Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: භාග්‍යා අබේරත්නට අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-03-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සිංහරාජ රක්ෂිත මායිමේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කිරීම මගින් පරිසර විනාශයක් සිදුවන බවට සිරස ලක්ෂපති වැඩසටහන අතරතුරදී පැවසූ භාග්‍යා අබේරත්න නම් තරුණිය හේතුවෙන් වන සංහාර පිළිබඳ සමාජයේ පැවති කතිකාවත නැවත වරක් වර්ධනය වී තිබුණා. ඇතැම් පිරිස් ඇයගේ නිර්භීත කම අගය

    සිංහරාජ රක්ෂිත මායිමේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කිරීම මගින් පරිසර විනාශයක් සිදුවන බවට සිරස ලක්ෂපති වැඩසටහන අතරතුරදී පැවසූ භාග්‍යා අබේරත්න නම් තරුණිය හේතුවෙන් වන සංහාර පිළිබඳ සමාජයේ පැවති කතිකාවත නැවත වරක් වර්ධනය වී තිබුණා.

    ඇතැම් පිරිස් ඇයගේ නිර්භීත කම අගය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් ඉදිරිපත් කළත්, ඇතම් පිරිස් ඇයව විවේචනය කරමින් අසත්‍ය පතුරමින් ඇතැම් විට ඡායාරූප සංස්කරණය කරමින් ඇයව විවේචනය කරනු ලැබුවා. එවැනි උපහාසාත්මක කෝණවලින් සංස්කරණය කරන ලද ඡායාරූප පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන්:

    “අපි හම්බකලොත් අපි කනවා සංසදය” නමින් සඳහන් ෆේස්බුක් පිටුවක Yamith Chandrasiri නමැත්තෙකු පළ කළ සටහනක ඡායාරූපයේ දැක් වූණේ, භාග්‍යා අබේරත්න වසරේ හොඳම රඟපෑම වෙනු‍වෙන් “PEOPLES AWARDS 2021” සම්මානය පිරිනැමෙන බවයි. එම ඡායාරූපය පහතින් දක්වා තිබේ.

    Facebook | Archived Link

    “Yakanews” නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, “යූ.ඇන්.පී, ජේපි වහලුනේ… මෙන්න උඹලගේ පරිසර හිතකාමී ස්වාධීන භාග්‍යා” යනුවෙන් සඳහන් කරමින් භාග්‍යා අබේරත්න තරුණියගේ ඡායාරූපයක් බව හැඟවෙන ඡායාරුපයක් පළකර තිබුනා. එම ඡායාරූපයේ සිටින තරුණියන් තිදෙනා ජවිපෙ නායක අනුරකුමාර දිසානායකගේ රුව රැගත් පුවත්පත් හා අත්පත්‍රිකාවක් ප්‍රදර්ශනය කරමින් සිටින ඡායාරූපයක වම් කෙළවර සිටින තරුණිය භාග්‍යා තරුණිය ලෙස හැඟවීමට උත්සහ දරා තිබේ.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් පළමු ඡායාරූපයෙහි දැක්වෙන්නේ රඹුක ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයේදී අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා අතින් භාග්‍යා තරුණියට වෙත උපහාර ලෙස සම්මානයක් ලබා දුන් අවස්ථාවයි. එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන ඔශානි උමංගා හපුආරච්චි මහත්මියද සහභාගී වී තිබු අතර ඇයද එම ඡායාරූපයේ සිටිනවා ඔබට දැකගන්නට පුළුවන්. එම අවස්ථාව සම්බන්ධයෙන් ඇයගේ ෆේස්බුක් පිටුවේ දක්වා තිබුනේ මෙලෙසිනි. 

    එම අවස්ථාවේ සංස්කරණය නොකරන ලද සත්‍ය ඡායාරූපය පහතින් දක්වා තිබේ. එහිදී භාග්‍යා අබේරත්න අතැතිව ඇත්තේ ඇයගේ ක්‍රියාව ඇගයීමට ලබා දුන් සම්මානය සහිත ඡායාරූපයයි.

    Facebook | Archived Link

    සංස්කරණය කරන ලද සහ සත්‍ය ඡායරුපයේ සංසන්දනයක් පහතින්.

    එමෙන්ම ඉහත සඳහන් දෙවන සටහනේ භාග්‍යා අබේරත්න තරුණිය බවට හැඟවීමට යොදා ගෙන ඇත්තේ වෙනත් තරුණියකගේ ඡායාරූපයක් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී භාග්‍යා අබේරත්න තරුණිය පැවසුවා.

    ඇයගේ ඡායාරූපයක් හා භාග්‍යා බවට හැඟවීමට භාවිතා කළ ඡායාරූපය, මෑතක දී ලබාගෙන තිබු ඇයගේ ඡායාරුප සමඟ සංසදනය කළ විට එම ඡායාරූපය සඳහා යොදාගෙන ඇත්තේ වෙනත් තරුණියක් බව ද පෙනී යයි. 

    එම සංසන්දනය පහතින්

    එම මුහුණු දෙකෙහි තාක්ෂණික පරීක්ෂාවක දී ද ඒවා වෙනස් මුහුණු දෙකක් බවට අනාවරණය විය. භාග්‍යා අබේරත්න ජවිපෙ සාමාජිකාවක් හෝ ජවිපෙ සැලැස්මකට අනුව ක්‍රියාකරන තරුණියක් බවට හැඟවීමට මෙම උත්සහය දරා ඇති බව ද පෙනී යනවා.

    Conclusion (අවසාන නිගමනය)

    එ් අනුව පැහැදිලි වන්නේ, භාග්‍යා අබේරත්න තරුණියට අපහාස කිරීමේ අරමුණින් මෙවන් අසත්‍ය හා සංස්කරණය කරන ලද ඡායාරූප යොදා ඇති බවයි. 

    භාග්‍යා අබේරත්න ඇගයීමට සම්මානයක් ලබා දුන් අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් උපහාසාත්මක කෝණයකින් සංස්කරණ කරමින් හා වෙනත් තරුණියකගේ ඡායාරුපයක් යොදා ගමිනින් එහි සිටින්නේ භාග්‍යා අබේරත්න බවත් ඇය ජ.වි.පෙ න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියා කරන බවත් පෙන්වීමට ඉහත සමාජ මාධ්‍ය සටහන් මඟින් උත්සාහ දරා තිබු බව පෙනී යනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.