Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ ව්‍යාජ සටහන්!

    2023-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව”  යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන

    ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    Claim 1: “කොහොමද ගම්පහට ගැලු ජවිපෙ ජන ගංගාව”  යනුවෙන් සඳහන් කරමින්, ගම්පහ පැවැත්වූ ජන රැළියට වැඩි ජනකායක් පැමිණි බව පෙන්වීමට සංස්කරණය කරන ලද ඡායාරුපයක් යොදාගෙන ඇති බව හඟවමින් ඡායාරුප සටහනක් බොහෝ දෙනෙක් වී තිබුනේ මෙලෙසින්.

      Facebook | Archived Link 

      මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, පසුගිය දා පැවති ගම්පහ රැළියේ සත්‍ය ඡායාරූපයේ එකම පිරිස කිහිප වරක් භාවිත කරමින් ඡායාරූප සංස්කරණය කර නොමැති බවයි.

      Archived Link

      සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කර ඇති ඡායාරූප අතර වෙනස පහතින්. එනම් සත්‍ය ඡායාරුපය යොදාගනිමින් ව්‍යාජ ලෙස හුවමාරු වන සේයාරුව ප්‍රතිනිර්මාණය කර ඇති බව පෙනී යනවා.

      Claim 2 : “මාලිමාව දෙදරයි මාලිමාව තැනූ නිහාල් අබේසිංහගේ පුත් චතුර අබේසිංහට නායකත්වය දීමට ඇතුලෙන් කැරැල්ලක් කඩ කුමාර එලියට” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

        Facebook | Archived Link

        ජාතික ජන බලවේගයේ නායකත්වයේ පෙරළියක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් වාර්තා වී නොතිබීම හේතුවෙන් අප මේ පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නැගී නැති බවයි.

        අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා චතුරංග අබේසිංහ මහතාගෙන් ද, විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ද, තමන් පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කරන තරුණයෙකු බවත්, තමන්ට ද, තවදුරටත් තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා යටතේ දැනුම ලබා ගන්නා බවත්, තමන් හා පක්ෂයේ නායකත්වය සමග කිසිදු ගැටලුවක් පැන නැගී නැති බවත්, මීට පෙර අවස්ථාවන් වලදී ද, අනුර කුමාර හා ලාල්කාන්ත අතර ද, අනුර කුමාර මහතා හා හරිනි අමරසූරිය අතර පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටලු පවතින බවට අසත්‍ය තොරතුරු වාර්තා කළා සේම මෙය ද, අසත්‍ය බවයි.

        Claim 3: “මාලිමාව යටතේ සමෘධි නවත්වනවා නිකන් කන්න දෙන්න බෑ” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තවත් සටහනක් පළ වී තිබුණා.

          Facebook | Archived Link

          සමෘධි සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නිරීක්ෂණය කළා. නමුත් අපට එවැනි තොරතුරක් දැක ගන්නට නොලැබුණි.

          ඉන් අනතුරුව සමෘධි ලාභි වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ (2019) සඳහන් වන්නේ මොනවාද යන්න අප නිරීක්ෂණය කළා. ඒ අනුව දැක ගන්නට ලැබු‍ණේ, සමෘධි නවැත්වීම සම්බන්ධයෙන් සඳහන් කර නොමැති බවයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික සංවර්ධනය යටතේ 9වන පිටුවේ සමෘධිලාභීන් සම්බන්ධයෙන් දක්වා තිබූ කරුණු පහතින්.

          NPP

          Claim 4:“ඡන්දයට යා යුතු නෑ” යනුවෙන් NPP නායක අනුර කුමාර විසින් මෑතකදී ප්‍රකාශ කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වී තිබුණා.

            Facebook

            මෑතකදී දිසානායක මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නැති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ නිරීක්ෂණයේදී තහවුරු වූ අතර, ඉහත වීඩියෝව 2021 වර්ෂයේ සැප්තැම්බර් මස අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනු ලබන්නේ කොවිඩ් වසංගතය උග්‍රව පැවති එම සමයේ ඡන්දයක් නොපැවත්විය යුතු බවත්, ඡන්දයක් පවත්වන ලෙස සඳහන් කරන ලද විපක්ෂනායකගේ ඔළුව පරීක්ෂා කළ යුතු බවයි. එම වීඩියෝව මෙතනින්. Archived Link

            Claim 5: “ලිංගික අප්‍රාණිකතාව තියෙන මනුස්සයෙක් සිල්ඩෙනෆිල් ටැබ්ලට් එකක් ගත්තම ලිංගය ශක්තිමත් වෙනව! ඒක ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි! ඒ වගේම, බංකොළොත් ආර්ථිකයක් තියෙන රටකට ඩොලර් ලෝන් එකක් ආවම ලෝකල් කරන්සි එක ශක්තිමත් වෙනවා. ඒකත් ආඩම්බර වෙන්න කාරණයක් නෙමෙයි!” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා විසින් “හරිTV” යූ ටියුබ් නාලිකාවේදී ලහිරු මුදලිගේ විසින් මෙහෙයවපු වැඩසටහනකදී පැවසූ බවට හඟවමින් සටහනක් පළ වුණා.

            Facebook | Archived Link

            අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ එම වැඩසටහන දෙදිනක් තුළ විකාශනය වූ අතර, එනම් එහි පළමු කොටස පසුගිය පෙබරවාරි 25 වන දා එම යූටියුබ් නාලිකාව ඔස්සේ පළ කර තිබූ අතර එහි දෙවන කොටස පසුගිය මාර්තු 1 වන දා පළ වී තිබුණා. නමුත් ඉහත සටහනනේ සඳහන් කිසිදු ප්‍රකාශයක් ඔහු විසින් සඳහන් නොකරන බවට එම සම්පූර්ණ වීඩියෝව නිරීක්ෂණයේදී තහවුරු වුණා. එම වැඩසටහන මෙතනින් සහ මෙතනින්.

            එමෙන් ම ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක ද, සඳහන් කළේ, අනුර කුමාර දිසානායක මහතා විසින් එවැනි ප්‍රකාශයන් කිසිදු අවස්ථාවක සඳහන් කර නොමැති බවයි.

            අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

            Facebook | Twitter | Instagram | Google News | TikTok

            False verdict stamp

            මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

            අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

            FCT

            Fact Crescendo Team

            Fact-Checker

            Fact-checker at Fact Crescendo Sri Lanka.

            Published: 2023-03-17

            මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.