Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූවාද?

    2023-01-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළකරමින් පසුගිය කාලයේ දී ජනප්‍රියට පත් වූ ‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාව විමසා බලා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළකරමින් පසුගිය කාලයේ දී ජනප්‍රියට පත් වූ ‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාව විමසා බලා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ තව ත් සටහන් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link|Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ බොහෝ දෙනෙකු ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූ බවට වටහාගෙන ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    විශේෂයෙන්ම දේශපාලකයන් විවේචනය කරමින්, වීඩියෝ මාර්ගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් ජනප්‍රියත්වයට පත් ‘ජීන්’ නමැති වැඩිහිටි කාන්තාව, බොහෝ දෙනා හඳුන්වන්නේ ‘ජීන් ආච්චි’ ලෙසයි. වර්තමානයේ පවතින දේශපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කරමින්, පසුගිය සමයේ අරගලයට ද, අතහිත ලබා දුන් ජීන් ආච්චි බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ කාන්තාවකි.

    ඇය විසින් සිදු කරන ලද ඇතැම් ප්‍රකාශයන් අඩංගු වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වී තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    කෙසේ වෙතත් ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූවාද යන්න පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එම පුවත අසත්‍ය බවත්, ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ය.

    Sakiya – සකියා යූ ටියුබ් නාලිකාවේ මෙම පුවතේ නිරවද්‍යතාව විමසා බැලීමට ඇය හමුවීමට ගිය අවස්ථාවක් පළ කර තිබුණේ මෙලෙසින්.

    තමන් ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් තවත් අවස්ථාවකදී ඇය දැක්වූ අදහස් මෙතනින්. 

    ඇය පසුගිය දා අදහස් දැක්වූ තවත් අවස්ථාවක් පහතින්

    https://youtu.be/ZYYkPoaH5JU

    ඇය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ත් එය ව්‍යර්ථ වූ අතර ඇයගේ පිළිතුරු සමග මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, ‘ජීන් ආච්චි’ මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් අසත්‍ය බවයි. ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.