Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමේ උත්සාහයක?

    2021-05-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තී

    ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවීමට අයැදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. 

    සැබවින්ම මෙවැනි ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් නිකුත් කළාද යන්න අප විමසීමක් කළා. ඒ අනුව පැහැදිලි වුණේ මෙම ලිපිය ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෙහි සඳහන් කර තිබුණේ, කොරෝනා ව්‍යසනය පරාජය කිරීමට මහත් කැප කිරීමකින් කටයුතු කරන ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අදහස් කරන බවත් ඒ අනුව, එම සේවා ඛණ්ඩය නියෝජනය කරමින් වෘත්තීය සමිතියක් පිහිටුවා දීමට සහ එහි සාමාජිකත්වය ලබා දීමට අදහස් කරන අතර මේ සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන බවයි.

    Facebook | Archived Link

    එමෙන්ම WhatsApp ඔස්සේද මෙම ලිපිය හුවමාරු වී තිබු අතර කිහිප දෙනෙක් ම එහි නිරවද්‍යතාවය විමසා සිටියා.

    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ සම්බන්ධයෙන් අප ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයෙන් විමසීමක් කළා ඔවුන් සඳහන් කළේ,  මෙය සම්පූර්ණ අසත්‍ය සටහනක් බවයි.

    මෙම සටහන සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ජානක අධිකාරී මහතා සඳහන් කළේ, මෙය සංස්කරණය කරන ලද ව්‍යාජ දැන්වීමක් බවයි. වෘත්තීය සමිතියක් ලෙස ආරක්ෂක අංශ ඇතුළේ වෘත්තිය සමිති පිහිටුවීමේ අයිතියක් නොමැති බව හොඳින් දන්නා කරුණක් බවත් එවන් වෘත්තීය සමිති පිහිටුවීමට කිසිදු අදහසක් නොමැති බවත් අවධාරණය කළා.

    එමෙන්ම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මේ වන විට වෙනත් ස්ථානයක පවත්වාගෙන යන බවත් මෙම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ පැරණි ලිපිනය බවත් ඒ අනුවද මෙම ලිපිය නිකුත් කළ බවට දක්වා ඇති දිනය පසුගිය 8 වන දා බැවින් මෙම ලිපිය පැරණි ලිපියක ආකෘතිය භාවිතා කොට සකස් කළ ව්‍යාජ ලිපියක් බවට කදිම සාක්ෂියක් ලෙසයි ඔහු සඳහන් කළේ.

    තවද, මේ ලිපියේ දක්වා ඇත්තේ කේ.ඩී ලාල්කාන්ත මහතාගේ අත්සන නොව වෙනත් සාමාජිකයෙකුගේ අත්සන බවද, ඒ මහතා තහවුරු කළා.

    කේ.ඩී ලාල්කාන්ත මහතා ද මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව අපට දන්වා සිටියා.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව තහවුරු වුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ආරක්ෂක අංශවල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වෘත්තීය සමිති පිහිටුවනවා යැයි පවසමින් අයදුම්පත් කැඳවීමක් මේ දිනවල සිදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති ලිපිය අසත්‍ය හා ව්‍යාජ ලෙස සකක් කළ ලිපියක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.