Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?

    2022-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනව

    මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාල තුළ සංසරණය වූ අතර එම ලිපිය මගින් , ඩොලර් හිගය මුල්කරගනින් ලංකාව දැනට මුහුණපා ඇති ආර්ථික අවපාතයට හේතු ලෙස, පාස්කු ප්‍රහාරය නිසා අඩපණ වූ සංචාරක ව්‍යාපාරය , කොවිඩ් වසංගතය, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ එවන මුදල් අඩුවීම යනාදිය හේතු ලෙස දක්වා තිබුණා. එමෙන්ම කාබනික වගාවේ අසාර්ථක බව සම්බන්ධයෙන් එහිදී ජනතාවගෙන් සමාව ඉල්ලනවා.

    ජුලි 09 වැනිදා පොරොන්දු වූ පරිදි ජනතා හඬට ඇහුම්කන් දෙමින් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දක්වමින් කථානායකවරයා වෙත එවන ලද ඉල්ලිම අස්වීමේ ලිපිය ලෙස හුවා දැක්වූ පහත ලිපියේ අත්සනක් දක්නට ද ලැබුනේ නැති බැවින් බොහෝ දෙනා මෙය පිළිගත නොහැකි ව්‍යාජ ලියවිල්ලක් බව ට පවසා තිබුණා. 

    Facebook | Archived

    මෙම ලිපි සමාජ ජාලාවල වේගයෙන් පැතිර වේගයෙන් පැතිර ගියේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    අප මුලින්ම අවධානය යොමු කලේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) (ආ) අනුව සඳහන් වන්නේ, ජනපති විසින් සිය ධුරය හිස් කල හැක්කේ කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් බවයි.

    SL Constitution Sinhala | English

    මේ බව අප ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතාගෙන් ද විමසා සිටි අතර ඔහු ද එය තහවුරු කර සිටියා.

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනක් දක්නට නොලැබෙන බැවින්, එය ජනපති විසින් සිය ධුරයෙන් ඉවත්වීම සඳහා යොමුකළ ලිපියක් ලෙස වලංගුභාවයක් ද නොමැත.

    ඉන්පසුව කතානායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් යාපා අබේවර්ධනගෙන් අප විමසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ ජුලි 13 දාතමින් හුවමාරු වන ලිපිය සම්බන්ධවයි. ඔහු අවධාරණය කලේ ද මෙවන් ඉල්ලා අස්වීමේ ලිපියක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත මේ දක්වා (ජුලි 14 උදෑසන) යොමු කර නොමැති බවයි.

    ජනපති මාධ්‍ය ඒකකය විසින් ද තහවුරු කර සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් කථානායකවරයා වෙත යොමු කළ නිල ලිපියක් නොවන බවයි.

    Update: අද(14) සවස සිංගප්පුරුවට ගොඩබට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ශ්‍රී ලංකාවේ සිංගප්පුරු තානාපති කාර්යාලය හරහා මේ වනවිට එවා ඇති බවත්, එහි නිරවද්‍යතාවය පිළිබඳ නැවත පරික්ෂා කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බවත්, කතානායක කාර්යාලය පවසනවා. එම නිල නිවේදනය හෙට(15) දිනය ඇතුලත නිල වශයෙන් ප්‍රකාශ කරන බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ පිලිබඳ පුවතක් මෙතනින් .

    මේ පුවතත් සමඟ ම කලින් අත්සනකින් තොරව හුවමාරු වූ ලිපියට ම ගෝඨාභය රාජපක්ෂගේ අත්සනක් ඇතුළත් කර නැවත වරක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්. මේ පිළිබඳව ද කතානායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ඉදුනිල් යාපා අබේවර්ධන පවසා සිටියේ මෙය ජනපතිගේ නිල අස්වීමේ ලිපිය නොවන බවත්, හෙට (15) උදෑසන නිල ප්‍රකාශය නිකුත් කරන බවත්ය.

    මේ සම්බන්ධයෙන් ජනපති මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත් කර තිබුනේ මෙලෙසින්

    මාධ්_ය-නිවේදනය-2022-07-14

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News| TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සමාජ ජාලා වල හුවමාරු වන ලේඛනය ව්‍යාජ සහ වලංගුභාවයක් නොමැති ලිපියක් බවයි. කතානායකවරයාගේ මාධ්‍ය අංශය ද තහවුරු කර සිටියේ (ජුලි 14 උදෑසන) ජනපති ධුරයෙන් ඉවත්වීම පිලිබඳ ලිපියක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබුනේ නැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.