Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: නලින්ද ජයතිස්ස මහතා චීන එන්නත් පිළිබදව සිදුකළ ප්‍රකාශයක් සහ ජාතික ජන බලවේගය විසින් නම් කළ ඡායා කැබිනෙට්ටුවක්?

    2021-08-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක්

    ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි සාමාජිකයින් අළලා නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ ජාලාවල පැතිරෙනවා .මේ සටහන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අසත්‍ය සහ නොමග යවන සුලු ඒවායි. අප විසින් විමසා බැලූ එවැනි අසත්‍ය සහ නිල නොවන ප්‍රකාශයක් පිළිබඳව විමර්ෂණයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Wasantha Sds නම් අයෙක් විසින් ෆේස්බුක් සටහනක් එක් කර තිබුණේ මෙලෙසින්.

    අනිත් රටවල්වල හැදුවෙී අවුරුදු පහක දහයක වෙලේ ඉඳන්ද ?

    එන්නත් කරනය අසාර්ථක කරන්න බැරිවුණාම මිනිස්සුන්ගෙ ඔළුහරි කුරවල් කරන්න එපැයි 😁😁😁

    ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පුවත්පතකට “මෙතරම් ඉක්මනින් නිශ්පාදනය කර ලංකාවට ලබා දෙන චීන එන්නත් වල ගුණාත්මකභාවය ගැන සැකයක් තියෙනවා”  යනුවෙන් කළ ප්‍රකාශයක් බවට ද ඡායාරූපයක්ද එක් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම Amal Jayawardane II නමැති පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ ජාතික ජන බල වේගය විසින් ඡායා කැබිනෙට්ටුවක් සකස් කර ඇති බවට හැඟවෙන පරිදි ලේඛනයක් දක්වා තිබුනේ “ජවිපේ ඡායා කැබිනෙට්ටුව අහුමුලුවල ඉන්න ඔක්කොම ජෙප්පො ටික අහුලාලා අරන් අමති තනතුරු දිලා තියෙන්නෙ . කොහොම උනත් විදායාමක කැබිනට් එකක් ” යන තේමාවෙන්

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එන්නත් සම්බන්ධයෙන් සිදුකලා යැයි පැවසෙන ප්‍රකශය පිලිබදව අප මුලින්ම කරුණු අධ්‍යයනය කළා. එහිදී අපට පැහැදිලි වුනේ ඔහු විසින් ලංකාවේ එක්තරා පුවත්පතකට ලබාදී තිබුණු ප්‍රකාශයක් විකෘති කර කිසියම් පිරිසක් සමාජ ජාලා හරහා එය පතුරුවා කර තිබු බවකුයි.

    පහතින් දැක්වෙන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මව්බිම ලබාදී සාකච්ඡාවක් ඇසුරින් මේ වසරේ ජුලි මස 04 වනදා එම පුවත්පතේ පළවූ පුවත්පත් වාර්තාවයි.(පිටුව 20)

    Mawbima July 04th 

    එම ප්‍රකාශය විකෘති කර සමාජ ජාලා හරහා පතුරවා හරින ආකාරය හා එහි සත්‍ය පුවත්පතේ සටහන අතර සංසන්දනය පහතින් දැක්වෙනවා.

    නලින්ද ජයතිස්ස මහතා ද අපට පවසා සිටියේ මේ ආකාරයේ ප්‍රකාශයක් තමා විසින් සිදුකර නැති බවයි.

    අප ඉන් අනතුරුව විමසා බැලුවේ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් පුළුල් සංධානය වන ජාතික ජන බලවේගයේ ඡායා කැබිනෙට්ටුව ලෙස හැදින්වෙමින් මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරෙන සටහන පිළිබදවයි.

    අපි මුලින්ම මේ පිළිබදව සොයා බැලුවේ කිසියම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් ඔස්සේ මේ පිළිබදව කිසියම් හෝ සටහනක් පළව ඇද්දයි යනුවෙනි. එවැනි කිසිදු සටහනක් සොයා ගැනීමට අපට හැකිවූයේ නැහැ.

    එසේම එම සටහනේ දක්වා තිබු ලිපියේ දිනය මැයි මාසයේ 16 ලෙස දක්වා තිබු අතර මීට පෙර ජුනි මාසයේ දී මෙම ලේඛන හුවමාරු වී තිබු අවස්ථාවක් මෙතනින් Archived

    කෙසේවෙතත් මෙම සටහන් සඳහා ජාතික ජන බලවේගයේ ලිපි ආකෘතියක් යොදා ගෙන තිබු බවින්, අප ජාතික ජන බලවේගයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිළිබදව විමසීමක් සිදු කළා. මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ මේ ආකාරයේ ඡායා කැබිනෙට්ටුවක් පිළිබදව සඳහන් වන කිසිඳු ලියවිල්ලක් ජාතික ජන බලවේගය විසින් මෑතක දී හෝ මීට පෙර මැතිවරණ සමයේ දී හෝ නිකුත් කර නැති බව වගකීමෙන් යුතුව පැවසිය හැකි බවයි. 

    මැතිවරණ සමයේ දී පවා ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ විනා මේ ආකාරයේ එක් එක් විෂයන් සඳහා මේ ආකාරයේ පුද්ගල නාමයන් නම් කළේ නැති බව ද පවසා සිටියා.

    එසේම එම පිටු දෙකකින් සමන්විත ව්‍යාජ ලේඛනයේ ජාතික ජන බලවේගයේ සාමාජිකයින් හෝ කිසිඳු සම්බන්ධයක් හෝ නොමැති නම් කිහිපයක් ම තිබෙන බව ද  මාධ්‍ය ලේකම් වරයා අපට පෙන්වා දුන්නා.

    එසේම සිය පක්ෂයේ සාමාජිකයින් ගේ දුරකථන අංක යොදා ගනිමින් විවිධාකාරයේ ව්‍යාජ සටහන් උපහාසාත්මක කොණවලින් මැතක දී පළකර තිබෙන බව ද අප සමඟ පවසා සිටියා. මේ ආකාරයේ ව්‍යාජ සටහන් දෙකක් පහතින්.

    FB | Archived     FB | Archived

    මේ ආකාරයටම වසන්ත සමරසිංහ මහතාගේ දුරකථන අංකය යොදාගනිමින් පළවූ ව්‍යාජ සටහනක් පිලිබඳ අප මීට දින කිහිපයකට පෙර සිදුකළ විමර්ශණයක් මෙතනින්

    අපගේ කරුණු විමසා බැලීම්  පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් සිදු කළා යැයි සමාජ ජාල හරහා හුවමාරු වන ප්‍රකාශය, ඔහු සැබැවින්ම සිදු කළ ප්‍රකාශයක් නොවන අතර ඔහු විසින් පුවත්පතකට සිදු කළ ප්‍රකාශයක සිරස්තලය සංස්කරණය කරමින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබු බව තහවුරු වුණා.

    එසේම ජාතික ජන බලවේගයේ ඡායා කැබිනෙට්ටුව ලෙස සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙන ලේඛණය, ජාතික බලවේගය විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල ලියවිල්ලක් නොවන බවද ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය මගින් තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-08-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.