Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: සමන්ත විද්‍යාරත්නගෙන් කිංස්ලිට දෝෂාරෝපණයක්? උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

    2021-05-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍

    පසුගියදා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීම් ලද සිරස මාධ්‍ය ජාලයේ හිටපූ ප්‍රවීන මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය තුළ සැරිසැරුවා.

    ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජික සමන්ත විද්‍යාරත්න මහතා විසින් කිංස්ලි රත්නායක මහතාගේ නව පත්වීම විවේචනය කරන අයුරු දැක්වෙන සටහන් පෙළක් අප නෙත ගැටුනා. 

    එම සටහන ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අලලා හුවමාරු වූ සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    1. Vindya Kahandagama නමැත්තෙකු විසින් සිට ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ සටහනේ සඳහන් වුණේ,  “කිංස්ලි රත්නායක කියන්නේ ලුම්පන් පාදඩ එෆ් එම් සංස්කෘතියක් ගිරව් වගේ හදලා ප්‍රේමකීර්තිලා – තේවිස්ගුරුගේලා සාගරිකා ගෝමස්ල මේ රටේ ගොඩනගපු ගුවන් විදුලි සදාචාරය වනසපු සංස්කෘතික සෝදා පාළුවෙක්” යනුවෙන් සමන්ත විද්‍යාරත්න මහතා විසින් සඳහන් කළ බවයි.

    Facebook | Archived Link

    1. Jason Dissanayake යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, ටිල්වින් සහෝදරයාගේ දරුවන් දෙදෙනා වන ඈන් සහ මාග්‍රට් මෙවර උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම සහ තෙවන ස්ථානය ලබා ඇති බවයි.

    Facebook | Archived Link

    1. Dana DV නම් අයෙක් විසින් “රජය වගකීම් පැහැර හරිද්දි අපි අපේ යුතුකම් ඉටු කරමු” යනුවෙන් සඳහන් කරමින් දක්වා තිබුණේ,  ශ්‍රී ලංකා රතු තරුව විසින් පවතින කෝවිඩ් අවධානමට මුහුණ දීම සඳහා ඇඳන් 2000 කින් සමන්විත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේදී ස්ථාපනය කළ බවයි.

    Facebook | Archived Link

    1. දුලාජ් දිසානායක යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, රතු තරුවේ සහන ඒකක 42ක් ඉන්දියාවට ගිය බවයි. Newsfirst.lk ෆේස්බුක් පිටුවේ මෙම සටහන දක්වා ඇති බවට හඟවා තිබේ.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    1. කිංස්ලි රත්නායක මහතා සම්බන්ධයෙන් සමන්ත විද්‍යාරත්න මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කළාද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යජාලා වලද අප නිරීක්ෂණය කළා. ඒ මහතා එලෙස පැවසූ බවට කිසිදු සඳහනක් නොතිබුණි. එමෙන්ම අප මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔවුන් තහවුරු කළේ, මෙය අසත්‍ය පුවතක් බවයි.

    සමන්ත විද්‍යාරත්න මහතා ද සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ, කිංස්ලි රත්නයක සම්බන්ධයෙන් මෙවැනි කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් මෙය ඇතැම් කණ්ඩායම් විසින් හිතාමතාම සංවිධානාත්මකව සිදු කරනු ලබන ව්‍යාජ ප්‍රචාරයක් බවයි.

    එම ෆේස්බුක් සටහන පහතින්

             Facebook | Archived Link

    1. ටිල්වින් සිල්වා මහතාගේ දරුවන් දෙදෙනා මෙවර උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම සහ තෙවන ස්ථානය ලබාගත් බවට සඳහන් වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය පැවසුවා. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ටිල්වින් සිල්වා මහතාගේ දරුවන් නොවන බවත් බෙලිඅත්තකණ්ඩියේ පක්ෂයේ සාමාජිකයෙකුගේ නිවුන් දූවරුන් දෙදෙනෙක් බවත් ඔවුන් සඳහන් කළා.

    එමෙන්ම මෙම ඡායාරූපයේ පෙනී සිටින තරුණියන් ද තහවුරු කළේ, ඔවුන් ටිල්වින් සිල්වා මහතාගේ හිතවතෙකුගේ නිවුන් දියණියන් දෙදෙනෙකු බවත්, ඔවුන් අවසන් වරට 2019 වර්ෂයේදී උසස්පෙළ ලියූ බවත් මෙවර උසස්පෙළ විභාගයට පෙනී නොසිටි බවත්ය.

    මෙවර උසස් පෙළ කළා ඇතුළු අනෙකුත් අංශ වලින් ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් පිලිබඳ වාර්තාවක් මෙතනින්

    Also Read:

    Fact Check : අ.පො.ස. උසස් පෙළ කලා අංශයේ දිවයිනේ ප්‍රථමයා ?

    1. ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේදී ඇඳන් 2000 කින් සමන්විත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කළ බවට සඳහන් කළ ඇති සටහන සම්බන්ධයෙන්ද අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළා. ඇඳන් 2000 කින් සමන්විත කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය නොකළ බවට ඔවුන් අවධාරණය කර සිටියා.

    එමෙන්ම අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළා. ඒ අනුව කෝවිඩ් මධ්‍යස්ථාන නිරූපණය කිරීම සඳහා 2020 සිට ඉන්දියා මාධ්‍ය භාවිතා කළ රූපයක් බව තහවුරු වුණා. එම ඡායාරූපය සහිත පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    1. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධව ශ්‍රී ලංකා රතු තරුව සහන ඒකක 42 ක් ඉන්දීය අගනුවරට යනුවෙන් සඳහන් සටහන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ, මෙම සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය පැතිරවීමට යොදා ගන්නා ලද සටහන් බවයි.

    එමෙන්ම මෙම සටහන Newsfirst.lk වාර්තා කළ බවට හැඟවීම සංස්කරණය කර තිබුණේ, ප්‍රවීණ රංගන ශිල්පිනී දීපානි සිල්වා සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක ශීර්ෂය සංස්කරණය කරමින් අසත්‍ය සටහනට සකසා ඇති බවයි. 

    එම සංසදනය පහතින්.

    Facebook | Archived Link   Facebook | Archived Link

    මෙම දක්වා ඇති ඡායාරූපය 2016 දී ජනතා විමුක්ති පෙරමුණ හා රතු තරුව සහන බලකාය විසින් ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා දියත් කළ මානුෂීය මෙහෙයුමකදී ලබා ගත් ඡායාරූපයක් වනවා. ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාව මෙතනින්.

    People’s Liberation Front | Archived Link

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශන අනුව පෙනී යන්නේ, බොහෝදුරට උපාහාසාත්මක කෝණයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළ කර ඇති නොමඟ යවන සුළු ව්‍යාජ සටහන් පෙළක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.