Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ සටහන් පෙළක්!

    2021-04-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : පසුගිය අප්‍රේල් 01 වන දා ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වුණා. දිවි සැරිය නිමා කළ අමරසිරි කලංසූරිය රංගවේදියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 82 පසු කරමින් සිටියා. ඔහුගේ අවසන් කටයුතු අද (03) 4.00ට බොරැල්

    Update :

    පසුගිය අප්‍රේල් 01 වන දා ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වුණා.

    දිවි සැරිය නිමා කළ අමරසිරි කලංසූරිය රංගවේදියා මියයන විට ඔහුගේ වයස අවුරුදු 82 පසු කරමින් සිටියා. ඔහුගේ අවසන් කටයුතු අද (03) 4.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

    කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අප අතරින් සමු ගත් බවට ව්‍යාජ පුවත් කලින් කලට හුවමාරු වනු දැක ගන්නට ලැබෙනවා. ප්‍රසන්නජිත් අබේසුරිය, විජේරත්න වරකාගොඩ ශුරීන් වැනි කලාකරුවන් අළලා පසුගිය කාලයේ නිර්මාණය වූ එවැනි ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳව ම අප විමර්ශන සිදුකලා.

    මේ ආකාරයෙන්ම මෙරට ප්‍රවීන කලාකරුවෙකු වන අමරසිරි කලංසූරිය මහතා මියගොස් ඇති බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පලව තිබුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    මෙරට සිටින ප්‍රවීනතම රංගධරයෙකු වන අමරසිරි කලංසූරිය මහතාට නිවන් සුව ප්‍රර්ථනා කරමින් Madhujith Jayasighe නම් අයෙකු මෙම පුවත ෆේස්බුක් වෙත මෙම පුවත එක් කර තිබුනේ පහත අයුරින්.

    Facebook | Archived

    එම පුවත තවත් බොහෝ දෙනා හුවමාරු කරගන්නා ආකාරය අපට නිරීක්ශනය උනා.එම සටහන් පහත පරිදියි.

    Facebook | Archived  Facebook

    බොහෝ දෙනා ආදරය කරන චරිතයක් වන කලංසූරිය මහතා මේ අයුරින් මරණයට පත්වූ පුවත සම්බන්ධව බොහෝ දෙනෙක් විමසිලිමත් වන බව අපට පෙනෙන්නට තිබුනා. මෙම පුවත සත්‍ය එකක් ද යන්න පිලිබඳව තොරතුරු සොයා බැලීමට අප කටයුතු කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මෙම පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවට අමරසිරි කලංසූරිය මහතාගේ පුතනුවන් වන දුමින්ද කලන්සූරිය ෆේස්බුක් සටහනක් පළකර තිබුණා. අමරසිරි කලංසූරිය මහතා මිය ගිය බවට ප්‍රචාරය කල ෆේස්බුක් පි‍ටුවක්, එය සිදුවූයේ තාක්ෂණික දෝශයකින් බව සඳහන් කරමින් පළකර තිබු සටහනක් උපුටා දක්වමින් ද දුමින්ද මහතා පහත පරිදි සටහනක් පළකර තිබුණා.

    “ඔබලා මීට වඩා වගකීමක් ඇතිව ක්‍රියා කළයුතු බව මතක තබා ගන්න. මේ පිළිබඳව දැනටමත් අදාළ බලදාරීන් දැනුවත් කර අවසන්. ඉදිරියේදී ඒ පිළිබඳව නීති මාර්ගයෙන් කටයුතු කෙරෙනු ඇත.”

    https://www.facebook.com/duminda.kalansuriya/posts/10221499846105400?__cft__[0]=AZVvhXKUr5fnA5jnplcUwfNQ2BmvbjG7T_oE3z74TtitkCmLD5kK4JaKWFU_6pgO4NeHmRjzYKzmEpY9Y5XqjOVpOTOs3I8RvNLtZuxFYV3ledoEb9ftY41xwDDMO0CPTjI&__tn__=%2CO%2CP-R

    “කලං සුවෙන්… සමාජ මාධ්‍යයන්හි පැතිරයන පුවත බොරුවක්.” ලෙස සඳහන් කරමින් මෙරට සිනමා තොරතුරු වාර්තා කරන cinema.lk වෙබ් අඩවියේ ෆේස්බුක් කලාපයද කලංසූරිය මහතා මිය ගියා යැයි පල කර ඇති පුවත වැරදි එකක් බවට දක්වා තිබෙනවා.

    එම සටහන පහත පරිදියි.

    “කලං සුවෙන්… සමාජ මාධ්‍යයන්හි පැතිරයන පුවත බොරුවක්.

    **********************

    ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව අද උදෑසන සිට සමාජ මාධ්‍යයන්හි පැතිරයන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අප ඉතා වගකීමෙන් යුතුව පවසා සිටිමු. එතුමන් මියගොස් ඇති බවත් ඔහුට නිවන් සුව පතන බවත් පවසමින් කිසියම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් මේ පුවත සමාජ මාධ්‍යයන්හි පළකොට තිබේ. නමුත් ඔහු මේ වනවිටත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ඔහු විසින්ම මීට සුළු මොහොතකට පෙර තහවුරු කළ බවත්, මෙවැනි අසත්‍ය පුවත් අවිචාරවත් අයුරින් බෙදාහැරීමෙන් වළකින ලෙසත් සිනමාලෝලී ඔබෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු.

    සංස්කාරක”

    https://www.facebook.com/104240870454399/posts/747116232833523

    කීර්ති පැස්කුවෙල් මහතා ද කලංසූරිය මහතා නිරෝගී සුවයෙන් පසුවන බව ව්‍යාජ සටහන් වලට පිළිතුරු දෙමින් ෆේස්බුක් සටහනක් මෙසේ පළකර තිබුණි

    “මං හැමෝගෙම හීරෝ වුණත් මගේ හීරෝ ගාමිණි” යනුවෙන් සරසවිය පුවත්පත මෙම සම්මානනීය ප්‍රවීණ කලාකරුවාණන් සමඟ සංවාදයක යෙදුණු අවස්ථාවක ලිපියක් අපට පසුගිය දා මෙසේ දැක ගන්නට ද ලැබුණා

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බලන කල අමරසිරි කලංසූරිය කලාකරුවා මියගොස් ඇති බවට ෆේස්බුක් හි පලව ඇති පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය එකක් බවට අපට සහතික කල හැකියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.