Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

    2021-04-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ

    මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ්‍ය වල ද අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්දව තරමක් වෙනස් පුවතක් ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පල උනු බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල බහුලව හුවමාරු ව තිබුනා.

    ලංකාදීප පුවත්පතේ “දෙයියෝ සාක්කි” තීරුවේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරුවූ සටහනක් විශාල පිරිසක් අතර පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබුණා. නමුත් එය උපහාසාත්මක කෝණයකින් සිදුකර තිබු ව්‍යාජ සංස්කරණයක් බව අපගේ කරුණු අනාවරණය දී පැහැදිලි වුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    Damn නම් ෆේස්බුක් පිටුවක ලංකාදීප “දෙයියෝ සාක්කි” තීරුවේ පළවූ ලිපියක් ලෙස පෙන්වා දී තිබු මෙම සටහනේ සිරස්තලයේ දැක්වුනේ “රහස් පෙදෙසේ රෝම ඉවත් කරන්න කීවාට විරසක වූ පරිසරවේදී බිරිඳ සැමියාහැර යයි” යනුවෙන්.

    Facebook | Archived

    පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසර ගැටලු වෙනුවෙන් මැදිහත්ව කටයුතු කල ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මියගේ ඡායරූප සමඟ ද ඉහත පළවී තිබෙනු අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    Facebook | Facebook | Archived 

    මෙම සටහන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ ද බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබෙනු අපට දැකගන්නට ලැබුණා. හුවමාරු වූ තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් පහතින්

    මෙවැනි පුවතක් ලංකාදීප වැනි පුවත්පතක වාර්තා නොකරනු ඇතැයි කිහිපදෙනෙක් ම පවසා තිබුණ ද “දෙයියෝ සාක්කි” විශේෂාංගය මාලාව ඔස්සේ පළවූ පුවතක ආකාරයෙන්ම ඉහත සටහන පළවී තිබූ බැවින් ඇතැමුන් මෙය සත්‍ය සටහනක් ලෙස සලකා ද බොහෝ දෙනා උපහාසාත්මක කෝණයකින් ද මෙය හුවමාරු කරගෙන තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ලිපිවල ඉහත ලිපිය දිස්වුනේ නැති බැවින් සහ එහි වාර්තාකරු වන කිරිදිවැල පියල් කරුණාතිලක යනුවෙන් වාර්තාකරුවෙකු ලිපි ද දැක ගන්නට නොලැබුණු බැවින් මේ පිළිබඳව අප ලංකාදීප පුවත් කාර්යාලයෙන් විමසීමක් සිදු කළා.

    එහිදී කර්තෘ මණ්ඩලයෙන් අපට පවසා සිටියේ මේ ආකාරයේ පුවතක් දෙයියෝ සාක්කි තීරුවේ පල කර නොමැති බවයි. එය සම්පූර්නයෙන්ම සංස්කරනය කර පල කර ඇති බවට ඔවුන් සනාථ කර සිටියා. එමෙන්ම එම සටහන ලිව්වා යැයි නම් සඳහන් කිරිඳිවැල පියල් කරුනාතිලක නම් අයෙකු එම පුවත්පතේ ලිපි රචකයෙක් නොවන බවත් සනාථ කළා. මෙයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පවසා සිටියා.

    කෙසේවෙතත් මේ සඳහා යොදාගෙන තිබුණු ඡායාරූපය බොහෝ දුරට ලංකාදීප දෙයියෝ සාක්කි කලාපයේ පලවන ලිපි වලට සමාන නිර්මාණයක් වූ බැවින් අප ඒ පිළිබඳව තවදුරටත් කරුණු පරික්ෂා කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මාර්තු මාසයේ දින දෙකක “දෙයියෝ සාක්කි” කලාපයේ  පළවූ ලිපි දෙකක ඡායාරූප එකතු කරමින් මෙම නිර්මාණය සිදුකර තිබූ බවයි. එම පැහැදිලි කිරීම පහතින්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\Lankadeepa Edit\Horizontal Image Comparison.png

    දෙයියෝ සාක්කි – March 13  දෙයියෝ සාක්කි – March 26

    පුවත්පත්වල ලිපි ආකාරයෙන් පලවන ව්‍යාජ සංස්කරණ ඇතැම් විට සත්‍ය සටහන් ලෙස සලකා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර හුවමාරු වන අවස්ථා පිළිබඳව අප මීට පෙර ද කරුණු අනාවරණ කිහිපයක් ම සිදු කර තිබෙනවා.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ ලංකාදීප “දෙයියෝ සාක්කි” තීරුවේ ඇතුළත් ලිපියක ආකාරයෙන් පෙන්වා දී තිබූ නිර්මාණය උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද ව්‍යාජ සංස්කරණයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.