දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
කොළඹ පුරපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16) දින පැවැත් වූ අතර මේ සඳහා ජාතික ජන බලවේගයේ ව්රායි කැලී බල්තසාර් වැඩි ඡන්ද 7කින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වුණා. මෙම ඡන්ද විමසීමෙන් පසු සමගි ජන බලවේගය මෙන් ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ කර ගනිමින් ව්යාජ සටහන් නිර්මාණය වූ අතර එක්සත් ජාතික පක්ෂය පිළිබඳ පළ වූ එවැනි සටහනක නිරවද්යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“කොළඹ මහ නගර සභාවේ බලය පිහිටු වීම සම්බන්ධ” මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් මාධ්ය වෙත ලිපියක් යොමු කර ඇති බවට හඟවමින් ලිපියක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වී තිබුණා.
එහි සඳහන් කර තිබුණේ, කොළඹ මහ නගර සභාවේ බලය එකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත හා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කිරීමේ දී ඒ සඳහා විපක්ෂයේ කණ්ඩායම ක්රියාත්මක වූ ආකාරය අඥාන බවයි. එමෙන්ම පෙර සාකච්ඡා වලදී එකඟතාවය පළ කරන ලද ඇතැම් කරුණු කාරණා පිළිබඳවද විපක්ෂය ඇතැම කණ්ඩායම් තැකීමක් නොකළ බව පෙනෙන්නට තිබුණු බව ත්, කොළඹ නගරාධිපතිවරයා වශයෙන් මූලික සාකච්ඡාවට වලදී සාගල කාරියවසම් මහතාගේ නම යෝජනා කළ ද එය ප්රතික්ෂේප කිරීමද කොළඹ බලය ගිලීමට බලපෑ ප්රධානතම හේතුවක් බවට එහි සඳහන්.
එක්සත් ජාතික පක්ෂය විසින් තව දුරටත් වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමග ඒකාබද්ධවව ක්රියා නොකරන බවද, එසේ ක්රියා කිරීම පිළිබඳ පසුතැවීමක් ඇති බව ද එම ලිපියේ දක්වා තිබුණේ මේ අයුරින්.


