Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?

    2021-04-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා. පසුගියදා කර්මාන්

    පිළිකා කාරක විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු තෙල් සම්බන්ධයෙන් පසුගියදා සමාජයේ කතිකතාවක් ගොඩ නැගුණා. වත්මන් රජයට මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේද උපහාසාත්මක ලෙස නොයෙකුත් දේශපාලඥයන් අලලා අසත්‍ය සටහන් ද සංසරණය වුනා.

    පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධ කර ෆේස්බුක් ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු සටහනක දක්වා තිබුනේ “විෂ පොල්තෙල් ටිකක් කෑවා කියලා කවුරුත් මැරෙන්නේ නෑ”  යනුවෙන් වීරවංශ මහතා පුවත් පතකට සඳහන් කළ බවටයි. අප මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වූයේ ඔහු එලෙස සඳහන් කර තිබු නැති අතර හුවමාරු වී තිබුනේ පැරණි පුවතක සංස්කරණයක් බවත්ය.

    සමාජ මාධ්‍ය සටහන් :

    Priyantha Gunarathna නමැත්තෙක් “ටිකක් කෑවට කමක් නෑ කියන්නෙ….” යනුවෙන් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් පුවත් පතක සටහනක් ඉදිරිපත් කර තිබුණා.

    එහි ප්‍රධාන ශිර්ෂ පාඨය වූයේ, “විෂ පොල්තෙල් ටිකක් කෑවා කියලා කවුරුත් මැරෙන්නේ නෑ” යනුවෙන් වීරවංශ මහතා සඳහන් කළ බවයි.

    Facebook | Archived 

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ සම්බන්ධයෙන් කළ කළ මූලික විමර්ශනයෙන් හෙළි වූයේ 2020 ඔත්තෝම්බර් මස 25 වන දා මව්බිම පුවත්පතේ සඳහන් වූ වීරවංශ අමාත්‍යවරයාගේ සම්මුඛ සාකච්ඡාවක ශීර්ෂ පාඨය මෙලෙස සංස්කරණය කර ඇති බවයි.

    එනම් එම පුවත්පතේ දක්වා ඇති “අපේ අරගලයේ සියයට 90ක්ම ජයගත්තා” යනුවෙන් සඳහන් කර ඇති ශීර්ෂ පාඨය “විෂ පොල්තෙල් ටිකක් කෑවා කියලා කවුරුත් මැරෙන්නේ නෑ” යනුවෙන් සංස්කරණය කර ඇති බවයි.

    එම පුවත් වාර්තාව පහතින්.

    එම ලිපිය මෙතනින් (එහි 9 වන පිටුව බලන්න)

    සංස්කරණය කරන ලද වාර්තා සංසදනය පහතින් 

    අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළා.  ඔවුන් පවසා සිටියේ විෂ පොල්තෙල් කෑවාට මැරෙන්නේ නැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර නොසිටි බවයි. මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ අසත්‍ය හා සංස්කරණය කරන ලද වාර්තාවක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු අනාවරණයට අනුව පෙනී යන්නේ,  කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවා යැයි පුවත්පතක් වාර්තා කළ ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ “විෂ පොල්තෙල් ටිකක් කෑවා කියලා කවුරුත් මැරෙන්නේ නෑ” යනුවෙන් දක්වා ඇති සටහන් අසත්‍ය හා සංස්කරණය කර ඇති බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:විෂ පොල්තෙල් ටිකක් කෑවට මැරෙන්නේ නෑ යනුවෙන් විමල් වීරවංශ පැවසුවාද?

    Fact Check By: Sara Gunaratne 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.