Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    වෛද්‍ය රාජිත සේනාරත්න මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක්!

    2022-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රසිද්ධ චරිත අසනීප තත්ත්වයකින් පසු වූ බවට පුවත් සැල වූ වහාම එම පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා මෑතකාලයේදී අපට සුලබව දක්නට ලැබුණා. එලෙස අසනීප තත්ත්වයකින් පසුවන දේශපාලනඥයෙක් සම්බන්ධ වූ සංසරණය වූ අසත්‍ය ප්‍රචාරයක් පිළිබ

    ප්‍රසිද්ධ චරිත අසනීප තත්ත්වයකින් පසු වූ බවට පුවත් සැල වූ වහාම එම පුද්ගලයන් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා මෑතකාලයේදී අපට සුලබව දක්නට ලැබුණා. එලෙස අසනීප තත්ත්වයකින් පසුවන දේශපාලනඥයෙක් සම්බන්ධ වූ සංසරණය වූ අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප කළ කරුණු විමසුමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඔබට නිවන් සුව හිටපු අමාත්‍යතුමනි” ය-නුවෙන් වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඡායාරූපයක් පළ කරමින් ඔහු මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටන් පළ වුණා.

    Facebook | Archived Link

    ෆේස්බුක් පරිශීලිකයින් අතර එම සටහන සංසරණය වී තිබු‍ණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළාද යන්න අප විමර්ශනය කළ අතර එලෙස කිසිදු වාර්තාවක් පළ වී නොතිබුණු බවට අපට නිරීක්ෂණය විය.

    වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 05 වන දා ප්‍රධාන මාධ්‍ය වාර්තා කළ අතර, මේ වනවිට මන්ත්‍රිවරයා නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර පසුගිය දින කිහිපයේ මන්ත්‍රීවරයාව සමීපව ඇසුරු කළ පුද්ගලයින්ද නිවෙස් නිරෝධායනයට යොමුකර ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

    මේ සම්බන්ධයෙන් විමසීමට අප වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය අංශයෙන්ද විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

    එමෙන්ම වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනු ලැබුවේ, තමන් මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ, හිටපු අමාත්‍ය, මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මිය ගිය බවට පළ වන පුවත අසත්‍ය බවයි. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් නිවෙස් නිරෝධායනයට යොමු කළ ඇති අතර තමන් මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.