Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව Subscribe මිලියන 10 පසු කළා ද?

    2025-04-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චරිත් එන්. සිල්වාගේ ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව මේ වන විට Subscribe මිලියන 10 පසුකර යූ ටියුබ් වෙතින් පිරිනමන Diamond Play Button දිනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දිනවල  ‘Wild Cook Book’

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    චරිත් එන්. සිල්වාගේ ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව මේ වන විට Subscribe මිලියන 10 පසුකර යූ ටියුබ් වෙතින් පිරිනමන Diamond Play Button දිනාගෙන තිබෙනවා. ඒ අනුව මේ දිනවල  ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව සහ එහි එහි හිමිකරු චරිත් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක්ව තිබෙනවා. 

    එවැනි පසුබිමක මීට කලකට පෙර ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාවේ හිමි කාරිනිය විසින්  ‘Wild Cook Book’ යූ ටියුබ් නාලිකාව වෙත සිදුකළ යම් යම් චෝදනා සම්බන්ධයෙන් නැවත සමාජ මාධ්‍ය තුළ උපහාසාත්මක ලෙස ඇතැම් පිරිස් අදහස් දක්වා තිබුණා. මේ අතර ‘ අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව ද Subscribe මිලියන 10 පසු කළ බවට දක්වමින් සුබ පැතුම් එක් කරමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී තිබූ බැවින් මෙහි සත්‍යතාව සොයා අප කරුණු විමර්ශණයක් සිදුකළා. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media):

    Update : 09/08/25

    Wild Cookbook යූටියුබ් නාලිකාවට ඩයමන්ඩ් ප්ලේ බට්න් එක ලැබීමට මිලියනේ දහයේ අභියස ඇති බව ට දක්වමින් සටහනක් මෑතකදී සංසරණය වී තිබුණා.

    Fact check : චරිත් විසින් මෙම බිලියන කඩඉම පසුකරේ පසුගිය මාර්තු මසදී වන අතර ඩයමන්ඩ් ප්ලේ බට්න් එක ඔහු වෙත පැමිණ තිබුණේ පසුගිය අගෝස්තු මසයි. එම අවස්ථාවේ වීඩියෝවක් චරිත් විසින් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

    “හදවතින් ම සතුටුයි”

    “මෑතකදී ගැරහුම් ලැබුවත් තමන්ගේ රට ජාත්‍යන්තරයේ බබළවන්න පුළුවන් වුණ එකට හදවතින් ම සතුටුයි. ඉතින් අපි රටක් වශයෙන් සතුටු නොවිය යුතු ද? ඔබට සුබ පැතුම ලැබූ ජයට”

    යනුවෙන් සඳහන් කරමින් “අපේ අම්මා” යූ ටියුබ් නාලිකාව Subscribe මිලියන 10.4ක්  ලබාගෙන ඇති බවට සඳහන් ඡායාරූපයක් ද සහිතව සටහනක් පළ කර තිබුණේ මෙලෙසින්.

    Fb | Archive

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් Subscribe මිලියන 10 පසුකර  Diamond Play Button දිනාගත්  පළමු අවස්ථාව Wild Cookbook යූ ටියුබ් නාලිකාව හිමිකරගෙන ඇති නමුත්, තවත් යූ ටියුබ් නාලිකා Subscribe  මිලියන 10 පසු කළේ නම් එය අනිවාර්යෙන් ම වාර්තා වනු ඇත.

    කෙසේ වෙතත් ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව මෙලෙස  Subscribe  මිලියන 10 පසු කළ බවට වාර්තා නොවූ බැවින් අප එම යූ ටියුබ් නාලිකාව පරීක්ෂා කර බැලුවා. ඒ අනුව එම නාලිකාවේ Subscribe ප්‍රමාණය මිලියන 3.31 පමණක් මේ වන විට හිමිකරගෙන තිබෙන බව දැකගත හැකි ය.

    ඒ අනුව ‘ අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව මේ වන විට වීඩියෝ 2400ක් පළ කර ඇති අතර Subscribe මිලියන 3ක් පමණක් පසුකර ඇති බව තහවුරු වනවා.

    ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව

    2016.12.21 ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව ආරම්භ කර ඇති අතර රජයේ විශ්‍රාමික ගුරුවරියක් විසින් එය පවත්වාගෙන යනු ලබනවා. ඉවුම් පිහුම් සම්බන්ධයෙන් අධ්‍යාපනික නාලිකාවක් ලෙස ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාව මෙරට බොහෝ ජනප්‍රියත්වයට පත්විය. එම ආහාර පිසින කලාව තුළ සෞඛ්‍ය සම්පන්නව එම කාර්ය සිදුකරන ආකාරය, ආහාර පිසීමේදී අනුගනමනය කළ යුතු විවිධ තාක්ෂණික ක්‍රම, ආදිය අධ්‍යාපනික වැඩසටනක් ලෙස මෙම යූ ටියුබ් නාලිකාව ඔස්සේ මෙරට ජනතාව වෙත ලබාදීම සිදුවනවා. 

    එපමණක් නොව ස්වයං රැකියා කිරීමට අපේක්ෂා කරන පිරිස් සඳහා ද මෙම යූ ටියුබ් නාලිකාව ඔස්සේ මහඟු මඟ පෙන්වීමක් සිදුකරනු ලබනවා.

    ශ්‍රී ලංකාවේ 12 වන ස්ථානයට වැඩිම සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණයක් සහිත යූ ටියුබ් නාලිකාව වන්නේ ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාවයි.

    ශ්‍රී ලංකාවේ වැඩිම Subscribe ප්‍රමාණයක් සහිත යූ ටියුබ් නාලිකා

    ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබස් ප්‍රමාණයක් හිමි යූ ටියුබ් නාලිකාව වන්නේ, Wild Cookbook නාලිකාවයි. 

    ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු Diamond Play Button එක Wild Cookbook යූ ටියුබ් නාලිකාවට හට හිමි වනු ඇති.

    වීඩියෝ 602 ක් යූටියුබ්ගත කර තියෙන Wild Cookbook හි මේ වනවිට නැරඹුම් වාර 4,150,000,000 ක් පමණ වෙනවා. එනම්,  නැරඹුම් වාර බිලියන 4 ඉක්මවා තියෙනවා.

    2020 නොවැම්බර් 1 වෙනිදා ආරම්භ කළ මෙම යූ ටියුබ් නාලිකාව අඩුම වීඩියෝ ගණනකින් සබ්ස්ක්‍රයිබර්ස් මිලියන 10 සීමාවට ළඟා වූ චැනල් අතර ඉදිරියෙන් පසුවීම මෙහි විශේෂත්වයයි.

    මෙලෙස ලංකාවේ වැඩිම Subscribe ප්‍රමාණයක් හිමි යූටියුබ් නාලිකාව Wild Cookbook වන අතර ඉන් පසු මෙරට වැඩිම Subscribe ප්‍රමාණයක් හිමි යූටියුබ් නාලිකා පිළිවෙලින් මෙසේ ය.

    RankChannelVideosSubscribersViews
    1Wild Cookbook60410M4.16B
    2TV Derana34.94K5.71M5.53B
    3Sri Lanka Cricket3.47K5.35M1.45B
    4Swarnawahini Tv12.39K4.71M3.72B
    5Hiru TV48.58K4.37M3.02B
    6Cute1.92K4.26M104.34M
    7Yohani3403.86M622.99M
    8Sirasa TV16.08K3.39M2.45B
    9Vini Production1143.32M2.01B
    10Ada Derana144.86K3.29M2.01B

    ලෝකයේ වැඩිම Subscribe ප්‍රමාණයක් සහිත යූ ටියුබ් නාලිකා

    ලෝකයේ වැඩිම Subscribe ප්‍රමාණයක් හිමි යූටියුබ් නාලිකා වන්නේ MrBeast යූ ටියුබ් නාලිකාවයි. අතිශය ජනප්‍රිය ක්‍රීඩා සංදර්ශන ආකාරයේ අන්තර්ගතයන් එහි සමන්විතය.

    ලෝකයේ වැඩිම Subscribe ප්‍රමාණයක් හිමි යූටියුබ් නාලිකා 10 මෙසේ ය.

    RankChannelVideosSubscribersViews
    1MrBeast858380M77.1B
    2T Series22.03K290M291.02B
    3Cocomelon – Nursery Rhymes1.48K191M199.81B
    4SET India153.28K183M175.99B
    5Vlad and Niki877137M104.65B
    6Kids Diana Show1.33K132M112.98B
    7Like Nastya933126M111.16B
    8Stokes Twins355119M20.33B
    9Zee Music Company13.83K116M76.08B
    10PewDeiPei4.81K110M29.51B

    (මූලාශ්‍ර – මෙතනින්, මෙතනින්)

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ, ‘අපේ අම්මා’ යූ ටියුබ් නාලිකාවෙ ග්‍රාහක ප්‍රමාණය(Subscribers) මිලියන 10 ඉක්මවා ඇති බවට පළවන සටහන් අසත්‍ය බවයි. එහි ග්‍රාහක ප්‍රමාණය මේ වනවිට මිලියන 3.31 පමණි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PL

    Piumika Lakshani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-04-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.