Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK:ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළකළ බවට සටහන් පෙළක් !

    2021-08-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර

    ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ අය පළ කල බව පැවසෙන අදහස් නිරතුරුවම සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවේ. එයින් ඇතැම් ප්‍රකාශ සත්‍ය වශයෙන්ම ඔවුන් පැවසූ ප්‍රකාශ වන අතර ඇතැම් ප්‍රකාශයන්, දේශපාලනිකව හෝ පුද්ගලිකව ඔවුන්ට මඩ ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කෙරුණු ප්‍රකාශ වේ. මේ එවැනි අපහාසාත්මක ප්‍රචාර කිහිපයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    සිසිත සුයාම නම් පුද්ගලයෙකු ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයකු වන නිහාල් ගලප්පත්තිගේ පුත්‍රයා වන චතුර ගලප්පත්තිව ඉලක්ක කර ගනිමින් ෆේස්බුක් සටහනක් මෙලෙස තබා තිබුණි.

    Facebook | Archived

    ජවිපාවුන් රටින්ම තුරන් කරමු යනුවෙන් අන්ද මන්ද නම් ෆේස්බුක් පිටුවක් මගින් තබන ලද ෆේස්බුක් සටහනක් ප්‍රචාරය කර තිබුණේ මෙසේයි.

    Facebook| Archived 

    “මේව අහල පණ පලයන් ලබණ පෙරෙයිදා” නම් ෆේස්බුක් පිටුවක් මගින් ජවිපෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක විසින් මහානායක හිමිවරුන් ගැන තැබූ ටුවිට්ර් සටහනක් යයි සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් පළකර තිබූ ආකාරයයි මේ.

    Facebook| Archived

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ ඔවුන්ගේ පවුල්වලට අයත් සාමාජිකයන් සම්බන්ධයෙන් පළවූ ඉහත ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන්සොයා බලන ලෙස සිදු කරන ලද ඉල්ලීම් නිසා අප මේ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කිරීමට තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මුලින්ම අපසොයා බැලුවේ ජවිපෙ ඉදිරි පෙළ නායකයෙකු වන නිහාල් ගප්පත්ති මහතාගේ පුතා වන චතුර විමුක්ති ගලප්පත්ති සම්බන්ධයෙන් පළවූ ෆේස්බුක් සටහන් පෙළයි. එහිදී ඔහු කොවිඩ් සඳහා ලබා දෙන චීන එන්නත් ලබා නොගන්නා ලෙස ෆෙස්බුක් සටහනක් පළකර ඉන් අනතුරුව ඔහු විසින්ම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම්  එන්නත ලබා ගෙන එම එන්නත් කාඩ් පතේ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර ඇතැයි ඇතැම් ෆේස්බුක් සටහන් වල පළකර තිබුණා.

    කෙසේ වෙතත් ඔහුගේ ෆේස්බුක් සටහන් නිරීක්ෂණය කිරීමේදී අපට සමාජ ජාලාවල සටහන්වූ ආකාරයේ සටහන් සොය ගැනීමට හැකිවූයේ නැහැ. ඒ හේතුවෙන් චතුර ගලප්පත්තිගෙන් අප ඒ පිළිබදව විමසා බැලුවා. ඔහු පවසා සිටියේ තමන් චීන එන්නත් ලබා නොගන්නා ලෙසට ෆේස්බුක් සටහන් පළ නොකල බවයි. එමෙන්ම තමන් එන්නත් ලබාගත් බවට එන්නත්කරණ කාඩ්පතෙහි ඡායාරූප අන්තර්ජාලය ට එක් නොකළ බවද ඔහු පවසා සිටියා.

    චතුර ගලප්පත්ති වැඩි දුරටත් පවසා සිටියේ තමන් මෙතෙක් කිසිම එන්නතක් ලබා නොගත් බව සහ තව සතියක පමණ කාලයකින් සයිනොෆාම් එන්නත ලබාගැනීමට අපේක්ෂාවෙන් පසුවන බවයි. 

    එමෙන්ම අප මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර නිරීක්ෂණයේදී දැකගන්නට ලැබුණේ, චතුර ගලප්පත්ති පළකලේ යැයි අන්තර්ජාලයේ තිබූ කොවිඩ් 19 එන්නත්කරණ කාඩ් පතේ ඡායාරූපයට සමාන කාඩ්පතක් වජිර යසරත්න නම් අයෙකු විසින් මැයි 11 දින සයිබර් අවකාශයට මුදා හැර තිබූ බවයි. එමගින් පෙනීයන්නේ වජිර යසරත්න සමාජ ජාල වලට එක්කරන ලද එන්නත් කාඩ්පතේ ඡායාරූපය, චතුර ගලප්පත්ති විසින් සිට ෆේස්බුක් ගිණුමට එක්කරන ලද බවට සංස්කරණය කර පළකර ඇති බවයි. එම සටහන පහතින්.

    Facebook| Archived 

    ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක ට්විටර් සහ ෆේස්බුක් ගිණුම්වල පළ කළ අදහස් යැයි සයිබර් අවකාශය තුළ ප්‍රචාරය වූ සටහන්, ඔහුගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් නිරීක්ෂණය කිරීමේදී අපටසොයා ගැනීමට හැකි වූයේ නැහැ.

    අප මේ පිළිබඳව බිමල් රත්නායක මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා පැවසුවේ සමාජ ජාලාවල පළවූ මෙම සටහන් මුලුමනින්ම  අසත්‍ය සහ පදනම් විරහිත බවයි. 

    කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සමාජ වාදී තරුණ සංගමය විසින් බිමල් රත්නායක මහතා සමග ෆේස්බුක් සජීවි සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 22 පැවැත්වුණා. එම සාකච්ඡාව මෙතනින්.

    “මුස්ලිම්වරුන්ට කාති උසාවි තහනම් කරනවා නම් හාමුදුරුවන්ගේ අධිකරණ සංඝනායක පදවිත් අයින් කරන්න ඕනේ” යන වදන රෝපණය කර බිමල් රත්නායක මහතා පැවසූ බවට මීට පෙර පළ වූ අසත්‍ය සටහනක ආකෘතිය ද මෙම සටහනට සමාන වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය) :

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් වන බිමල් රත්නායක මහතා පිළිබදව සහ නිහාල් ගලප්පත්ති මහතාගේ පුත්‍රයා වන චතුර විමුක්ති ගලප්පත්ති මහතා පිළිබඳව මේ දිනවල සමාජ ජාලාවල පළවන ඉහත සඳහන් සටහන් මුළුමනින්ම අසත්‍ය සහ නොමග යවන සුළු සටහන් වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.