Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    RAPID FACT CHECK : විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට හුවමාරු වන අසත්‍ය පුවතක්!

    2020-11-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවීන කලාකරුවන් අප අතරින් සමුගන්නා විට ඒ අයට ආදරය කරන රසික ජනතාව ද ඒ වෙනුවෙන් සංවේදී වන බව පෙනෙන්නට ඇති කරුණක්. බොහෝ විට මේ ආකාරයේ තොරතුරු ෆේස්බුක් හරහා එසැනින් හුවමාරු වන අතර බොහෝ දෙනෙක් එවැනි පුවත් වලට සැනින් ප්‍රතිචාර ද දක්වනවා. මේ ආකාරයට විජේරත්න වර

    ප්‍රවීන කලාකරුවන් අප අතරින් සමුගන්නා විට ඒ අයට ආදරය කරන රසික ජනතාව ද ඒ වෙනුවෙන් සංවේදී වන බව පෙනෙන්නට ඇති කරුණක්. බොහෝ විට මේ ආකාරයේ තොරතුරු ෆේස්බුක් හරහා එසැනින් හුවමාරු වන අතර බොහෝ දෙනෙක් එවැනි පුවත් වලට සැනින් ප්‍රතිචාර ද දක්වනවා.

    මේ ආකාරයට විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බව දන්වමින් ඔහුට නිවන් සුව පතා හුවමාරු වී තිබුනේ සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් පෙළක් බව අපට අනාවරණය වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    Traveling රෝන්දේ නම් ෆේස්බුක් පි‍ටුවක “රග හල සදහටම අදුරේ තබා ඔහු යන්න ගිහින්…😥🏳️ විජේරත්න වරකාගොඩ ප්‍රවීන රංගධරයාට අමා මහා නිවන් සුව පතමු…🙏🏳️🏳 1933 – 2020” ලෙස සටහන් තබමින් විජේරත්න වරකාගොඩ මහතාට නිවන් සුව ප්‍රාර්තනා කර තිබුනේ මෙලෙසින්.

    FacebookArchived Link

    මේ ආකාරයට පල කර තිබුනු පුවත් කිහිපයක් පහතින්.

    FacebookArchived Post

    මේ ආකාරයට බොහෝ දෙනෙක් මෙම පුවත ෆේස්බුක් හරහා හුවමාරු කරගෙන තිබුණු අතර එතුමා හට ආදරය කරන බොහෝ දෙනෙක් මෙම පුවතේ සත්‍යතාවය පිලිබඳ තහවුරු කරන ලෙස අපගෙන් ඉල්ලා තිබුනා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    විජේරත්න වරකාගොඩ මහතා ට එතුමාගේ සහෝදර කලා කරුවෙකු වන ශ්‍රී නිමල් පද්මකුමාර මහතා දුරකථන ඇමතුමක් ලබා දී එතුමාගෙන් කරුනු විමසීමක් කර තිබුනා.එම දුරකථන සංවාදය එතුමා විසින් ෆේස්බුක් වෙත එකතු කර ඇති අතර විජේරත්න වරකාගොඩ මහතා එහිදී එතුමා හොඳින් සිටින බව ප්‍රකාශ කරනවා.

    https://www.facebook.com/srinimal/videos/10223363256208056/
    FacebookArchived

    මේ අතර එතුමා නිරෝගී සුවයෙන් සිටින බව විජේරත්න වරකාගොඩ මහතාගේ පුතු වන ජනනාත් වරකාගොඩ මහතාව උපුටා දක්වමින් බොහෝ දෙනෙක් කරුනු දක්වා තිබුනා. “විජේරත්න වරකාගොඩ මහතා ඉතා සුවෙන් පසු වන බවත් තමා මියගොස් ඇති බවට පැතිරන යන ආරංචිය දැන ගත් එතුමන් උඩ පැන පැන සිනා සෙන බවද, ඔහුගේ පුත් Jananath Warakagoda  පවසයි … දීර්ඝායුෂ වේවා….. කෝරළේ මහත්තයා ….. (බොරු කියලා Reach ගන්න Page පව්…. )” ලෙස සඳහන් කරමින් මාධ්‍යවේදි දිනූශ පියදාස මහතා සටහනක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ පහත අයුරින්

    Facebook Archived Link

    දයාන් විතාරණ , සරත් ද අල්විස් ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙක් ම එතුමා සුවයෙන් සිටින බව තහවුරු කර තිබුනු අතර මෙම පුවත වැරදි එකක් බව කලින් කරුණු සොයා බලන්නේ නැතුව හුවමාරු කරගෙන තිබු බොහෝ දෙනෙක්ද සමාව ඉල්ලමින් සටහන් එකතු කර තිබු අයුරක් අපට දැකගනන්ට ලැබුනා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට සඳහන් කරමින් පලව ඇති පුවත් අසත්‍ය ඒවා බවත් එතුමා යපහත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් අපට තහවුරු වේ.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට හුවමාරු වන අසත්‍ය පුවතක්!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-11-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.