Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන?

    2021-08-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජන

    කාලීන මාතෘකාවන් ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ බවට පවසමින් ව්‍යාජ හෝ සංස්කරණය කොට පළවූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  බොහෝවිට දැකගන්නට ලැබෙනවා. මේ දිනවල ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය තලෛබාන් සටන් කාමීන් අත්පත් කර ගැනීම අලලා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ බවට ලිපියක් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Yasith Dilshan නමැති පුද්ගලයෙකු ලෙසින් සිය ෆේස්බුක් ගිණුමේ “ඇෆ්ගනිස්තාන විප්ලවයට ජවිපෙන් සුබාශිංසන!” යනුවෙන් පළ කර තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් තලෛබාන් නායකතත්වයට සුබාශිංසනය එක් කළ බවට හැඟවෙන ලිපියක්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ලිපිය සංසරණය කර තිබූ තවත් සටහන් මෙතනින් සහ මෙතනින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ආකෘතිය යොදා ගනිමින් බොහෝ අවස්ථාවල ව්‍යාජ ලෙස ලිපි සකසා ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ, නිවේදන, ලිපි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්.

    Also Read: FACT CHECK: අනුරගෙන් WHO අධ්‍යක්ෂ ජනරාල්ට ලිපියක්?

    ඉහත ලිපියේ දැක්වෙන පරිදි තලෛබාන් සටන් කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය අත්පත් කරගත් විජයග්‍රහණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සුභාශිංශනය එක් කරමින් පළ වන පුවත හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළ කර ඇති බවට පෙනී ගිය ද ඇතැම් ෆෙස්බුක් පරිශීලකයින් මෙවැනි සටහන් හේතුවෙන් නොමග යෑමට ඉඩකඩ තිබේ.

    මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම ලිපිය අසත්‍ය බවත් ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි.

    Also Read : ජාතික ජන බලවේගය පළකල නිවේදනයක් බවට හුවමාරු වූ ව්‍යාජ සටහනක්

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ ඉහත ලිපියේ දැක්වෙන පරිදි තලෛබාන් සටන් කාමීන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය අත්පත් කරගත් විජයග්‍රහණයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සුභාශිංශනය එක් කරමින් පළ වන පුවත හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළ කර ඇති ව්‍යාජ ලෙස සැකසූ ලිපියක් බවයි.

    FACT CHECK: තලෛබාන් තරුණයින් තාප්ප සිතුවම් කරමින් තමන් ලද ජයග්‍රහණය සැමරුවාද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.