Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රිය අනතුරින් දිනේෂ් මුතුගල ජීව විද්‍යා දේශක ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටහනක්!

    2022-08-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු ඔස්සේ සමාජ මාධ්‍යයේ අසත්‍ය සටහන් මෙන්ම නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එහි ඇති වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, එම පුද්ගලයන් යම්කිසි අසනීප තත්ත්වයෙන් පසුවුවහොත් හෝ රෝහල් ගත කිරීමකදී එම ප්‍රසි

    සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු ඔස්සේ සමාජ මාධ්‍යයේ අසත්‍ය සටහන් මෙන්ම නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එහි ඇති වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, එම පුද්ගලයන් යම්කිසි අසනීප තත්ත්වයෙන් පසුවුවහොත් හෝ රෝහල් ගත කිරීමකදී එම ප්‍රසිද්ධ චරිත ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමයි.

    එවැනි පුවතක් සම්බන්ධයෙන් එහි සත්‍ය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ප්‍රසිද්ධ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය 21 වන දා අළුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ, දම්බොක්ක ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ ජීප් රථයක් එහි රියැදුරුට පාලනය කිරීමට නොහැකිව මාර්ගයෙන් ලිස්සා ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටි බවුසරයක වැදීමෙන් බරපතළ රිය අනතුරක් සිදුවුණා.

    එම ජීප් රථ අනතුරින් එහි සිටි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා ඇතුළු සිව් දෙනෙකු රෝහල් ගත කර තිබුණා. මෙම අනතුර පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වල ඡායාරූප පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ප්‍රධාන මාධ්‍යද, මේ අනතුර සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    නමුත් එම ගුරුවරයා ජීවිතක්ෂයට පත් වූ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් දක්වා නොතිබුණු අතර පොලිස් මාධ්‍ය නිවේදනයේද,එවැනි පුවතක් දක්වා නොතිබුණි.

    එම අනතුර බිහිසුණු රිය අනතුරක් වූව ද, එම ගුරුවරයා ඇතුළු සිව් දෙනා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරින් සුළු තුවාල පමණක් ලබා ඇති බවට කුරුණෑගල රෝහල වාර්තා කර ඇති අතර තමන් මේ වන විට සුවෙන් පසුවන බව රෝහලේ සිටියදී දිනේෂ් මුතුගල ගුරුවරයා පවසා තිබුණේ මෙලෙසින්.(27.08)

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට එම ගුරුවරයා සිය නිවස බලා පිටත් වූ අවස්ථාවේ වීඩියෝවක්ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් තවත් ගුරුවරයෙක් වන තිස්ස ජනනායක ජීව විද්‍යා දේශකද, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණේ, දිනේෂ් මුතුගල ගුරුවරයා සුවෙන් පසුවන බවයි. එම සටහන මෙතනින්. Archived Link

    අනතුරින් සුළු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් නිවසට පැමිණි දිනේෂ් මුතුගල දේශකවරයා මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර නිරුපද්‍රිතව තමන් ඇතුළු සිව් දෙනාම බේරුන බවත් සුවෙන් පසුවන බව සඳහන් කළේ මෙලෙසින්.

    https://www.facebook.com/watch/?v=1171473263404448

    ඒ අනුව පැවසිය හැක්කේ ඔහුට කිසිදු බරපතල අනතුරක් සිදු නොවූ බවත්, මේ වන විට සුවෙන් පසුවන බවත්ය.

    එසේම දිනේෂ් මුතුගල මහතා සමීපව ඇසුරු කළ ඔහු මෙන්ම ජනප්‍රිය, භෞතික විද්‍යා දේශකයෙකු වූ මහේෂ් දුක්ගන්නාරාළ මීට මසකට පමණ පෙර, ජුලි 30 වන දා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් පලවී තිබුණා. මහේෂ් දුක්කන්නාරාළ පිළිබඳව දිනේෂ් මුතුගල ගුරුතුමා පැවසු වදන් පෙළක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බරපතල අනතුරකට මුහුණ දුන් ප්‍රසිද්ධ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුගල මහතා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. එම ගුරුවරයා ඇතුළු එම ජීප්රියේ ගමන් ගත් සිව්දෙනා අනතුරින් සුළු තුවාල ලබා මේ වන විට සුවෙන් පසුවන බවට ගුරුවරයා විසින් තහවුරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.