දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ 2026 සැප්තැම්බර් 04 වැනිදා අත්අඩංගුවට ගැනීමත් සමඟ, ප්රභල දෙමළ දේශපාලන නායකයන් රහසිගතව රාජපක්ෂ පවුල පිටුපස පෙළ ගැසෙමින් සිටින බවට හඟවමින් සමාජ මාධ්ය සටහ් සමාජ මාධ්ය තුළ සංසරණය විය. නාමල්ට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම්.ඒ. සුමන්තිරන් සහ ඉරා. චානක්යන් හදිසියේම මහින්ද රාජපක්ෂ හමු වූ බවත්, සිරභාරයේ පසුවන නාමල් වෙනුවෙන් සියලු දෙමළ ජනතාව හඬ නැගිය යුතු බව මනෝ ගනේෂන් ප්රකාශ කළ බව ත්, සඳහන් කරමින් ඇතැම් සමාජ මාධ්ය සටහන් පළ විය. එම සටහන් වල නිර්වද්යතාව පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
Claim 1:
සුමන්තිරන් සහ චානක්යන් මහින්ද හමු වූ බව
අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් සහ ඉරා. චානක්යන් හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ බවට දෙමළ මාධ්ය සමාජ මාධ්ය පරිශීලකයින් අතර හුවමාරු වූ සමාජ මාධ්ය සටහනයි මේ.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
සුමන්තිරන් සහ චානක්යන් නාමල්ගේ ඇප ගැන සාකච්ඡා කිරීමට මහින්ද හමු වී නැත
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් පසු දින වූ සෙනසුරාදා, දෙමළ ජාතික සන්ධානයේ ප්රධාන ලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පාර්ලිමේන්තු මන්ත්රී ඉරා. චානක්යන් යන දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූයේ නම්, ඒ පිළිබඳ ප්රධාන ධාරාවේ මාධ්යවල පුවත් පළ වන්නට තිබුණි. එහෙත් අප සිදු කළ විමර්ශනයේදී එවැනි කිසිදු පුවතක් පළ වී නොමැති බව දැක ගන්නට ලැබේ.
තවද, පාර්ලිමේන්තු මන්ත්රී චානක්යන් සහ දෙමළ අරසු පක්ෂයේ ප්රධාන ලේකම්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහින්ද රාජපක්ෂ හමු වූ බවට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල කිසිදු සටහනක් පළ කර තිබේ දැයි අප පරීක්ෂා කළ ද, එවැනි කිසිවක් හමු නොවීය.
ප්රාදේශීය මාධ්යවේදීන්ට ද එවැනි හමුවක් ගැන කිසිදු තොරතුරක් නැත
මෙවැනි හමුවක් සිදු වූයේ දැයි දැන ගැනීමට අප යාපනය, මඩකලපුව සහ කොළඹ යන ප්රදේශවල මාධ්යවේදීන් සම්බන්ධ කර ගෙන විමසූ විට, එවැනි හමුවක් සැබැවින්ම සිදු වී තිබුණේ නම් ප්රාදේශීය මාධ්යවේදීන් වන තමන්ට ඒ පිළිබඳ තොරතුරු ලැබෙන බව ත්, නමුත් එවැනි කිසිදු තොරතුරක් නොලැබුණු බව ඔවුන් තහවුරු කළා.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්රී චානක්යන්ගෙන් ද, විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, සමාජ මාධ්ය තුළ පැතිරෙන මෙම තොරතුර මුළුමනින්ම අසත්ය බව ත්, නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් දින සිට මේ දක්වා තමන් මඩකලපුවේම රැඳී සිටින බව ත් ඔහු සඳහන් කළා. එමෙන්ම, මෙම අත්අඩංගුවට ගැනීම හෝ නාමල් රාජපක්ෂට ඇප ලබා දීම සම්බන්ධයෙන් තමන්ට හෝ සුමන්තිරන්ට හෝ දෙමළ අරසු පක්ෂයට සාකච්ඡා කළ යුතු කිසිදු අවශ්යතාවක් නොමැති බව ද ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම, එම්.ඒ. සුමන්තිරන් මේ දිනවල අධිකරණ නඩු කටයුතුවල නිරත වී සිටින බැවින් ඔහු සම්බන්ධ කර ගැනීම තරමක් අපහසු බව පැවසූ චානක්යන්, ඉහත පණිවිඩයේ සඳහන් පරිදි සුමන්තිරන් ද මහින්ද රාජපක්ෂ හමු වී නොමැති බව තහවුරු කළා.
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්ය ප්රකාශකද එවැනි හමුවක් සිදු නොවූ බව තහවුරු කරයි
ඉහත සමාජ මාධ්ය පණිවිඩයේ සඳහන් පරිදි, දෙමළ අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී චානක්යන් සහ නීතිඥ එම්.ඒ. සුමන්තිරන් යන දෙදෙනා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූයේ දැයි අප විමසූ විට, එවැනි කිසිදු හමුවක් සිදු වී නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළා.
මෙම හමුව බවට දක්වා තිබූ ඡායාරූපය 2024 ඡායාරූපයක්
අදාළ සමාජ මාධ්ය පණිවිඩය සමඟ බෙදාහදා ගෙන තිබූ ඡායාරූපය පිළිබඳ අප පරීක්ෂා කළ විට, එය 2024 පෙබරවාරි මාසයේදී සුමන්තිරන්ගේ මව අභාවප්රාප්ත වීමෙන් පසු, ඇයට ශෝකය ප්රකාශ කිරීම සඳහා මහින්ද රාජපක්ෂ දෙහිවල ප්රදේශයේ පිහිටි සුමන්තිරන්ගේ නිවසට ගිය අවස්ථාවේ ගන්නා ලද්දක් බව දැක ගන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.
මහින්ද සහ දෙමළ ජාතික සන්ධානය අතර මීට පෙර පැවති හමුවීම්
2022 වසරේදී, මඩකලපුව ශික්ෂණ රෝහලේ හෘද රෝග අංශය සඳහා වූ ඇන්ජියෝග්රෑම් යන්ත්රය ඇතුළු උපකරණ සම්බන්ධයෙන්, ඉරා. චානක්යන් සහ එම්.ඒ. සුමන්තිරන් යන දෙදෙනා එවකට අගමැති ව සිටි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හමු වී සාකච්ඡා කළ බවට පුවත් පළ වී තිබුණි. එම හමුවේදී මඩකලපුව රෝහල සම්බන්ධ කරුණු සාකච්ඡා කර ඇත.
2022 මාර්තු මාසයේදී පැවති දෙමළ ජාතික සන්ධානය සහ එවකට රජය අතර සාකච්ඡාවට, එම්.ඒ. සුමන්තිරන් සහ චානක්යන් රාසමානික්කම් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු සහභාගී වූ බවට දිනකරන් පුවත්පතේ පළ වී තිබුණි. එසේම, Daily FT පළ කළ පුවතේ ද සුමන්තිරන් සහ චානක්යන් ඇතුළු දෙමළ මන්ත්රීවරුන් රජය සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වූ බව සඳහන් ව තිබුණි. එම සාකච්ඡාවලදී ඉඩම්, රැඳවියන්, අතුරුදහන් වූවන් සහ ව්යවස්ථාව ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබූ බව වාර්තා විය.
එහෙත් මේවා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වසර ගණනාවකට පෙර පැවති, ඊට කිසිසේත් සම්බන්ධ නොවන දේශපාලන හමුවීම් වේ.
Claim 2:
නාමල් වෙනුවෙන් හඬ නගන්නැයි මනෝ ගනේෂන්ගෙන් ඉල්ලීම
ජනාධිපති අනුර කුමාර දිසානායක රජයේ කුමන්ත්රණයක් හේතුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සිරගතව සිටින බවත්, ඔහු වෙනුවෙන් සියලු දෙමළ ජනතාව හඬ නැගිය යුතු බවත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් ප්රකාශ කළ බවට සටහනක් සමාජ මාධ්ය තුළ සංසරණය වුණා.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
නාමල් වෙනුවෙන් හඬ නගන්නැයි මනෝ ගනේෂන් කිසිදු ප්රකාශයක් කර නැත
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඉහත සමාජ මාධ්ය පණිවිඩයේ සඳහන් ආකාරයේ අදහසක් මනෝ ගනේෂන් සැබැවින්ම ප්රකාශ කර තිබුණේ නම්, ඒ පිළිබඳ ප්රධාන ධාරාවේ මාධ්යවල පුවත් පළ වන්නට තිබුණි. එහෙත් අප සිදු කළ විමර්ශනයේදී එවැනි කිසිදු පුවතක් පළ වී නොතිබුණි.
තවද, තමන් සම්බන්ධයෙන් අසත්ය පුවත් පැතිරෙන බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර ඇති බව ද, නිරීක්ෂණය විය.
සමාජ මාධ්ය තුළ පැතිරෙන මෙම තොරතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීමට අප පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්ගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම සටහන් මුළුමනින්ම අසත්ය බව ත්, ලන්ඩන් දුරකතන අංකයකින් මෙම ව්යාජ ෆේස්බුක් පිටුව නිර්මාණය කර මෙවැනි ව්යාජ පුවත් පතුරුවන බවයි. තමන් ඇතුළු තවත් මන්ත්රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද මෙම පිටුවේ ව්යාජ පුවත් පළ කරන බව මනෝ ගනේෂන් වැඩි දුරටත් පවසා තිබුණා.
අපගේ සමාජ මාධ්ය පිටු අනුගමනය කරන්න.
Facebook Page | Twitter Page | Instagram | Google News Channel | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමරයෙන් පැහැදිලි වන්නේ, නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වටා දෙමළ දේශපාලන නායකයන් රාජපක්ෂ පවුල සමඟ එක් වී ඇතැයි හඟවමින් සමාජ මාධ්ය තුළ පැතිරුණු ප්රකාශ දෙකම අසත්ය බවයි. එනම්, සුමන්තිරන් සහ චානක්යන් නාමල්ගේ ඇප සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හමු වූ බවට පැතිරුණු පණිවිඩය මෙන්ම, නාමල් වෙනුවෙන් හඬ නගන්නැයි මනෝ ගනේෂන් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කළ බවට පැතිරුණු තොරතුරු අසත්ය වේෙ. පළමු ප්රකාශය සම්බන්ධයෙන් එවැනි හමුවක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්රී ඉරා. චානක්යන් සහ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝජ් කමගේ තහවුරු කළ අතර, පණිවිඩය සමඟ පැතිරුණු ඡායාරූපය ද 2024 වසරේ ඡායාරූපයක් වේ.. දෙවන ප්රකාශය තමන් විසින් සිදු නොකළ බව ත්, එය ලන්ඩනයේ සිට මෙහෙයවෙන ව්යාජ ෆේස්බුක් පිටුවක නිර්මාණයක් බවත් මනෝ ගනේෂන් විසින්ම තහවුරු කර ඇත.



