Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

    2023-09-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් ඒ සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බව ට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද, ඇතුළත් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහනක් සංසරණය වුණා. එහි වැඩි දුරටත් දක්වා තිබුණේ මෙලෙසින්.

    “ආයෙ ටවුන් එකේ ලව් කරන්න යනවා නම්, තමන් පදිංචි කොට්ඨාසයට ආදාළ පොලිසියෙන් මේ ෆෝම් එක අරගෙන, පුරවලා, ස්ථානාධිපතිගෙන් අවසර අරගෙන යන්න 😒 දැන් එහෙමයි වැඩේ වෙන්නෙ.” 

    Facebook | Archived Link Facebook | Archived Link

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බව ට ඇතැම් පිරිසක් උපකල්පනය කර තිබූ බවයි.

    එමෙන් ම තව ත් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සෙවීම ට අප පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මෙවැනි අයැදුම්පතක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක පුවතක් පළ වී නොතිබුණු බවට අප කළ පරීක්ෂණයේදී පෙනී ගියා.

    ඉන්පසුව අප පරීක්ෂා කළේ, පොලීසිය විසින් මෙවැනි අයැදුම්පතක් ඇති බවට හෝ මෙම අයැදුම්පත සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීමක් සිදු කළ බවට හෝ නිවේදනයක් ඇත් ද යන්නයි. නමුත් එවැනි සටහනක් නොමැති බවට අපට ප්‍රත්‍යක්ෂ විය.

    මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් ද, විමසීමක් කළ අතර, මෙය අසත්‍ය තොරතුරක් බව ත්, මෙවැනි අයැදුම්පතක් ඇති බව ට හෝ ඒ සඳහා පොලීසියෙන් අවසර ගත යුතු බවට පළ වන තොරතුරුද අසත්‍ය බව තහවුරු කරන ලදී.

    එමෙන් ම ඉහත දෙවන සටහන 2017 වසරේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ සටහනක් වන අතර එය අද දිනයේ නැවත හුවමාරුවෙමින් පැවතුණි. Archived Link

    මෙවැනි මෙලෙසින් උපහාසාත්මක කෝණයෙන්, ශ්‍රී ලංකා පොලිසිය අළලා ව්‍යාජ අයැදුම්පත් නිර්මාණය කිරීමට පසුබිම් වූ හේතු පරීක්ෂා කිරීමේදී, හෝමාගම නගරයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක, ආවරණය කළ කුඩා ප්‍රමාණයේ කුටි තුළ කාලය ගතකළ පාසල් යන වයසේ පසුවන බාලවයස්කාර දරුවන් සොයා ඊයේ(24) දින සිදු කළ වැටලීම පිලිබඳ සිදුවීම පෙන්වා දිය හැක.

    තම දරුවන් සමග අදාළ උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරුවන් ආවරණය කළ කුඩා කාමර තුළ නොහොබිනා අයුරින් හැසිරෙන බවටත් ඒ සඳහා කඩිනමින් පියවරක් ගන්නා ලෙසටත් ප්‍රදේශවාසින් දෙමව්පියන් සහ ආගමික නායකයින් පැමිණිලි කිරීමත් සමඟ ඒ පිලිබඳ විමර්ශනය කිරීමේ පියවරක් ලෙස හෝමාගම මූලස්ථාන පොලීසියට මෙම වැටලීම සිදුකර තිබුණා.

    හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත එම වැටලීම සිදුකර තිබූ අතර එම අවස්ථාවේ එම කාමර තුළ සිටි බාලවයස්කාර ජෝඩු 24ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන් ම එම ස්ථානයේ සිටි බොහෝ දරුවන් උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් එම ස්ථානයට පැමිණ ඇතැයි එහිදී අනාවරණය වී ඇති අතර පසුව එම දරුවන් සියලුදෙනා කැඳවා කරුණු පැහැදිලි කර උපදෙස් ලබාදීමෙන් අනතුරුව අදාළ දැරියන්ගේ භාරකරුවන් වෙත දුරකථන ඇමතුම් ලබාදී මුදාහැරීමට පොලීසිය කටයුතු කර ඇත.

    වැටලීම සිදුකළ අවස්ථාවේදී එම උද්‍යානයේ හිමිකරු හා පොලිස් නිලධාරීන් සමග උණුසුම් කතාබහක් ඇති ව තිබුණා. එම වීඩියෝව පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති බවට දක්වමින් ඒ සඳහා ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් අවසර ගත යුතු බව ට දක්වමින් එම ඉල්ලුම් පත්‍රයේ ඡායාරූපයක් ද, ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහන අසත්‍යයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා තහවුරු කළේ, එය අසත්‍ය බව ත්, එලෙසින් අවසර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-09-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.