Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

    2023-07-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්.

    වතුකරයේ කම්කරුවන්ගේ රිරී මාංශ උරා බී ඔස්ට්‍රේලියාවට වී සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ මෙරිල් ප්‍රනාන්දුගේ මියයාමත් සමග රාජපක්ෂ හිතවාදීන් කම්පාවට පත් වී ඇති බව ත්, අද දිනය වැඩ කරන ජනතාවට ජයග්‍රාහී දිනයක් බව ට” ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්. 

    Facebook | Archived Link

    එමෙන් ම මෙම තේමාවෙන් පළ වූ සටහන WhatsApp ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ අයුරුයි මේ.

    වෙනත් ෆේස්බුක් පරිශීලකයින් විසින් ද එම සටහන හුවමාරු කරගෙන තිබුණා.

    වසන්ත සමරසිංහ මහතා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් පිළිබඳව සත්‍ය වශයෙන් ම ඉහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ, පුවත් ලිපියක් පළ වී නොතිබුණි.

    ඉන් අනතුරුව ඔහු විසින් එවැනි ප්‍රකාශයක් සිදු කිරීමක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම ඒ මහතාගේ නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂාවක් සිදු කළා. නමුත් ඔහු විසින් මෙරිල් ප්‍රනාන්දු මහතා සම්බන්ධව, ඉහත සටහනේ දැක්වෙන ලෙස ප්‍රකාශයක් කර නොතිබුණි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳ වසන්ත සමරසිංහ මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා. ඔහු පවසා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, එම පුවත අසත්‍ය බවයි.

    “කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ.හැපින්නක් මැරවාම නයෙක් එනවා වගේ තමයි ඒක ඇම්බියුලන්ස් එකක් කැඩුනාම සුවඳට තව එකක් එනවා….!” යනුවෙන් ලාල් කාන්ත මහතා සඳහන් කළ බව ට සටහනක් ද, සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ලාල් කාන්ත මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට අපට නිරීක්ෂණය වූ අතර අප මේ පිළිබඳ ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම සටහන් වල දැක්වෙන තොරතුරු අසත්‍ය බවයි.

    පසුගිය දා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සඳහන් කර තිබූ ඕස්ට්‍රේලියාවේ දී එක් ගිලන් රථයකට කතා කළ විට ගිලන් රථ දෙකක් පැමිණෙන බවට කළ ප්‍රකාශයට උපහාසාත්මක කෝණයෙන් මෙම සටහන නිර්මාණය කර ඇති බව ට අනුමාන කළ හැක.

    Also Read : ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

     “පණුකරඳ ගස ඉවත් කළා නම් වාහන තදබදය වැඩි කරන පුංචි බොරැල්ල බෝගහත් ඉවත් කළ යුතු” බවට බිමල් රත්නායක මහතා පැවසූ බව සඳහන් කරමින් සටනක් ද, සංසරණය වුණා.

    Facebook | Archived Link

    බිමල් රත්නායක මහතා විසින් ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ශාකය කපා දැමීමට එරෙහිව ඉහත සඳහන් ප්‍රකාශය සිදු නොකළ බවට අප කළ පරීක්ෂණයේදී ද, තහවුරු වූ අතර, ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතා සඳහන් කළේ, හිතාමතා ම ජවිපෙ නායකයන් ට මෙන් ම පක්ෂයට මඩ ගැසීම සඳහා මෙලෙසින් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ කරමින් ඉහත සඳහන් සටහන් වල දැක්වෙන්නේ උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද අසත්‍ය සටහන් පෙළකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-07-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.