Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරන තරඟයක්!

    2025-06-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ ස්වරූපයෙන් විවිධ සන්නාම භාවිත කරමින් සත්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ වංචාවන් සිදු කරනු ලබනවා. එවැනි වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන දැනුවත් කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සට

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විවිධ ස්වරූපයෙන් විවිධ සන්නාම භාවිත කරමින් සත්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ වංචාවන් සිදු කරනු ලබනවා. එවැනි වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන දැනුවත් කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් එහි උපන්දිනය සමරන බවට ත්, ඒ සඳහා තරඟයක් පවත්වන අතර ඔවුන් විසින් යොමුකළ ෆේස්බුක් සටහනකට “සුභ උපන්දිනයක්” යනුවෙන් කමෙන්ටුවක් පළ කරන ලෙසත්, එහිදී තෝරාගනු ජයග්‍රාහකයින්ට 5 දෙනෙකුට ජීවිත කාලික සත්වෝද්‍යානය නැරඹීමට ප්‍රවේශපත්‍රයක් හිමිවන බව ත් දක්වා තිබුණා. 

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    යම්කිසි සටහනකට කොමෙන්ටුවක් පළ කෙරුණු පමණින් ජයග්‍රහකයින් තෝරා ගන්නා බවට සිදු කරන තරඟ බොහෝ අවස්ථාවන් වල දී වංචනකියන් සිදු කරන ඔන්ලයින් වංචාවන් ස්වරූපය බැවින් අප මෙම සටහන දෙහිවල ජාතික සත්වෝද්‍යාන නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇත්දැයි යන්න පිළිබඳ අප පරීක්ෂා කරනු ලැබුවා.

    නමුත් අපට එවැනි තරඟයක් හෝ ත්‍යාග පිරි නැමීමක් සම්බන්ධයෙන් සටහනක් එම නිල ෆේස්බුක් පිටුවේ දක්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව දෙහිවල ජාතික සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, මෙය ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බව ත්, දෙහිවල ජාතික සත්වෝද්‍යාන ෆේස්බුක් පිටුව ලෙසින් පෙනී සිටීමෙන් සත්වෝද්‍යානයේ කීර්ති නාමය අවභාවිත කරන බවයි. එමෙන් ම ෆේස්බුක් ගිණුම් පරිශීලකයින්ගෙන් මුදල් ලබා ගැනීම් සම්බන්ධව මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණිලි ලැබෙන බව ත්, ඇය සඳහන් කරනු ලබනවා.

    එමෙන් ම සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද, සමාජ මාධ්‍ය මගින් සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් සිදුකරනු ලබන මෙම මුදල් වංචාව සම්බන්ධව දැනුවත් කිරීමක් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිල ෆේස්බුක් පිටුවේ ද, මෙම ව්‍යාජ ෆේස්බුක් පිටුව පිළිබඳ දැනුවත් කරමින් මෙම පිටුව මගින් සිදු කරන මුදල් වංචාවන්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙලෙසින්.

    Archived Link

    මෙම වංචාවන් ක්‍රියාත්මක වන ආකාරය

    වංචාකරුවන්  විශ්වාසය දිනා ගැනීමට සහ මෙවැනි ව්‍යාජ ප්‍රවර්ධන පතුරුවා හැරීමට නව උපක්‍රමයක් ලෙස මෙම ක්‍රමය භාවිතා කරනු ලබයි.

    එනම්, ඔවුන් සත්‍ය සන්නාම භාවිත කරමින් එම නිල පිටු ලෙස පෙනී සිටිනු ලබයි.

    ව්‍යාජ දීමනාවක් හෝ තරඟ ප්‍රවර්ධනය කිරීමට හේතු:

    ඔබට ප්‍රතිචාර දැක්වීමට හෝ ඔබ ජයග්‍රහණය කළ බවට දැන්වීමට පුද්ගලික හෝ බැංකු තොරතුරු ඉල්ලා සිටින තතුබෑම් අඩවියකට(Phishing Website) යොමු කරයි.

    ඔබ කමෙන්ට් පළ කිරීම මගින් එම ව්‍යාජ සටහන් බෙදාගැනීමට, ඔවුන්ට තවත් පුද්ගලයින් වෙත ළඟා වීමට උපකාරී වන අතර, වංචාව තවදුරටත් ව්‍යාප්ත කරනු ලබයි.

    ‘ත්‍යාගය ලබා ගැනීමට’ කුඩා ගෙවීමක් කරන ලෙස ඉල්ලා සිටීමට හැකි අතර, එය ඔවුන්ගේ මුදල් වංචා සිදු කරන එක් ක්‍රමයක් වේ. 

    බැංකු තොරතුරු,OTP අංක ඉල්ලීම මගින් ඔබ නොදැනුවත් ව ඔවුන්ට ලබා දෙන තොරතුරු මගින් ඔවුන් ඔබගේ බැංකුවල මුදල් වංචා කිරීමට හැකියාව පවතී. නැතිනම් ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් අනෙක් ගිණුම් හැක් කිරීමේ අවකාශය පවතී. 

    මේ හේතුවෙන් මෙවැනි වංචාකරුවන්ට හසු නොවී සුරක්ෂිත වීම ඔබගේ වගකීමක් වේ. සෑම විටම නිල ෆේස්බුක් පිටු මගින් තහවුරු කර ගත් තොරතුරු පමණක් පරිශීලනය කළ යුතුයි.

    Also Read : සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් එහි උපන්දිනය සඳහා තරඟයක් පවත් වන බවත්, ජයග්‍රහකයින් සඳහා ජීවිත කාලික සත්වෝද්‍යානය නැරඹීමට ප්‍රවේශපත්‍රයක් හිමි වන බවට දක්වමින් පළ වන සටහන් අසත්‍යවේ. එය දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලෙසින් පෙනී සිටින ව්‍යාජ ෆේස්බුක් පිටුවක් විසින් සිදු කරන මුදල් වංචාවක් බව දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය ද තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.