Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැවසූ බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්.

    2021-10-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ විමර්ශනයක්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ෆේස්බුක් පිටු කිහිපයක් මඟින්ම හුවමාරු කරගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගත් සටහනක ඔහු විසින් පහත පරිදි ප්‍රකාශයක් සිදුකර තිබු බවක් හඟවා තිබුණි. 

    “ අපේ ආණ්ඩුවක් තිබුනා නම් ලෝක වෙළදපොලේ ගෑස් මිල වැඩිවූ පමණින් රටේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ.අපි යනවා  ලෝකයේ ගෑස් විකුණන රටවලට .ගිහින් අපි කියනවා, අපිට ගෙවන්න මුදල් නෑ ,සහන මිලට ශ්‍රී ලංකාවට ගෑස් දෙන්න කියලා .ඒ වෙනුවට ලෝක වෙළදපොළේ ගෑස් මිල අඩුවූ සමයක ඒ හිඟ මුදල් පියවන්නම් කියලා. ඒ විදියට ජනතාවට බරක් නොදී අපි මේක කළමනාකරණය කරනවා.මේවා සරල දේවල්.අද මේ රටේ පාලකයෝ අසමත්.”- වැඩිවූ ගෑස් මිල පිළිබදව අදහස් දක්වමින් – අනුර කුමාර දිසානායක .

    Facebook | Archived

    එසේම ගෑස් මිල පිළිබදව අනුර කුමාර දිසානායක මහතා විසින් හිරු ටී.වී සලකුණ වැඩසටනේදී දැක්වූ අදහස් බව අගවමින් හුවමාරු වූ තවත් උපහාසාත්මක කෝණයකින් පළකර තිබු සටහනක් පහතින්.

    “චමුදිත -ඔබතුමා කියන්න ලෝක වෙළදපොළේ 100% ක් ගෑස් මිල වැඩිවෙනකොට ලංකාවෙ වැඩි වෙන්න නොදී පාලනය කරන්නෙ කොහොමද?

    අනුරකුමාර -හරිම සරලයි චමුතිත අපි කියනව අපේ විදෙස්ගත ලාංකිකයින්ට  ගෑස් සිලින්ඩරය ගානේ අරන් මෙහෙට එවන්න කියල . අපි වගකීමෙන් කියන්නෙ.

    චමුදිත – හොදයි ,එහෙනම් අපි යමු කෙටි විරාමෙකට”

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම .)

    අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි ප්‍රකාශයක් ජවිපෙ නායකයා විසින් සිදුකර තිබේද යන්නයි.

    ඉහත පළමු සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි, පසුගියදා ගෑස් මිල වැඩිකිරීමෙන් පසුව ජවිපෙ නායකයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවාදැයි අප විමසා බැලුවා. එහිදී අපට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ජවිපෙ නායකයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර තිබු බවක් දැක ගන්නට ලැබුනේ නැහැ.

    ඉන් අනතුරුව අප මේ සම්බන්ධයෙන් ජවිපෙ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් සිදු කළා.ඔවුන් පැවසුවේද අනුරකුමාර දිසානායක විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි. 

    ඉන් අනතුරුව අප විමසා බැලුවේ අනෙත් ෆේස්බුක් සටහන පිළිබදවයි. මෙහි දැක්වෙන්නේ ජවිපෙ නායක අනුරකුමාර දිසානායක , මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හා සිදුකළ සංවාදයක් ලෙසයි. ජවිපෙ නායකයා හා මාධ්‍යවේදී චමුදිත අතර ආසන්නතම සංවාදය සිදුවූයේ ඔක්තෝබර් මුල් සතියේ පැවැත්වුණු හිරු ටී.වී සලකුණ  වැඩසටහනේදීයි. එහෙත් එම වැඩසටහනේදී මෙවැනි කතාබහක් සිදුවූයේ නැහැ.

    එහිදී ජවිපෙ නායකයා ගෑස් සැපයුමක් සම්බන්ධයෙන් සාකච්ඡාවක යෙදෙන අතර ඒ යුගදනව් විදුලි බලාගාරයේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ ගෑස් සැපයීම පිළිබදවයි. ගෘහස්ථ ගෑස් සැපයුමක් සම්බන්ධයෙන් ඔහු කතා කරන්නේ නැහැ. ඔහු එහිදී රජයට චෝදනා එල්ලකරන්නේ විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරමින් බලාගාරයේ ගෑස් සැපයුම වසර පහක් වැනි දිගු කාලයක් සදහා ඇමැරිකන් සමාගමක  ඒකාධිකාරී බලයකට නතු කරන ගිවිසුමකට රජය අත්සන් තබා ඇති බවයි.(වැඩසටහනේ 43 මිනිතුවේ සිට විනාඩි කිහිපයක්දී ඔහු එය පවසනවා .)

    අදාළ වැඩසටහන නැරඹීම සදහා යූ ටියුබ් යොමුව පහතින්.

    සමාජ ජාලාවල සඳහන් ආකාරයේ මෙවැනි සංවාදයක් චමුදිත සහ අනුර කුමාර  දිසානායක අතර මෙහිදී සිදුවන්නේ නැති අතර මෙය උපහාසාත්මක කෝණයකින් සිදුකල ව්‍යාජ නිර්මාණයක් බව ජවිපෙ මාධ්‍ය අංශය මගින්ද තහවුරු කරනු ලැබුවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අප විසින් සිදු කරන ලද ගවේෂණය තුළින් තවුරු වූයේ ජවිපෙ නායකයා විසින් සමාජ ජාලාවල සඳහන් ආකාරයේ ප්‍රකාශයන් ගෑස් මිල ඉහල යෑම සම්බන්ධයෙන් සිදුකර නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.