Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙවර සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලුව මොකක්ද?

    2025-03-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර මෙහි විද්‍යා විශයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙනවා. මේ අතර එම ප්‍රශ්න පත්‍රය පිළිබඳ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මේ දිනවල 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර මෙහි විද්‍යා විශයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් යම් කතාබහක් ඇති වී තිබෙනවා. මේ අතර එම ප්‍රශ්න පත්‍රය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් ලෙසට හඟවමින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහනක දක්වා තිබුනේ 2024 (2025) මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බැවින් විද්‍යාව විශය සඳහා මුහුණ දුන් සියලු සිසුන් සඳහා අමතර ලකුණු 8 හිමිවන අතර, මෙවර S සාමාර්ථය ලකුණු 25 ද, C සාමාර්ථය ලකුණු 40 ද, B සාමාර්ථය ලකුණු 55 හා ලකුණු 65 වැඩි සියලුම දෙනාට A සාමාර්ථයක් හිමි වන බවටයි.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබූ තව ත් අවස්ථාවන් පහතින්.

    මේ සටහන් WhatsApp ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව විමසා බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පසුගිය මාර්තු 17 වන දින 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඇරඹිණි. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා විශය සම්බන්ධ ප්‍රශ්න පත්‍රය පසුගිය 21 වන දා පවත්වා තිබුණා. 

    මෙම ප්‍රශ්න පත්‍රයේ ඉහත සඳහන් ලෙස ගැටලුවක් පැන නැගී ඇති බවට හෝ ඒ සම්බන්ධයෙන් අමතර ලකුණු හිමි වන බවට හෝ ලකුණු මට්ටම් ව වෙනසක් ඇති වී බවට දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කළ ත්, එවැනි නිවේදනයක් එම අමාත්‍යාංශය විසින් නිකුත් කර නොතිබුණි. අප මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එය අසත්‍ය තොරතුරක් බව ත්, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ය.

    එම අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

    මේ පැහැදිලි කිරීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ නිල සමජ මාධ්‍ය ඔස්සේ ද පළවී තිබුනේ මෙලෙසින්.

    ඇතැම් විද්‍යා විෂය ගුරුවරුන් මෙවර ප්‍රශ්න පත්‍රය පිළිබඳ දැක්වූ අදහස්

    මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂය පරිබාහිරව සැකසී ඇත්දැයි යන්න පිළිබඳ අප විද්‍යාව විෂය ඉගැන්වූ ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, විෂය කරුණු වලින් පරිබාහිරව කිසිදු ප්‍රශ්නයක් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් නොවී ඇති බවයි.

    සාමාන්‍යයෙන් වෙනදාට සකසන විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රයට සමගාමීව මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය සුළු වශයෙන් සංකීර්ණ බව ත්, ඊට හේතුව වන්නේ, විද්‍යා ප්‍රශ්න පත්‍රය සකසන මහචාර්ය ගමගේ මහතා බව ත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඔහුගේ දරුවෙකු මුහුණ දෙන බැවින් ඔහු මෙවර ප්‍රශ්න පත්‍රය සාදා නොමැති බවයි. පෙර සැදූ විද්‍යා ප්‍රශ්න පත්‍ර ආකෘතියට මෙන් අනුමාන ප්‍රශ්න සඳහා සිසුන් සූදානම් ව යන බැවින් මෙලෙසින් එම සිසුන්ට විද්‍යා ප්‍රශ්න පත්‍රය අමාරු බවට ඔවුන් විසින් පවසා ඇති බවයි එම ගුරුවරු පෙන්වා දුන්නේ.

    කෙසේනමුත් මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කිසිදු ගැටලුවක් නොමැති අතර විෂය නිර්දේශය ට අදාළව ප්‍රශ්න පත්‍රය සකසා ඇති බව ත්, දරුවන් රොබෝලා මෙන් ප්‍රශ්න පත්‍ර කට පාඩම් නොකොට ගැටළු නිරාකරණය කරමින් පිළිතුරු සැපයීම සඳහා මෙවර  විද්‍යාව ප්‍රශ්න පත්‍රය හොද පිලියමක් වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    අපොස සාමාන්‍ය පෙළ ලබන මාර්තු 26 වනදා දක්වා දින 09ක් පුරා විභාගය පැවැත්වෙන බව අතර මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් හාරලක්ෂ හැත්තෑහතර දහස් එකසිය හතලිස් හත් දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

    සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අනූ අට දහස් එකසිය අසූ දෙදෙනෙකු පෙනී සිටින අතර පෞද්ගලික අයදුම්කරුවන් හැත්තෑපන්දහස් නවසිය හැටපස් දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

    විභාග මධ්‍යස්ථාන තුන්දහස් හයසිය හැට තුනකදී විභාගය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය නිල නිවේදනයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වූ 2024 (2025) මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බැවින් විද්‍යාව විශය සඳහා මුහුණ දුන් සියලු සිසුන් සඳහා අමතර ලකුණු 8 හිමිවන අතර, මෙවර S සාමාර්ථය ලකුණු 25 ද, C සාමාර්ථය ලකුණු 40 ද, B සාමාර්ථය ලකුණු 55 හා ලකුණු 65 වැඩි සියලුම දෙනාට A සාමාර්ථයක් හිමි වන බවට පළ වූ සටහන් අසත්‍ය බව ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.