Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරිම පිලිබඳව අප ආඩම්බර විය යුතු බවට මැඩිල්ලේ හිමියන් ප්‍රකාශ කළාද?

    2020-12-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දිනවල මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ පුවත අලලා විවිධාකාරයේ සමාජ ජාලා සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර ඒවා පිළිබඳව “Fact Check : මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?” යනු

    පසුගිය දිනවල මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ පුවත අලලා විවිධාකාරයේ සමාජ ජාලා සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර ඒවා පිළිබඳව “Fact Check : මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?” යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් අප සිදුකළා.

    මේ හා සම්බන්ධ තවත් පුවතක් බොහෝ සෙයින් ෆේස්බුක් තුල හුවමාරු වන ආකාරය අපට දකින්නට ලැබුනා. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින්, මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් ලෙස හුවමාරු වු මෙම සටහන් ව්‍යාජ ලෙස සිදුකරන ලද සංස්කරණ බව අපගේ විමර්ශනයෙන්දී පැහැදිලි වුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    අවිහිංසාව මූලික කරගත් මේ උතුම් බෞද්ධ රාජ්‍යයේ මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරීම ගැන අප ආඩම්බර විය යුතු බව මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පුවත්පතකට ප්‍රකාශ කර ඇති බවට එම සටහන් මඟින් දක්වා තිබුනා.කෙසේවෙතත් එම පුවත්පත් ලිපියේ අන්තර්ගතය කියවිය නොහැකි ලෙස බොඳ කර තිබුණා. එම පුවත්පත් ලිපිය ඇතුළත් ෆේස්බුක් පෝස්‍ටුවක් පහතින්.

    FacebookArchived

    මෙම පුවත්පත් සටහන තවත් බොහෝ ෆේස්බුක් පි‍ටු සහ පුද්ගලයන් විසින් ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ පහත අයුරින්.

    FacebookArchived
    FacebookArchived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බැලූ බැල්මටම මෙම පුවත්පත් ලිපියේ විස්තර අඩංගු කොටස බොඳ කල ස්වභාවයකින් දක්වා තිබුනා.එබැවින් මෙය විශ්වසනීයත්වයක් අඩු පුවතක් බවට පෙනී යනවා. 

    අප මෙහි සත්‍යතාවය දැන ගැනීම සඳහා මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ව දුරකතනයෙන් සම්බන්ධ කර ගත්ත.එහිදී මැඩිල්ලේ හිමියන් ප්‍රකාශ කලේ මෙම ෆේස්බුක් තුල හුවමාරු වන පුවත හා සම්බන්ධව කිසිඳු ප්‍රකාශයක් සිදු නොකල බවයි. කවරෙකු හෝ ජනතාව නොමග යවන අන්දමින් ඡායාරූප හා පුවත්පත් කොටස් වෙනස් කරමින් ව්‍යාජ පුවතක් සමාජ ගත කිරීමට වැරදි උත්සහයක් ගන්නා බව ද එහිමියෝ වැඩිදුරටත් අප සමග ප්‍රකාශ කර සිටියා.

    චරිත ඝාතනය සහ වැරදි තොරතුරු සමාජගත කිරීම හේතුවෙන් මේ හා සම්බන්ධ අයට එරෙහිව CID වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දක්වමින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ෆේස්බුක් සටහනක්ද එකතු කර තිබුනා. එම සටහන පහතින්.

    FacebookArchived

    එමගින් ද මෙම පුවත්පතට අදාල දිනයක් පුවත්පතක නමක් නොදන්වා ඇති ආකාරය ප්‍රශ්න කර තිබෙන අයුර අපට දැකගන්නට ලැබුනා.

    මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එල්ලකරමින් දැවැන්ත මඩ ප්‍රහාරයක් ෆේස්බුක් හරහා සිදුවන බව එහිමියන් මාධ්‍ය සාකච්චාවක් ද පවත්වමින්  වැඩි දුරටත් කරුනු දක්වා සිටියා. එම වීඩියෝව පහතින්

    බොහෝ දෙනා එසේ පතුරවන බොරු ප්‍රචාර විස්වාස කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් එහි දී කරුනු දක්වා සිටින අයුර අපට දැකගන්නට ලැබුනා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත තොරතුරු සලකා බලන කල, මෙරට මස් අනුභව නොකර විදෙස් රට වලට මස් අපනයනය කිරීම සම්බන්දයෙන් අප ආඩම්බර විය යුතු බවට මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පුවත්පතකට ප්‍රකාශ කලා යැයි පවසමින් ෆේස්බුක් වෙත එකතු කර ඇති පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතකි. පුවත්පත් ලිපියක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ නිර්මාණය සිදුකර ඇති බව පෙනී යනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.