Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පෙබරවාරි 14 පාසල් නිවාඩු නැහැ!

    2025-02-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද (14) දින පාසල් නිවාඩු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළ බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද (14) දින පාසල් නිවාඩු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළ බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    සෑම වර්ෂකයක දීම පෙබරවාරි 14 වන දා එනම් ආදරවන්තයිගේ දිනයේ දී සිදුවන ළමා අපචාර හා අපයෝජන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බැවින්,  එම තත්ත්වයන් සළකා බලා අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ උපදෙස් මත 2025.02.14 වන සිකුරාදා දින සියළුම දිවයිනේ පාසල්, උපකාරක පන්ති නොපැවැත්වීමට තීරණ කොට ඇති බවට දක්වමින් දිවයිනේ සියළුම අධ්‍යාපන කලාප වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදන නිකුත් කළ බව ත්, එම නිවේදනයේ ඡායාරූපයක් බවට සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගත්තා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අප මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙලෙසින් නිවේදනයක් නිකුත් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.

    නමුත් එවැනි නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර නොතිබුණි.

    එමෙන් ම මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් වාර්තා කර නොමැති බව දැක ගන්නට ලැබුණා.

    මේ හේතුවෙන් අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, අද(14) දිනයේ පාසල් නිවාඩු ලබා දුන් බවට සඳහන් කරමින් නිවේදනයක් නිකුත් නොකළ බව ත්, එය ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද නිවේදනයක් බව ත් සඳහන් කළා.

    එමෙන් ම එදින  උපකාරක පන්ති නැවැත්වීමට හෝ උපදෙස් ලබා නොදුන් බව ට ද, ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

    ඒ අනුව අද(14) දිනයේ පාසල් පැවැත්වෙනු ඇති.

    ඒ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබු නිවේදනය පහතින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජනවාරි 14 වන දින එනම් පෙම්වතුන්ගේ දිනය යෙදෙන අද දින පාසල් නිවාඩු බවට දක්වමින්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කළ බවට දක්වා තිබුණේ, ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක් නොව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක්. ඒ බවට එම අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලදී. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-02-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.