දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ඔහුගෙ වාර්ෂික කායික සහ මානසික වෛද්ය පරීක්ෂණයට පසුගිය සතියේ භාජනය වූ බව ත්, ඔහු ඉතා යහපත් කායික සෞඛ්ය මට්ටමක සිටින බව ත්, ඔහුව මානසික වෛද්ය චාමර විජේසිංහ මහතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අනුර කුමාර මහතාට Schizoaffective Disorder, Cyclothymic, Delusional Disorder යන මානසික රෝගී තත්වයන් ඇති බවට ඔහු විසින් තහවුරු කල බව ත් කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්ය සටහන් බහුලව සමාජ මාධ්ය ඔස්සේ සංසරණය විය. මෙහි නිර්වද්යතාව සොයා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


FB|| Archived Link FB| Archived Link
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
අමාත්ය නලින්ද ජයතිස්සගේ ප්රකාශයක් නැහැ
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවකදී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනාධිපති සම්බන්ධයෙන් මෙවැනි ප්රකාශයක් සිදු කළේ ද, යන්නන අප ඊයේ(29) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුව පරීක්ෂා කළ ත්, එවැනි තොරතුරක් සම්බන්ධයෙන් අමාත්යවරයා කිසිදු ප්රකාශයක් සිදු කර නොමැති බව තහවුරු වුණා.
අමාත්ය නලින්ද ජයතිස්ස විසින් වෙනත් ස්ථානයකදී හෝ මෙවැනි ප්රකාශයක් සිදු කරේ ද, යන්න පරීක්ෂා කළ් ත්, අමාත්යවරයා විසින් මේ හා සම්බබන්ධ කිසිදු ප්රකාශයක් කර නොමැති බව දැක ගන්නට ලැබුණි.
අප වැඩිදුරටත් අමාත්යවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් කළ අතර ඒ මහතා ද, මෙය සම්පූර්ණ ව්යාජ ප්රකාශයක් බව තහවුරුකරනු ලැබීය.
කැලණිය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ මනෝ වෛද්ය විද්යාව පිළිබඳ මහාචාර්ය / විශේෂඥ මනෝ වෛද්ය චාමර විජේසිංහ
විශේෂඥ වෛද්ය චාමර විජේසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් විමසීමක් කළ අතර, වෛද්යවරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිසිදිනෙක තමන් මුණගැසී හෝ ඔහුව පරීක්ෂා කර නොමැති බවයි. මෙම සටහන් සම්පූර්ණයෙන් අසත්ය බව ත්, තමන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද, පැමිණිල්ලක් කළ බවයි විශේෂඥ වෛද්යවරයා තවදුරටත් තහවුරු කළේ.
සිරස මාධ්ය ආයතනය
Newsfirst හි නිල ෆේස්බුක් පිටුවේ ද, මෙම පුවත පළ වී නොමැති අතර අප එහි ඩිජිටල් කළමණාකරුගෙන් ද, මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු තහවුරු කළේ, මෙය ව්යාජ පුවතක් බව ත්, මෙවැනි පුවතක් එම මාධ්ය ආතනය විසින් පළ කර නොමැති බවයි.
Newsfirst හි ඉංග්රීසි සමාජ මාධ්ය ගිණුමේ, ඊට මාස කිහිපයකට පෙර පළවූ වෙනත් පුවතකට ආදළ සටහනක ආකෘතිය යොදා ගනිමින් ඉහත ව්යාජ සමාජ මාධ්ය සටහන් නිර්මාණය කර ඇති බව ද අපට පෙනී ගියා.
මීට පෙරද ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අසිරි රෝහලේ (Asiri Health) ලිපි ශීර්ෂයක් ව්යාජ ලෙස යොදාගනිමින් මෙවැනිම සාවද්ය වෛද්ය වාර්තාවක් ප්රචාරය කර තිබූ අතර, රෝහල් පාලනාධිකාරියද එය වහාම ප්රතික්ෂේප කර නිවේදන නිකුත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශන වාර්තාව පහතින්.
අනුරට ඩිප්රෙෂන් බවට පෙන්වා දී තිබූ වෛද්ය නිර්දේශය ව්යාජ ලෙස සැකසූ වාර්තාවක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්යවල හුවමාරු වූ ජනපති අනුර කුමාර මහතාට Schizoaffective Disorder, Cyclothymic, Delusional Disorder යන මානසික රෝගී තත්වයන් ඇති බවට කැබිනට් මාධ්ය ප්රකාශයක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවැසූ බවට පළ වන පුවත් අසත්ය වේ.
ජනපති පරීක්ෂා කළ බව පවසා තිබූ විශේෂඥ වෛද්ය චාමර විජේසිංහ මහතාද, අමාත්ය නලින්ද ජයතිස්ස මහතා ද, මෙවැනි පරීක්ෂාවක් හෝ ප්රකාශයක් සිදු කර නොමැති බව තහවුරු කරයි.



