Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: ජාතික ජන බලවේගය සහ වසන්ත සමරසිංහ මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

    2021-03-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින් මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම

    ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින්

    මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා ද පළවූ සටහනක් ද විමර්ෂණය කිරීමේදී ඒවා සියල්ලක් ම ව්‍යාජ සටහන් බව අපට අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පෙළ ගැසෙමු” යන තේමාව යටතේ පලකරන ලද, ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක පලකරන ලද ලිපියකින් දක්වා තිබුනේ ජාතික ජන බලවේගය පිහිටුවාගැනීමට මුලික වූ සංවිධාන වලින් එකක් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය වූ බවත් පාස්කු කොමිසම හරහා එම සංවිධාන තහනම් කිරීමට සහ එම සංවිධානයේ හිටපු සහාපති අත්අඩංගුවට ගැනීමට ගත් තීරණයට විරුද්ධව වැඩ වර්ජන ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවක්ය.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\JVP Fakes\Capture-2324.JPG

    Facebook | Archived  Facebook | Archived

    එම තේමාව යටතේ සටහන් රැසක් ම හුවමාරු වී තිබු බවක් ද අපට දැක ගන්නට ලැබුණි. 

    එසේම වසන්ත සමරසිංහ මහතා අලලා ද පුවත්පතක පලවූ පුවතක ආකාරයෙන් හුවමාරු වූ සටහනකින් දක්වා තිබුනේ “වතු කම්කරුවන්ගේ වැටුප රු. 1000ක් කිරීම නිසා අද තේ කර්මාන්තය කඩා වැටිලා. රැකියා අහිමි වෙන තත්වයට පත් වෙලා” යනුවෙනි

    Facebook | Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත පුවත් සම්බන්ධයෙන් කිසිඳු නිල පුවතක් ප්‍රධාන මාධ්‍යක් හරහා දැක ගන්නට ලැබුනේ නැති අතර මේ පිළිබඳව ජාතික ජනතා බලවේගයේ මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමේදී එම පුවත් සම්පුර්ණයෙන් ම අසත්‍ය බවත් අපට දන්වා සිටියා.

    “ජාතික ජන බලවේගය ඉලක්ක කරගත් මඩ අවලාදයකි. මෙවැනි නිවේදනයක් අප විසින් නිකුත් කර නොමැත” යන තේමාවෙන් ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය අලලා ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයකින් පළකරන ලද ලිපිය ව්‍යාජ එකක් බව එම සංවිධානය මඟින් නිවේදනය කර තිබුනේ මෙලෙසින්.

    https://www.facebook.com/nppsrilanka/posts/846471055933420?__cft__[0]=AZUiUHSZtI9YwyYHuYJgOA-tZGv39wtVi2tgsnywul8haVT67XucJs-2SgHACQsWCC4YARRMsI9Ah059HuUC2h4CYIRbWIlbLwSPUOmlQ6XESUPK0yQy67EsKsK1VpXQLAQdWACD13jBWxtCBjxHvWaq&__tn__=%2CO%2CP-R

    Archived

    එසේම “ජමාතේ ඉස්ලාම්” සංවිධානයේ හිටපු සභාපති අත්අඩංගුවට ගැනීම පිළිබඳව පළවූ පුවත් වාර්තා කිහිපයක් පහතින්. වහබ්වාදය සහ අන්තවාදය පැතිරවීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

    ITN | Hiru

    කෙසේවෙතත් ජාතික ජන බලවේගය පිහිටුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ 2019 වසරේ ජුලි මස පළවූ ලිපියක් මෙතනින්. Sri Lanka Jama’athe Islami සංවිධානය එම ආරම්භක සංවිධාන අතර දක්වා තිබු සංවිධානයක්. ඔවුන් විසින් සිය හිටපු නායක රෂීඩ් හජ්ජුල් අක්බාර් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප්‍රසාදය දක්වමින් පළකර තිබු සටහනක් මෙතනින්

    එසේම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජික වසන්ත සමරසිංහ මහතා සම්බන්ධයෙන් පලවී තිබු සටහන පරීක්ෂා කිරීම සඳහා ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරීමේදී පසුගිය පෙබවරවාරි මස 24 වැනිදා “ බැඳුම්කර වංචාවේ සම්පූර්ණ වාර්තාව හැකිනම් එළියට දාන්න” යන තේමාවෙන් පළවූ පුවතක් දැක ගන්නට ලැබුනේ පහත අයුරින්

    https://www.facebook.com/w.samarasingha/posts/2879784152296871?__tn__=%2CO*F

    එම පුවත මව්බිම පුවත්පත උපුටා දැක්වීමක් බව දක්වා තිබු අතර පෙබරවාරි මස 24 මව්බිම 10 වැනි පිටුවේ එම පුවත පලවී තිබු බවද අපට මෙලෙසින් දැක ගණනට ලැබුණි. 

    සංස්කරණය කරන ලද ඡායරූප සටහන සහ මව්බිම පුවත්පතේ පළවූ පුවතේ සංසන්දනයක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\JVP Fakes\Copy of Horizontal Image Comparison (1).png

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශනයන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් විරෝධතාවයක් ඉදිරියේ දී දියත් කිරීමට අරමුණු කරන බවට එම සංවිධානයේ ලිපි ශීර්ෂයක පලකර තිබුණ බවට හුවමාරු වන ලිපිය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ලිපියක් බවයි.

    එසේම වසන්ත සමරසිංහ මහතා විසින් තේ කම්කරුවන්ගේ වැටුප සම්බන්ධයෙන් සිදුකලා යැයි හුවමාරු වන්නේ ද පුවත්පතක පළ වූ පුවතක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදු කරන ලද නිර්මාණයක් බව අපට පැහැදිලි වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.