Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් Facebook හි පළ කළ සටහනක්ද?

    2022-05-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සට

    සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    ශානිකා මදුමාලි විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් වල දැක්වුණේ, “මයිනට කඩේ යන එක බයියෙක්ගෙ ගෙයක් ඉතුරු කරන්න එපා. ඔකුන්ව වඳ කරලම දාන්න ඕනෙ.” යනුවෙනි.

    Facebook | Archived Facebook

    මැයි මස 11 වනදා පමණ සිට මෙම සටහන් ෆේස්බුක් පිටු සහ සමුහ රැසක් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    2010 වසරේ පැවති සිරස සුපර්ස්ටාර් සීසන් 3 හි ජයග්‍රාහිකාව වූ ශානිකා මදුමාලි ඉන්පසුව ද ගීත කිහිපයක් ම ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන යොවුන් ගායිකාවකි.

    ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ මෙවන් සඳහනක් දක්වා තිබුණාද යන්න පිළිබඳව අප ඇයගේ නිල ෆේස්බුක් පිටුව හා ගිණුම හරහා නිරීක්ෂණයක් සිදු කළා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ,  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලෙස දැක්වෙන සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වල දක්වා නොමැති බවයි.

    නමුත් ශානිකා මධුමාලි විසින් මෙම සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කළ බවත්, ඇය විසින් කිසිදු අවස්ථාවක මෙවැනි සටහනක් පළ නොකළ බවත් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    අප මේ පිළිබඳව වැඩිදුරටත් ශානිකා මධුමාලිගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

    ඇය සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවකදී සිදු නොකළ ප්‍රකාශයක්චේතනාන්විතවසිය ෆේස්බුක් ගිණුමේ තමන් සඳහන් කළ බවට දක්වමින් ව්‍යාජ සටහනක් සංසරණය වන බවයි. මේ හේතුවෙන් තමන් මේ පිළිබඳව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය වෙත සිය නීතීඥවරිය සමග ගොස් පැමිණිලි කළ බවයි. මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ ශානිකා මධුමාලි විසින් පළ කළ ෆේස්බුක් සටහනක් මෙතනින්.

    ඇයගේ නිල ගිණුම හරහා අප විසින් සිදුකරන ලද තාක්ෂණික විමර්ශනයේ දී ද පැහැදිලි වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ආකාරයේ සටහනක් ශානිකා මධුමාලි  සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර හෝ පළ කිරීමෙන් පසුව ඉවත්කර හෝ නොතිබුණු බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ගායන ශිල්පී ශානිකා මධුමාලී විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා පළ කළ බවට හඟවා තිබූ ද්වේශ සහගත ප්‍රකාශය ඇය විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ නොකළ, ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.