොළකටම, දිය යට, කැමරා පද්ධති සවිකර, දියේ ගිලෙන මිනිසුන් බේරාගත් වැඩපිළිවෙළක් සකසනවා” යනුවෙන් සඳහන් කරමින් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ වු‍ණේ මෙලෙසින්.

    Facebook | Archived

    බොහෝ පරිශීලකයින් මෙම පෝස්ට් වලට උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර,  පසුගිය මැතිවරණ ව්‍යාපාරවලදී සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඇතැම් පැරණි ප්‍රකාශ සමඟින් මෙම නොමඟ යවන සුළු සටහන යළි හුවමාරු කරගනිමින්, මෙවැනි ප්‍රකාශයක් සත්‍ය වශයෙන්ම විපක්ෂ නායකවරයා සිදුකළ බව ඇඟවීමට ද ඇතැමුන් උත්සාහ ගෙන තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළේ, සත්‍ය වශයෙන් ම විපක්ෂ නායක විසින් මෙවැනි ප්‍රකාශයක් කළ බව ට වාර්තා කර තිබුණේ ද යන්නයි. නමුත් අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම් ඒ හා සම්බන්ධ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය විය යුතු වේ (Viral) නමුත් අපට එවැනි වීඩියෝවක් පිළිබඳ පරීක්ෂා කළ ද, එලෙසින් සිදු කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් ද දැක ගන්නට නොලැබුණි. 

    ඉහත සමාජ මාධ්‍ය සටහන සඳහා යොදාගෙන තිබූ ඡායාරූපය ද, අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ඡායාරූපය 2019 වසරේ ජනාධිපතිවරණය සම්බන්ධ රැළියකදී සිදු කළ දේශපාලන කතාවේදී ද, ප්‍රේමදාස මහතා විසින් දිය යට, කැමරා පද්ධති සවි කිරීම වැනි ප්‍රකාශයක් සිදු නොකරන බවට අපට දැක ගන්නට ලැබුණා. එම සිදුවීමට අදාළ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්. 

    අප මේ පිළිබඳව වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් සිදු කළා. ඒ මහතා සඳහන් කළේ, එම ප්‍රකාශ අසත්‍ය සහ ගොතන ලද ප්‍රකාශ බවත්, විපක්ෂ නායකවරයා කිසිවිටෙක එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    Also Read : සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජීවිත බේරා ගැනීම සඳහා පොදු නාන තොටුපළවල දිය යට කැමරා සවි කිරීමට ප්‍රතිඥාවක් දුන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය වේ. මෙවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආවරණයක් හෝ එවැනි ප්‍රකාශයක් සනාථ කරන සමාජ මාධ්‍ය පළ කිරීම් කිසිවක් හෝ නොමැත. හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළක් බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් ද පවසා සිටිනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-01-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.