Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: ප්‍රවීන කලාකරු ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මියගොස් ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-03-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විශේෂයෙන්ම කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිලිබඳ අසත්‍ය හා නොමඟ යවන සුළු පුවත් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී එවැනි සටහන් පිලිබඳ අප විමර්ෂණ සිදුකළා. මේ ආකාරයෙන්ම පසුගිය දා ප්‍රවීන කලාකරුවෙකු වන ප්‍රසන්නජිත් අබේසූරිය මහතා

    විශේෂයෙන්ම කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිලිබඳ අසත්‍ය හා නොමඟ යවන සුළු පුවත් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී එවැනි සටහන් පිලිබඳ අප විමර්ෂණ සිදුකළා.

    මේ ආකාරයෙන්ම පසුගිය දා ප්‍රවීන කලාකරුවෙකු වන ප්‍රසන්නජිත් අබේසූරිය මහතා අප අතරින් සමු ගත් බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පල වී තිබු ආකාරය අපට දැකගන්නට ලැබුනා

    සමාජ මාධ්‍ය සටහන්:

    Lovely  නම් ෆේස්බුක් පි‍ටුවක එතුමන්ට නිවන් සිව ලැබේවායි සඳහන් කරමින් දීර්ඝ විස්තරයක් පල කර තිබුනා.

    FacebookArchived

    මේ ඒ පිලිබඳව පල කල තවත් සටහනක්.

    FacebookArchived

    මේ දිනවල රූපවාහිනියේ තිරගත වන ජනප්‍රිය ටෙලි නාට්‍යකද රංගනයෙන් දායකත්ව ලබා දෙන ප්‍රසන්නජිත් මහතා මිය ගිය බවට හැඟවෙන මෙම පුවත විශාල පිරිසක් හුවමාරු කරගෙන තිබුනා.බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ප්‍රවීන කළාකරුවෙකු සම්බන්ධ මෙම පුවත ඔහු මෙලොවින් සමුගෙන ඇති ආකාරයෙන් පළකර තිබු බැවින් එය සත්‍ය පුවතක් දැයි විමසා බලන ලෙස අපට ඉල්ලීම් කිහිපයක් ම ලැබී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පුවත පිලිබඳව දැනගැනීමට අප පලමුවෙන්ම ප්‍රසන්න්ජිත් මහතාව සම්බන්ධ කර ගත්ත.එහිදී ඔහු ප්‍රකාශ කලේ ෆේස්බුක් තුල වැරදි සටහනක් පල කර ඇති බවත් එම පුවත සම්පූර්නයෙන්ම අසත්‍ය එකක් බවයි.මෙම ව්‍යාජ පුවත පිලිබඳව ෆේස්බුක් වෙත සටහනක් එකතු කල බවත් ඒ මහතා අපට සඳහන් කර සිටියා.

    අප ප්‍රසන්නජිත් මහතාගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් මෙම පුවත වැරදි එකක් බව ඔහු සඳහන් කර තිබුනා.ඔහු පල කල සටහන පහත පරිදියි.

    “මම තාම පණපිටින් …………..   කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ පොස්ට් එකක් හදල දාල…  ඊයෙ රාත්‍රී සිට අද පන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුව.. මිනිස්සුත් නිකන් කලබල වෙනව…… ඒ සියලු දෙනාට ස්තුතියි 🙏 මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රස්නෙ…”

    ඉහත කරුනු අනුව මෙම පුවත අසත්‍ය එකක් බව පෙනී යනවා.

    මේ දිනවල රූපවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන නාඩගම්කාරයෝ නාට්‍යයේ ෆේබුක් පි‍ටුවේද මෙම පුවත අසත්‍ය එකක් බවට කරුනු වාර්තා කර තිබුනා.ඔවුන් සඳහන් කර තිබුනේ ප්‍රසන්නජිත් අබේසූරිය මහතා (නාඩගම්කාරයෝ හි මාස්ටර්) පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත්, ආදරණීය කළාකරුවා ඉතාමත් හොඳින් පසුවන බවත් ය.

    FacebookArchived

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී ප්‍රවීණ කලාකරු ප්‍රසන්නජිත් අබේසූරිය මහතා අප අතරින් සමුගෙන ඇති බව හැඟවෙන ආකාරයෙන් ඔහුට නිවන් සුව පතා පල කර ඇති සටහන් කිසිඳු සත්‍යතාවයකින් තොර බව නොමඟ යවන සුළු කෝණයකින් පළකර ඇති ව්‍යාජ සටහන් බව අපට තහවුරු කල හැකියි. ඔහු යහපත් සෞඛ්‍යයෙන් මේ වන විට පසුවේ

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ප්‍රවීන කලාකරු ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මියගොස් ඇති බවක් හඟවමින් ඔහුට නිවන් සුව පතා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.