Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තමන් ඩයනා කුමරිය වගේ යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කළා ද?

    2024-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගල චරිත පාදක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගල චරිත පාදක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වනවා අප දුටුවා. එබැවින් ඒ පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):  

    මේ දිනවල සමාජ මාධ්‍යය තුළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඇය ඩයනා කුමාරිය වගේ යනුවෙන් බොහෝදෙනා  පවසනවා යනුවෙන් ප්‍රකාශයක් සිදුකළ බවට හැඟවෙන සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    FB|Archive

    තවත් එවැනි සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙ අයුරිනි.

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවන් ප්‍රකාශයක් සිදුකළා ද? අප මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කළා.

    Explainer (කරුණු පැහැදිලි කිරීම)  :

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් “මම ඩයනා කුමාරිය වගේ කියලා ගොඩක් අය කියනවා” යනුවෙන් සිදු කළ ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමක් සිදුකර තිබේද යන්න අප සොයා බැලීමක් කළා. නමුත් එහිදී අපට කිසිඳු ප්‍රධාන මාධ්‍යයක් තුළ අග්‍රාමාත්‍යවරිය විසින් එවැනි ප්‍රකාශයක් සිදුකළා යනුවෙන් කිසිඳු වාර්තා කිරීමක් සිදුකර ඇති ආකාරයක් දැකගත නොහැකි විය.

    අනතුරුව අප විසින් සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් එවැනි ප්‍රකාශයක් සිදුකරන වීඩියෝවක් තිබේද යන්න සොයා බැලීමක් කළා. නමුත් අග්‍රාමාත්‍යවරිය විසින් කිසිඳු ස්ථානයකදී එවන් ප්‍රකාශයක් සිදුකරන ලද වීඩියෝවක් අපට දැකගත නොහැකි විය.

    නමුත් අග්‍රාමාත්‍යවරිය විසින් තමන් ඩයනා කුමාරිය වගේ යනුවෙන් ප්‍රකාශයක් සිදු කළ බව Sisi Tv නම් යූ ටියුබ් නාලිකාවක සිසිර සී විතාන නම් පුද්ගලයෙක් විසින් ප්‍රකාශ කරන ආකාරයක් දැක්වෙන වීඩියෝවක් අපට දැකගත හැකි වුණා. නමුත් එම වීඩියෝව තුළ ද කිසිඳු ස්ථානයක අග්‍රාමාත්‍යවරිය විසින් එවන් ප්‍රකාශයක් සිදුකරනු ලබන වීඩියෝවක් ඔස්සේ එය තහවුරු කිරීමක් සිදුකර තිබුණේ නෑ. 

    එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් පරීක්ෂා කර බැලීමේදී අපට දැකගත හැකි වුණේ, ඇතැම් පිරිස් අග්‍රාමාත්‍යවරිය කුඩා දරුවෙක් ඇයට බුලත් දී පිළිගන්නා අවස්ථාවක ඇය එම දැරිය ඉදිරියේ නැවී කතා කරන ආකරයක් දැක්වෙන පින්තූරයක් සහ ඩයනා කුමරිය ද එලෙස කුඩා දරුවෙක් ඉදිරියේ නැවී කතා කරන ආකාරය දැක්වෙන පින්තූර දෙකක් සංසන්දනය කරමින් සමාජ මාධ්‍ය සටහන් ලියා ඇති ආකාරයයි.

    Fb|Archived 

    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජිතා බස්නායක

    අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් තමන් ඩයනා කුමරිය වගේ යනුවෙන් බොහෝදෙනා පවසනවා යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබේද යන්න, අප අග්‍රාමාත්‍ය මාධ්‍ය ලෙකම් විජිතා බස්නායක මහත්මියගෙන් විමසීමක් කළා. එහිදී ඇය පැවසුවේ අග්‍රාමත්‍යවරිය විසින් කිසිඳු ස්ථානයක එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එසේ ප්‍රකාශයක් සිදු කළේනම් ඊට අදාළ වීඩියෝ පවතින බවත්, නමුත් එවන් වීඩියෝවක්වත් නොමැති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරිය අප වෙත පැවසුවා. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අග්‍රාමාත්‍යවරිය වෙත විවිධ අසත්‍ය චෝදනා කරමින් මඩ ප්‍රචාර බොහෝදෙනා සිදුකරන බවයි.

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද අප මේ පිළිබඳව විමසීමක් කළා. එහිදී ඔවුන් පැවසුවේ අග්‍රාමාත්‍යවරිය සහ ඩයනා කුමරියගේ පින්තූර දෙකක් ඔස්සේ මෙවැනි ප්‍රචාරයක් ගෙනයන බවයි. නමුත් අග්‍රාමාත්‍යවරිය විසින් එවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන බවත් ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය අප වෙත පැවසුවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එවන් ප්‍රකාශයක් සිදුකරන කිසිඳු වීඩියෝවක් නොමැති බවත් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පමණක් මෙවන් ප්‍රචාරයක් සිදුකරන බවත් ය.

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව ඉහත විමර්ශනය ඔස්සේ පැහැදිලි වන්නේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් තමන් ඩයනා කුමරිය වගේ යනුවෙන් බොහෝ දෙනා පවසනවා ලෙස ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරිය සහ ඩයනා කුමරිය සංසන්දනය කරමින් සිදුකරන සටහන් ද පාදක කරගනිමින් මෙවන් අසත්‍ය ප්‍රචාරයක් ඔස්සේ හරිනි අමරසූරිය මහත්මියට අපහාස කිරීමක් සිදුකරන බව පැහැදිලි වේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.