Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ ලිපියක් ?

    2019-11-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    “අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහ

    “අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන්  අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි

    “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති විශිෂ්ඨ ජයක්, සහෝදරවරුනි සාමකාමීව අපගේ ජයග්‍රහණය සමරමු.කිරි බත් කන්න ලෑස්ති වෙන්න, ජය වේවා” යනුවෙන් පළවූ සටහන පහතින්.

    Facebook Link Archived Link

    අවසාන නිල බුද්ධි වාර්ථාව , ගෝඨාභය 76.24 (58.2%) , සජිත් 45.46 (34.7%) , අනුර 5.76 (4.4%) , වෙනත් 3.5 (2.7%)  (ස්ක්‍රීන්ශොට් ගහලා තියාගන්න ) යනුවෙන් පළවූ සටහන පහතින්.

    Facebook Link Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගන්වා ඇතැයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන බුද්ධි අංශ වාර්තාවක් යැයි පැවැසෙන ලිපිය අසත්‍යක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නිකුත් කල නිල ට්විටර් පණිවිඩය.

    Twitter Link Archived Link

    රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් පවතින ලිපිය සම්පුර්ණයෙන්ම අසත්‍ය එකක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

    defence.lk link Archived Link

    රාජ්‍ය බුද්ධි සේවයද ඇතුලත්ව ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු ආයතනයක් ස්වාධින ආයතන වශයෙන් මෙම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවිමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදුනොකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටින්නේ.

    ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී අයුරින් පැවැත්වීම උදෙසා ආරක්ෂා සහිත වටපිටාවක් සැකසීම පොලිසියේ පුර්ණ අවධානය යොමුව ඇති බවත් මෙවැනි අසත්‍ය ලිපියක් සකසා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහළ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විමර්ශනය යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටි.

    දිනමිණ පුවත්පත මඟින්ද මෙම අසත්‍ය පුවත වාර්තා කර තිබිණ.

    Dinamina Link Archived Link
    Ru News Archived Link

    රුපවාහිනී වෙබ් අඩවියෙන්ද මෙම සාවද්‍ය පුවත වාර්තා කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය ඇසුරින් කරුණු දක්දවා තිබුණි

    Newsfirst විසින් එක පුවත වාර්තා කළේ මෙලෙසින්: ජනාධිපතිවරණය ගැන රාජ්‍ය බුද්ධි අංශ කිසිදු සමීක්ෂණයක් කර නැහැ පොලීසියෙන් ප්‍රකාශයක්.

    Conclusion: (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් පවතින ලිපිය අසත්‍ය බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2019-11-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.